Friday, August 29, 2014

ඇස්වහ කටවහ

ඇස්වහ, කටවහ, හෝවහ යන වචන අසන්න පවා අප අකැමැතිය. ඒ තරමටම ගුප්ත විද්‍යාව විසින් මේවා පිළිබඳ දීර්ඝ වූත් බියජනක වූත් විවරණ අප මනසට කාවද්දා ඇත. මිනිසා, සතා සිවුපාවා, ගහවැල, ගේ ‍ෙදාර, යාන වාහන ආදී අජීවී සියලු වස්තු මේ ත්‍රිවිධ දෝෂයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අප කරන්නා වූ පිළියම් අපමණය. අසවලා ළඟ බොහෝ ඇස්වහ ඇති බවත් අසවලා ළඟ බොහෝ කටවහ ඇති බවත් පුරාණේ ඇත්තෝ සිය අත්දැකීමෙන් දත්හ. ඒ නිසාම මෙම දෝෂ සහිත පුද්ගලයන් දක්නට පවා කවුරුත් කැමැති නැත.

හොඳින් හඳුනා ගත හැකි මෙවන් "වහදෝෂ සහිත පුද්ගලයන් බිහි වන්නේ දහසකට එක් අයකු පමණි. අවශේෂ වශයෙන් සෑම පුද්ගලයකු ළඟම මෙවන් දෝෂ තත්ත්ව පැවැතීමට පුළුවන. අධිකතර වහදෝෂ ඇත්තෝ "සමාජ පිළිල" ලෙස සලකන්න ඇතැම්හු උත්සාහ දරති. දරුවකු උපදින විට පෙරුම්කායම් බැඳ රත් මලින් නහවා මොට්ටු තබා මුහුණ අවලස්සන වීම, විවිධ ලකුණු තබන්නේද පල සපිරි ගහ වැලට පිරිත් පැන් ඉස බාරහාර වී පඹයන් අඹා මිනිස් ඇසින් ආවරණ කොට තබන්නේද අලුතින් ඉදිවන ගේ ‍ෙදාර බලි රූප ඇඳ විවිධ වැකිවලින් සරසන්නේද අන් දෙයක් නිසා නොව මේ වහ දෝෂවලින් බේරා ගැනීම සඳහාය. මේ ත්‍රිවිධ වහ දෝෂයන්ගෙන් බේරීමට චිරාත් කාලයක සිට ලෝකයේ බොහෝ දෙනා අද දක්වාම විවිධ ප්‍රතිකර්ම කරති.

රසායනික සංඥාවක්
නූතන තාක්‍ෂණික විද්‍යාඥයන් විසින් ලෝක විෂය පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කරයි. එසේ නමුත් ඇස්වහ, කටවහ, හෝවහ නමින් හඳුන්වන ත්‍රිවිධ "වහ" දෝෂයන්ගේ විද්‍යාත්මක සත්‍ය කුමක්දැයි මේ දක්වා හඳුනාගෙන නැත. විවිධ ජීවීන් යොදා ගනිමින් ඔවුන් නිකුත් කරන රසායනික සංඥා පිළිබඳ ලොව පුරා බොහෝ ජීව විද්‍යාඥයෝ් පර්යේෂණ පවත්වති. එසේම ඒවා හරහා යම් යම් නිගමනද ලොවට හෙළිකරති. එසේ නමුත් මිනිසා එවැනි රසායනික සංඥා නිකුත් කරන්නේද යන්න තවමත් ලොවට හෙළි වී නැති අබිරහසකි. සැබැවින්ම මිනිසා එවැනි රසායනික සංඥා නිකුත් කරන්නේද ගවේෂණය කිරීමේදී ගුප්ත විද්‍යාව තුළ සැඟවුණු ප්‍රබල රසායනික සංඥා ත්‍රිත්වයක් හඳුනා ගතිමි.

ඒ මා විසින් යට දක්වන ලද ඇස්වහ, කටවහ, හෝවහ යන ත්‍රිවිධ දෝෂය. මේවා මිනිසා විසින් විශ්වයට මුදා හරින ප්‍රබල විස සහිත රසායනික සංඥා විශේෂයක් වන අතර මීට අමතරව වලහගිනි, අඬවැඩියා ආදී වහ දෝෂද රසායනික සංඥා ලෙස මිනිසා විසින් නිකුත් කරයි. කිසියම් සත්ත්වයකු තමන්ගේ එක් ඉන්ද්‍රියක් පමණක් උපයෝගී කොට ගෙන එක් අරමුණක් උදෙසා තම රසායනික සංඥාව නිකුත් කරයි. නිදසුනක් ලෙස වවුලා නිකුත් කරන්නේ ශබ්දය කරණකොටගත් රසායනික ධ්වනි සංඥාවකි. Fabre හා කීට විද්‍යාඥ J. A. Linter විසින් අවුරුදු කිහිපයක් සලබයන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලදී. එහිදී ඔවුහු අපූරු නිගමනයක් ලොවට හෙළි කළහ. එනම් ගැහැනු සලබයන් තම පිරිමි සලබයා ගෙන්වා ගැනීමට 10km පමණ දුරට රසායනික සංඥා නිකුත් කරන බවයි. මේ අදී වශයෙන් සත්ත්ව ලෝකයේ විවිධ සතුන් පිළිබඳවත් ඔවුන්ගේ රසායනික සංඥා පිළිබඳත් තතු ලොවට හෙළි වෙද්දී මිනිසා පිළිබඳ ඔවුන් නොසලකා හැරියේ මන්ද?

සාහති්‍යකරුවාගේ මතය
පැරැණි සාහිත්‍යයකරුවා විසින් මිනිසා කෙරෙන් නික්මෙන රසායනික සංඥා පිළිබඳ දුටු අයුරු අපූරුය.
කුරිරු ගොර සපුන්ගේ දළ'ගෙහි විසය
මදුරු මැසි කැලැන්ගේ තුඩ'ගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වල'ගෙහි විසය
නපුරු දුදන්ගේ සියොළ'ඟෙහිම විසය
(සුභාෂිතය - අලගියවන්න මුකවෙටිතුමා)

මේ කවිය මැනැවින් අධ්‍යයනය කරන කල්හි මා විසින් යට දක්වන ලද මතය මැනැවින් ස්ඵුට නොවේද? නපුරු සිත් ඇති මිනිසුන්ගේ සර්වාංගයෙන්ම ප්‍රබල විස සහිත රසායනික සංඥා නිකුත් වන බව කියන්න හොඳම නිදසුන මෙය නොවේද "නානත්ථ කායා, නානත්ථ සංඥා" යන බුදු වදන වචනාර්ථයෙන් නොව ගැඹුරින් විමසා බැලූ කල මේ විද්‍යාත්මක සත්‍ය අපට මැනවින් පසක් වේ. නානාවිධ කාය ස්වරූප ඇත්තෝ නානාවිධ සංඥා නොහොත් සිතුවිලි දහරා විශ්වයට මුදාහරිති. ඇතමකුගේ රසායනික සංඥා කෙතරම් ප්‍රබලද යත් හිරු සඳු පවා අවනත වූ බව ඉතිහාස ගත සාක්‍ෂිවලින් පෙනේ. වේදබ්භ ජාතකය, කේවඩ්ඩ සූත්‍රය මේවාට කදිම නිදසුන් සපයයි. එපමණක් නොව අපි නූතන ලෝකය දෙසට හැරී බලමු. සිග්මන් ප්‍රොයිඩ්, එඩ්ගා කේසි වැන්නවුන් තම ප්‍රබල රසායනික සංඥා තුළින් අන් අය මෝහනය කිරීම, පෙර භවයන් කියැවීම ඇදී විස්මිත දේ කළහ.

සිත ප්‍රබලයි
මිනිසා විසින් නිකුත් වන රසායනික සංඥා විස සහිත හා රහිත වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. අද අපි විමසා බලනුයේ මිනිසා කෙරෙන් නිකුත් වන විස සහිත ප්‍රබල රසායනික සංඥා මොනවද යන්නයි. අන් සතුන්ට වඩා මිනිසා විසින් නිකුත් කරන රසායනික සංඥා සඳහා ප්‍රබල ලෙස සිත බලපාන බව ඔබට කිවයුතුය. සර් ජගතීස් චන්ද්‍රබෝස් නම් මහා ඉන්දියානු විද්‍යාඥයා මිනිසා කෙරෙන් රතු හා නිල් පැහැති රැස් වළල්ලක් විහිදෙන බව ප්‍රකාශ කරයි. එහිදී ප්‍රසන්න වූ සිතුවිලි ඇත්තාගේ සිරුරෙන් නිල් වර්ණය අධික ලෙසත්, දුෂ්ට වූ සිතුවිලි ඇත්තාගේ සිරුරෙන් රතු වර්ණය වැඩි වශයෙනුත් පිට වන බව හෙළි කරයි. (සොබාදහම් ගොවිතැන - තිලක් කන්දේගම) මේ නිගමනයට අනුව මිනිසා සත්‍ය ලෙසම රසායනික සංඥා නිකුත් කරන බව අපට හෙළි වේ. එපමණක් නොව මා මුලින් සඳහන් කළ මනෝ චිකිත්සක එඩ්ගා කේසි විසින් කළු පැහැ රශ්මි දහරා නිකුත් කළ මිනිසුන් පිළිබඳ පරීක්‍ෂණ ගණනාවක් පවත්වා ඇත. එසේම 1901දී චාර්ල්ස් ලිඩ්බීටර් හා ඇනී බෙනසන්ට් මහත්මිය ලියූ Thought Forms කෘතියේද මෙවැනි අඳුරු පැහැ රශ්මි දහරා විහිද වූ මිනිසුන් පිළිබඳ සඳහන් වේ. මේ සියල්ල ගෙන බැලූ කල අපට පැහැදිලි වන්නේ මිනිසා විසින් ප්‍රබල රසායනික සංඥා ගණනාවක් විශ්වයට මුදා හරින බව නොවේද?

ඇස්වහ කාරයෝ
බොහෝ වහදෝෂ ඇති පුද්ගලයෝ වයස් ගතව ඉන්ද්‍රිය දුර්වලතාවලින් පෙළෙන්නෝ වෙති. පංච ඉන්ද්‍රිය සිරුරේ ඉන්ද්‍රිය හතරක්ම අඩපණ වූ කල එක් ඉන්ද්‍රියක් ප්‍රබල ලෙස ශක්තිමත් වේ. එයට හේතුව පෙර කී ඉන්ද්‍රිය හතරේම ශක්තිය විද්‍යුත් චුම්භක ක්‍ෂේත්‍රයන් හරහා නිරෝගී ඉන්ද්‍රිය වෙතට යොමුවීමයි. තවත් සරලව පවසන්නේ නම් යමෙකුගේ කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් දුර්වල වී එහි ශක්තිය ඇස හරහා ගොස් ඇසේ පෙනීම ප්‍රබල කරයි. එහිදී ඇසේ දෘෂ්ටි විතානය, අක්‍ෂි ගෝලය, උත්තල කාචය ප්‍රබල ශක්ති කදම්බයක් බවට පත්වේ. අයහපත් සිතින් එවන් ඇසකින් යමක් දෙස බැලූ කල ප්‍රබල කිරණ ධාරාවක් එකී වස්තුව වෙතට ඇදී යයි. එය ප්‍රබල රසායනික සංඥාවක් බවට පත් වී එම වස්තුව විනාශවී යෑමට වුවද ලක් විය හැකිය. මෙවැනි ඇස් ඇති පුද්ගලයෝ 'ඇස්වහ කාරයෝ' යැයි සමාජය විසින් හඳුනා ගනී. මේ අය යමෙකු දෙස බලූ කල ඔහු රෝගාතුර වී මිය යෑමට පවා බැරි නැත. සරු අස්වැන්නක් හෝ වෙනත් වස්තුවක් දෙස බැලූ කල එය පිලිස්සී, වියළි, ඉරි තැළී යෑමට පවා ඉඩ තිබේ. සැබැවින්ම මේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද? එයට බලපාන නූතන විද්‍යාත්මක සංකල්පය පහත දැක්වෙන රූප සටහන ඇසුරින් විමසා බලමු. උත්තල කාචයක් හරහා ආලෝක කිරණයක් ගමන් කිරීමට සැලැස්වූ කල එහි නාභියේදී ප්‍රබල රශ්මි කදම්භයක් උපකා ගත හැකිය. යම් හෙයකින් එකී නාභියට ගිනි ගන්නාසුලු යමක් තැබූ විට එය වහා ගිනි ගනී. "ඇස්වහ" ඇති පුද්ගලයාගෙන්ද සිදුවන්නේ මේ දේමය.
මෙවන් පුද්ගලයන් වටා රතු සහ කළු පැහැති රශ්මි දහරා වැඩි වශයෙන් පවතින අතර දූෂිත වූ සිතුවිලි සහිතව කල් ගෙවන බවද දක්නට පුළුවන.

කටවහ
මා ඉහතින් දැක්වූ පරිදි කන, ඇස, නාසය, ශරීරය ආදී ඉන්ද්‍රියන් අඩපණ වූ යමෙකුගේ එකී ශක්තිය දිව ප්‍රධාන කොට ගත් මුඛය වෙත යොමු වේ. එහිදී 'කටවහර' ප්‍රබල විද්‍යුත් චුම්භක ශක්ති කදම්භයක් ලෙස විශ්වයට මුදා හරියි. මෙහිදී ඔහු කෙරෙන් නිකුත් වන වචනත් සමඟම ප්‍රබල රසායනික සංඥාවක්ද නිකුත් වේ. යම් කෙනෙක් හෝ වස්තුවක් අරබයා මෙම සංඥාව නිකුත් වනවාත් සමඟම ප්‍රබල රසායනික ක්‍රියාවලියක් හට ගනී. එහි අවසාන ප්‍රතිඵලය එකී වස්තුවට හෝ ජීවියාට හානි පැමිණීමයි. මේ පිළිබඳ ඔබ හො¼දාකාරවම දන්වා ඇත. කටවහ කාරයකු විසින් "මෙදා පාර කුඹුර සරු සාරෙට පැහිලා තියෙනවා" යැයි කීවොත් පසුදා කුමන හෝ උවදුරකට ලක්ව කෙත විනාශ වී යයි. මෙහිදී සිදුවූයේ කුමක්ද? ඔහු නිකුත් කළ සංඥාව ප්‍රබල රසායනිකයක් බවට පත්වීම නොවේද? ඇතැම් කටවහ ඇත්තන්ගේ කියුම් නිසා එවලේම ප්‍රතිඵල ලැබෙන බව සමාජයේ තතු දන්නෝ දනිති.

හෝ වහ
අපි මුලින් දැන ගත් පරිදි මිනිසාගේ සිරුරෙන් විහිදෙන රශ්මි මාලාව 'හෝවහ' ලෙස හැඳින්විය හැකිය. යමකුගේ කන, ඇස, නාසය, දිව ආදී ඉන්ද්‍රියන් දුර්වල වෙත්ම ඒවායේ ගැබ්වූ ශක්තිය ශරීරයේ සම් ආවරණයෙන් පිටතට විහිදේ, මෙම රශ්මි දහරාවන් තද රතු හෝ කළුවන් වර්ණවලින් යුතුවේ. දැඩි මෝහය, ලෝභය, වෛරය, තණ්හාව, ආශාව ඇති පුද්ගලයන් තුළින් නිරන්තරයෙන්ම ඉහත කී අඳුරු පැහැ රැස් දහරාවන් විශ්වයට නිකුත් වේ. ඒවා රසායනික සංඥා බවට පත් වී ඇතැම් විට පාරිසරික සාධක පවා වෙනස් කරයි. මෙසේ හෝවහ ඇත්තකුගේ සිතුවිලි යම් මොහොතක එක්තැන් වී එයින් හට ගන්නා රසායනික සංඥා විද්‍යුතය බවට පත්වීම සිදුවේ. එම විද්‍යුතය ශරීරයේ රෝමෝද්ගමනය (රෝම කූප) හරහා පරිසරයට මුදාහැරීමේදී එයට හසුවන සෑම අජීවී සජීවී වස්තුවක්ම විනාශ වීමට හෝ අඩපණ වීමට පුළුවන. එය එසේ නම් අලගිවන්න මුකවෙටිතුමා පවසන 'නපුරු දුදනන්ගේ සියොළඟෙහිම විසය' යන යෙදුම කොතෙක් සත්‍ය දැයි ඔබට සිතා ගත හැකිය.

ඇස්වහ, කටවහ, හෝවහ පිළිබඳ මාගේ ගවේෂණයට අනුව එක් නිගමනයකට එළඹුණෙමි. මේ සියලුම වහදෝෂ විකිරණශීලී රසායනික සංයෝගයන් බව මාගේ හැඟීමයි. අපේ පංච ඉන්ද්‍රියන්ගේ සැකැස්ම නූතන විද්‍යාවට අනුව පරමාණුවෙන් ආරම්භ වේ. මෙසේ පරමාණු බොහෝ ගණනාවක් එකතුවී අපේ සිරුර නිර්මාණයවී ඇත. මෙම සිරුරේ එක් එක් ඉන්ද්‍රියය වයසට යෑමත් සමඟ දුර්වල වීමේ දී ඒ ඉන්ද්‍රිය තුළ ඇති පරමාණුක න්‍යෂ්ටි ක්‍ෂය වී එයින් කිරණයක් මුදා හරියි. එම කිරණ 'විකිරණ' නමින් හඳුන්වයි. එම විකිරණ වර්ග තුනකින් හඳුනා ගත හැකිය. ඒ ඇල්ෆා, බීටා, ගැමා වශයෙනි. මෙසේ විනාශ වී යන ඉන්ද්‍රියෙන් නිකුත් වන කිරණ සක්‍රිය එක් ඉන්ද්‍රියක් වෙතට ගොස් වඩා ශක්තිමත් හා ප්‍රතිඵල එකක් බවට පත් කරයි. එම ඉන්ද්‍රිය විසින් එකී විකිරණ විශ්වයට මුදාහරින අතර එයට හසුවන ජීවී සෛලය විනාශයට පත්වේ. මෙම සිද්ධාන්තය ගුප්ත විද්‍යාව තුළ වහ දෝෂ ලෙසින් හඳුන්වා ඇත

ආසියාවේ සිංහයන් ඉන්නවාද? වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින ආසියානු සිංහයා!

සිංහයින් ඉන්නේ අප‍්‍රිකාවේ වනාන්තරවල. ඒත් ආසියාවේ සිංහයන් ඉන්නවාද? අපේ ලංකාවේත් ඉස්සර සිංහයන් හිටියා කියා කියනවා. අද නම් සත්තු වත්තේ හැරෙන්න ලංකාවේ වෙනත් කිසිතැනක සිංහයන් ජීවත් වන්නේ නෑ. ඔවුන් වඳ වී ගොසින්ය ...

සිංහයා අයත් වන්නේ බිළාල පවුලටයි, ඒ කියන්නේ මහ බළල් පවුලටයි. දිවියා (Leopard) තමයි, මේ පවුලට අයත්, අපට ඉන්න, එකම නෑයා. එයාට පුල්ලි කොටියා කියලත් කියනවා.

ආසියානු සිංහයාගේ සත්ව විද්‍යාත්මක නාමය තමයි, පැන්තේරා ලියෝ පර්සිකා (Panthera leo persica) මේ ආසියානු සිංහයන් අප‍්‍රිකානු සිංහයන්ගෙන් බිහි වූ උප සත්ව විශේෂයක් හැටියටයි, සත්ව විද්‍යාඥයන් හඳුන්වන්නේ. මෙම ආසියානු සිංහයන් අද ජීවත් වන්නේ ඉන්දියාවේ විතරයි. ඒ නිසා මොවුන්ව ඉන්දියානු සිංහයන් කියලත් හඳුන්වනවා. ඈත අතීතයේ නම් මධ්‍යධරණී ප‍්‍රදේශයේ සිට ඉන්දියාව දක්වාම මේ ආසියානු සිංහයන් ජීවත් වුණා. ආසියානු සිංහයන් වැඩිපුරම ජීවත් වුණේ නිරිත දිග ආසියාවේ. මෙම සිංහයන්ට පර්සියානු සිංහයන් (Persian Lion) කියලත් කියනවා. ඈත අතීතයේ කොකේසස් කඳුනරයේ සිට යේමනය දක්වාත්, මෙසිඩෝනියාවේ සිට ඉන්දියාව සහ පර්සියාව (අද ඉරානය) දක්වාත්, පාකිස්තානයේත් බංග්ලාදේශයට අයත් දේශසීමා දක්වාත් මෙම ආසියානු සිංහයන් ජීවත් වුණා. ඒත් අද මේ සිංහයන් ඉන්දියාවට ම සීමා වෙලා. අද ඔවුන් දකින්න ලැබෙන්නේ ඉන්දියාවේ ගුජරාට ප‍්‍රාන්තයේ ගිරි රක්ෂිතයේ ම විතරයි. ඒ නිසා ම ආසියානු සිංහයන්ව ‘ගිර් සිංහයන්’ ලෙසින් ද හැඳින්වෙනවා. 2008 වන විට ගිර් වනරක්ෂිතයේ සිටින ඉන්දියානු සිංහයින් ගණන 350 ඉක්මවයි.

අපි‍්‍රිකානු සිංහයන් හා ආසියානු සිංහයන් අතර වෙනස
බැලූ බැල්මට ම කොයි සිංහයාත් එක වගේ පෙනුනත් ළං වී හොඳින් සංසන්දනය කර බැලූවොත් අප‍්‍රිකානු සිංහයන් හා ආසියානු සිංහයන් අතර පැහැදිලි වෙනස්කම් කිහිපයක් ම දැක ගන්න පුළුවන්. අප‍්‍රිකානු සිංහයන්ට වඩා ආසියානු සිංහයන්ගේ ලෝම ඝනකමින් වැඩියි. ඔවුන්ගේ කේසරත් අපි‍්‍රකානු සිංහයන්ට වඩා දිගයි. වලිග කෙළවර සහ වැලමිට අසල ඇති ලෝමත් දිගින් වැඩියි. ආසියානු සිංහයන්ගේ ගැහැනු සහ පිරිමි දෙවර්ගයේම සමෙහි බඩ යටට නැමුණු රැල්ලක් තියෙනවා. හොඳින් වැඩුණු මේ වර්ගයේ පිරිමි සතකු දිගින් මීටර 1.6ත්, 2.2 ත් අතර ද බරින් කිලෝ ග‍්‍රෑම් 125 ත් 225 ත් අතර ද වෙනවා. ගැහැනු සතා දිගින් මීටර 1.4ත් 1.7 ත් අතර ද බරින් කිලෝ ග‍්‍රෑම් 100 ත් 150 ත් අතර ද වෙනවා.

සිංහයන් හුඟක් සමාජශීලී සතුන් ලෙස හැඳින්විය හැකියි. ඒ කියන්නේ ඔවුන් රැළක් ලෙස ජීවත්වීමට පි‍්‍රය කරන බවයි. සාමාන්‍ය ආසියානු සිංහ රැළකට සිංහ ධේනුවන් දෙදෙනකු පමණ ඇතුළත් වන අතර අප‍්‍රිකානු සිංහ රැළකට සිංහ ධේනුවන් 4ත් 6ත් අතර ගණනක් ඇතුළත් වෙනවා. ඒ වගේ ම ආසියානු සිංහයා වැඩිපුර තමන් අයත් රැළේ සිංහ ධේනුවන් සමග ගැවසෙන්නේ නැහැ. ඌ රැළ හා එක් වන්නේ වර්ගයා බෝ කිරීමට හෝ ඉඳහිට ලොකු දඩයමක් කළ යුතු විටෙක පමණයි. සමහර විට මීට හේතුව අපි‍්‍රකාවේ මෙන් නොව මෙහි ගොදුරු කුඩා වීම විය හැකියි.

ආසියානු සිංහයන්ගේ ගිර් සංරක්ෂිතය
අද ආසියානු සිංහයන් ජීවත් වන්නේ බටහිර ඉන්දියාවේ ගිර් ජාතික වන රක්ෂිතයේ විතරයි. 2006 වසරේ අප‍්‍රියෙල් මාසය වන විට මේ රක්ෂිතයේ ඉන්නා සිංහයන් ගණන 359 ක්. සිංහයන්ගේ වාසභූමිය ලෙස පඳුරුවලින් පිරුණු තැනිතලා බිම් සහ ජල පෝෂක ප‍්‍රදේශ ගණනාවකින් පිරුණු වර්ග කිලෝ මීටර 1,412 ක් ගිර් වනරක්ෂිතයේ වෙන් කොට තියෙනවා. අද 359 දෙනෙක් සිටියත් 1907 වසරේදී නම් ගිරි සිංහයින් සිටියේ 13 දෙනෙක් විතරයි.

ඉන්දියානු උපමහද්වීපයට අයත් බිළාල පවුලේ අනෙක් විශාලතම සාමාජිකයා තමයි, බෙංගාල ව්‍යාඝ‍්‍රයා. ගිර් වන රක්ෂිතයේ සිංහයන් ජීවත් වන ප‍්‍රදේශයේ බෙංගාල ව්‍යාඝ‍්‍රයින් දකින්න ලැබෙන්නේ නැහැ. ගිර් සිංහයන් තැනිතලා බිම් ප‍්‍රිය කළත් බෙංගාල ව්‍යාඝ‍්‍රයින් වාසය කිරීමට ප‍්‍රිය කරන්නේ ඝන කළෑබඳ ප‍්‍රදේශයි.

ගිර් වනරක්ෂිතයේ සිංහ ගහණය සිංහයන් 360 දෙනකු දක්වා වැඩි තියෙන්නේ එදා සිටි සිංහයන් 13 දෙනකුගේ සහාභිජනනය මගින්.

1900 ගණන්වල ආසියානු සිංහයන් ජීවත් වුණේ 13 විතරක් කියා ගණනය කළත් එය නිවැරදි නොවන බව සමහර වාර්තා පෙන්වා දෙනවා. ඉන්දියානු වනජීවී දෙපාර්තමේන්තුව 13 ක් වැනි කුඩා ප‍්‍රමාණයක් සිටින බව පවසා ඇත්තේ සිංහයන් දඩයම් කිරීමට ජනතාව තුළ එවකට පැවති උනන්දුව අඩු කිරීමට බව එම වාර්තාවල දැක්වෙනවා. එවකට සංගණන දත්තවලට අනුව සිංහයන් 100 කට ආසන්න ප‍්‍රමාණයක් සිටි බවත් සඳහන් වෙනවා. සිංහයන් දඩයම් කිරීම එවකට ඉන්දියාවේ සිටි බි‍්‍රතාන්‍යයන් හා ඉන්දියානු රාජකීයයන් අතර ජනපි‍්‍රය ක‍්‍රීඩාවක් වුණා. ඒ නිසා ඉන්දියාවේ අනෙක් ප‍්‍රදේශවල ජීවත් වූ සිංහයන් සම්පූර්ණයෙන්ම වඳවී ගොස් අවසන් ව තිබුණා.

සිංහයන්ට එල්ල වී ඇති තර්ජන
සිංහයන්ට තියෙන විශාලතම තර්ජනය එල්ල වන්නේ මිනිසාගෙනුයි. ගව පට්ටිවලට පහර දෙන සිංහයන්ට වස දැමීම ගැමියන්ගේ සිරිතයි. මීට අමතරව අනෙකුත් මාරක තර්ජන ලෙස සලකන්න පුළුවන් දේවල් තමයි ගංවතුර, ලැව්ගිනි සහ වසංගත. වන රක්ෂිතයේ සීමා වූ බිම් ප‍්‍රදේශයක විතරක් ජීවත් වෙන නිසා මෙම උවදුරුවලට ගොදුරුවීමේ අවදානම ඉතාමත් වැඩියි.

සිංහයන් ජීවත් වන ප‍්‍රදේශයේ වාරි මාර්ග කටයුතු සඳහා නොවසන ලද ළිං 15,000 සිට 20,000 ක් හාරා තියෙනවා. මේ ළිං සිංහයන්ට මර උගුල් බවට පත්වෙනවා. හුඟක් සිංහයන් දියේ ගිලී මිය යනවා. මෙය මඟ හරවා ගැනීමට නළ ළිං ක‍්‍රමය දැන් හඳුන්වාදී තියෙනවා.

ගිර් වන රක්ෂිතය අද්දර ජීවත් වන ගොවීන් ඔවුන්ගේ වගාවන් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට අධි බලැති විදුලි රැහැන් සම්බන්ධ කළ විදුලි වැටවල් සවි කර ඇති අතර මේ සිංහයන්ට විදුලි සැර වැදීමෙන් මියයාමට ද සිදු වෙනවා.

ගිර් වනරක්ෂිතයට ලොකුම තර්ජනය එල්ල වී තියෙන්නේ වනයේ වාසය කරන අහිංසක ජන කොට්ඨාසයකිනුයි. මල්දාරි යනුවෙන් හැඳින්වෙන මේ ජන කොට්ටාශය මස් මාංශ අනුභව කරන්නේ නෑ. ඔවුන් ගවයන් ඇති කරමිනුයි, ජීවත් වෙන්නේ. එසේ ම ඔවුන් දඩයම් කරන පිරිසක් ද නොවෙයි. එහෙනම් කොහොමද ඔවුන්ගෙන් සිංහයන්ට හානියක් වෙන්නේ. මේ එක පවුලකට ගවයින් 50ක විතර පට්ටියක් ඉන්නවා. මොවුන්ගේ ජන ගහනය වැඩි වීමත් සමග, ඔවුන්ගේ ගව පට්ටිත් වැඩි වුණා. නිදැල්ලේ යන මේ ගවයන් වනාන්තරයේ තණ උලා කෑම නිසා සිංහයන්ට ගොදුරු කර ගත හැකි වෙනත් සතුන්ගේ ගහණය අඩු වී ගියා. ඒ නිසා සිංහයන් ගවයන් දඩයමට පෙලඹුණා. ගිර් සිංහයන්ට වස දීමට මේ ගැමියන් පෙලඹුණේ ඔවුන්ගේ ගවයන් බේරා ගන්නයි. ඒ වගේ ම මේ ගැමියන්ගේ දර අවශ්‍යතා සඳහා වනාන්තරයේ ගස් කැපීම නිසාත් ඔවුන්ගෙන් වනාන්තරයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.

යුරෝපයේ සහ නිරිත දිග ආසියානු සිංහයින්
කලකට පෙර යුරෝපයේ සිංහයන් ජීවත් වුණා. මේ බව ගී‍්‍රක ජාතික ඇරිස්ටෝටල් සහ හෙරොඩෝටස්ගේ ලේඛනවල පවා සඳහන් වෙලා තියෙනවා. පර්සියාවේ සරෙක්ස් රජු කි‍්‍ර.පූ. 480 දී සිය හමුදා සමග දික්විජය කරමින් මැසිඩෝනියාව හරහා යද්දී ඔවුන්ගේ බඩු ගෙන ගිය ඔටුවන් සිංහයන් විසින් ඩැහැ ගන්නා ලද බව ඒ යුද වාර්තාවල සඳහන් වෙනවා. එදා ගී‍්‍රසියේ පවා සිංහයන් ජීවත්වුණා. ගී‍්‍රසියේ සිංහයන් වඳවී ගොස් ඇත්තේ කි‍්‍ර.ව. 80ත් 100ත් අතර කාලයේ දියි. රුසියාවේ කෝකේසස් කඳුකරයේත් සිංහයන් සිටි බව සඳහන් වෙනවා.

ආසියානු සංස්කෘතිය හා බැඳුණු ආසියානු සිංහයා
සිංහයා අපේ සංස්කෘතිය හා බැඳී ඇති තරම අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. ලෝකයේ සියලූ ම ජාතික කොඩිවලට වඩා කැපී පෙනෙන ලෙස අපේ ජාතික කොඩියේ සිංහයා ඇතුළත් ව තියෙනවා. එපමණක් නොව ඉන්දියාවේ රාජ්‍ය ලාංඡුනයට ද යොදා ගෙන ඇත්තේ ද සිංහ හිසක්. එක් හිසක් පමණක් නොවෙයි, සතර දිසාවට හැරුණු සිංහ හිස් හතරක් ඊට ඇතුළත් වෙනවා. මෙය ලබා ගෙන ඇත්තේ කි‍්‍ර.පූ. 250 දී පමණ අශෝක අධිරාජයා විසින් සාරානාත් හී පිහිටුවන ලද ශිලා ස්තම්භයෙන්. ඒ හැරෙන්නට ඉන්දියාව නිරූපණය කරන ‘භාරත මාතාව’ගේ රුව ඇඳ ඇත්තේ ඇගේ පසෙකින් ලැග සිටින ගිර් සිංහයකු ද සහිතවයි. ඓතිහාසිකව සඳහන් වන ආකාරයට අනුව මුලින් ම සිංහයා යොදා ගෙන ඇත්තේ රජ්පුත්හි ක්ෂති‍්‍රයවරුන් තමයි. එය නමක් හැටියට වේදයේත් ඇතුළත් වෙනවා. ඒ වසර 2000කටත් වඩා පෙර සිටයි. එසේ ම නරසිංහ විෂ්ණු අවතාරයක් ලෙසත් දැක්වෙනවා. ෂීක්වරුන් වැඩි දෙනකු සිය නම අගට සිං යන්න යොදනවා. ඒ වගේ ම අපේ සිංහල නම් අගටත් ‘සිංහ’ යන්න යොදන තැන් බොහෝ ඇති බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. සිංගප්පූරුවට ඒ නම ලැබුණේත් සිංහයාගෙන්. එහි අරුත ‘සිංහ පුරය‘ යන්නයි.

අපේ සීගිරිය ද සිංහයාට සම්බන්ධ කර තියෙනවා. සීගිරියට නැඟීමට ඇති පඩි පෙළ එදා වැටී තිබුණේ සිංහයකුගේ කට ඔස්සේයි. අද මේ සිංහ කට හෝ සිංහ හිස දකින්නට නැහැ. අපේ නම්වලට විතරක් නොව සිංහල බසේ සිංහ යෙදුම් රැසක් තියෙනවා. සිංහ යන්නෙහි අරුත් ශ්‍රේෂ්ඨ, උතුම්, ප‍්‍රධාන, අභීත ආදී වශයෙන් දක්වන්න පුළුවන්. බුදුන්වහන්සේ ශයනය කළ ඉරියව්ව හැඳින්වෙන්නේ ‘සිංහ ස්‍යෙයාව’ කියලයි. හොඳින් පරීක්ෂාකාරී ව හෙළන බැල්ම අප හඳුන්වන්නේ ‘සිංහාවලෝකනය’ කියලයි. සිංහයා අද අපේ කැළෑවල නොසිටියත් අපේ සමාජයේ, අපේ සංස්කෘතියේ අපේ භාෂාවේ මේ ආදී හැම තැනක ම සිංහයා අපට දැක ගන්න පුළුවන්.

සතුන්ටත් අපට වගේ හිතන්න පුලුවන්ද? - Can Animals Think Like us?

මෑතක් වන තුරුම බොහෝ ලෝවැසියන්ගේ ඇතැම් ආගම්වල විශ්වාසය වුයේ සතුන් යනු මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය උදෙසා කිසියම් පුද්ගලයෙකු විසින් මවන ලද්දක් විදිහටයි. මිනිසාගේ ප්‍රයෝජනය විදිහට මෙතැනදී වැඩි වශයෙන්ම කියැවෙන්නේ ආහාර පිණිස යන තේරුමින්. නමුත් පටු ආගමික රාමුවෙන් මිදී වඩාත් නිදහස් ලෙස සිතන්නට හුරුවීමෙන් පසු මිනිසුන් මේ අදහස එලෙසින්ම පිළිගන්නට කැමැත්තක් දැක්වූයේ නැහැ. සතුන්ටත් මිනිසුන්ට සේම මේ මිහිතලයේ සම උරුමයක් ඇති බව පිළිගන්නට ඔවුන්ට සිදුවුණා. නමුත් අතීතයේ සිටම සතුන් පිළිබඳ පෙරදිග වැසියන්ගේ ආකල්පය මීට හාත්පසින්ම වෙනස් වුණා. බුදුන් වහන්සේ පවා දේශනා කළේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියායි. මිහිඳු මා හිමියන් එක අවස්ථාවක පවසා තිබුණේ මේ මිහිතලය මිනිසාට පමණක් නොව සියලු සතුන්ගේ සම උරුමයක් ඇති බවයි. මේ අදහස දැන් බටහිර ලෝකයේ බහුතරයක් පිළිගෙන තිබෙනවා. අපේ පන්සිය පනස් ජාතක පොතේ බෝසතාණන් වහන්සේ සත්ව කූලවල ඉපදී බුද්ධිමත්ව ක්‍රියා කළ අවස්ථාවන් අපට ගොඩක් දකින්න ලැබෙනවා. ඒ ඇතැම් කතාවල මිනිසුන්ට වඩා තිරිසන් සතුන් උතුම් බව ඔප්පු වුණු අවස්ථා බොහොමයි.

මනැසින් උසස් යන අරුත ඇතිව ‛මිනිසා’ යන වදන අපට හිමිව තිබුණත් මිනිසුන් අතර නොමිනිස්කම් ඇති අයවලුන් ඕනෑ තරම් දකින්නට පුලුවන්. ‛වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත’ වගේ ගීත ලියැවෙන්නට හේතුවත් මේ වගේ නොමිනිස්කම් ඇති මිනිසුන් නිසයි. මිනිසා තිරිසන් සතෙකු සේ හැසිරෙන අවස්ථා අපට නිතර විවිධ මාධ්‍ය ඔස්සේද අසන්නට ලැබෙනවා. නමුත් අප වැඩිපුර කතා නොකළත්, අසන්නට නොලැබුණත් මේ සඳහන් කළ කාරණයේ අනෙක් පැත්ත සිදුවන අවස්ථා මේ ලෝකයේ ඕනෑ තරම් දැකගන්නට පුලුවන්. අනෙක් පැත්ත කියා අදහස් කළේ තිරිසන් සතුන් ළඟ ඇති උතුම් ගතිගුණ ගැනයි. අපට එවැනි සිදුවීම් වැඩිපුර අසන්නට අවස්ථාවක් නැත්තේ ඇතැම් විට මාධ්‍ය ඒවාට එතරම් ප්‍රසිද්ධියක් ලබානොදෙන නිසා වන්නටත් පුලුවන්. නමුත් සතුන් අතරින් ප්‍රකටවන උතුම් ගතිගුණ ගැන තොරතුරු අතීතයේ වාගේම වර්තමානයේදීත් අපට සොයාගන්න පුලුවන්. පනාමුරේ ඇත් රාජා ගැන කතාව සමහරවිට ඔබ දන්නවා ඇති. තමන්ගේ රන්චුව වෙනුවෙන් ජීවිතේ පූජා කළ ඒ කතාව අදටත් අමතකවන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හාම්පුතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ, හාම්පුතා හදිසි අනතුරුවලින් බේරාගත්, හාම්පුතාට සිදුවුණු අනතුරු ක්ෂණිකව අන් අයට දැන්වූ සුනඛයන් ආදී සතුන් පිළිබඳව ලොව නන්දෙසින් තොරතුරු ලැබෙමින් තිබෙනවා.

සත්තුන්ට මේ වගේ උතුම් ගතිගුණ පිහිටන්නේ ඔවුන් අපි හිතනවාට වඩා, දන්නවාට වඩා ඉහළ බුද්ධි මට්ටමක ඉන්න නිසයි. මේ ගැන අවබෝධයක් නැති නිසයි අපි හුඟ දෙනෙක් අතින් සතුන්ට හිංසා පීඩා සිද්ධ වෙන්නේ. සතුන් ගැන අතීතයේදී සංවේදීව නොබලපු බටහිර රටවල් අද ආසියානු අපටත් වඩා සතුන් ගැන සිතන්න පටන් අරන්. සතුන්ටත් අපට වගේම හැඟීම් දැනීම් තියෙන බව ඔප්පු කරලා පෙන්වන්න පර්යේෂණ පවත්වන්නෙත් ඔවුන්මයි.

අතීතයේ පටන්ම සතුන්ගේ විවිධ මානසික හැකියාවන් ගැන මිනිසුන් දැන සිටියත් මේ ගැන දිගින් දිගට හොයන්න පටන්ගත්තේ චාර්ල්ස් ඩාවින්ගේ විද්‍යාත්මක පර්යේෂණවලින් පසුවයි.

වර්ෂ 1977 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවුණු අයර්නි පෙපර්බර්ග් අපූරු පර්යේෂණයක් කළා. සතුන්ටත් මිනිසුන්ට වගේ හිතන්න පතන්න පුලුවන් කියලා බටහිර බොහෝ දෙනෙක් මේ කාලය වනවිටවත් විශ්වාස කළේ නැහැ. ඇය අවුරුද්දක පමණ වුණු අප්‍රිකානු අලු ගිරවෙක් හුරතලයට හදන්න පන්ගත්තා. ඇය මේ අලුගිරවාට ‛ඇලෙක්ස් කියලා නමකුත් තැබුවා. ඇය මේ ගිරවා තමන්ගේ පර්යේෂණාගාරයට අරගෙන ගිහින් ඉංග්‍රීසි භාෂාවේ විවිධ ශබ්ද නගන හැටි පුරුදුකරන්න පටන්ගත්තා. “ගිරවට කතා කරන්න පුලුවන් වුණොත් එයා මේ ලෝකේ දේවල් ගැන හිතන හැටි විස්තර කරයි කියලා මට හිතුණා”අයර්නි එහෙම කිවවා. අයර්නි ගිරවත් එක්ක කතා කරන්න පටන්ගත්තා. සතුන්ටත් මිනිසුන්ට වගේ සිතන්න පුලුවන් කියලා මේ අවස්ථාව වෙනකල්වත් විද්‍යාඥයෝ දැනගෙන හිටියේ නැහැ. ඔවුන් සිතුවේ සතුන් කියන්නේ හිතක් පපුවක් නැති ජීවීන් පිරිසක් කියලා පමණයි. එහෙම වුණත් හැම සතෙක්ම හුදෙක් භෞතික වස්තුවක් කියල හිතන අය හැරුණාම, සුරතලයට සතුන් හදන්න පුරුදුවෙලා ඉන්න අය නම් සමහරවිට එහෙම හිතන්නේ නැතිවෙන්නත් පුලුවන්. ඔබේ නිවසේ බලුපැටියාට කෑම දෙනකොට ඌ කෘතඥ පූර්වකව වල්ගය වනන්නේ වලිගය වැනීම ජානමය පුරුද්දක් නිසා නෙවෙයි. ඕනෑම සුනඛයෙකුට අවබෝධයක් තිබෙනවා තමන්ට ආදරේ කරන්නේ කවුද කියන එක. ඒ වෙනුවෙන් කෘතඥතාවය පළකරන්නේ ඔවුන් තුළ යම්කිසි අවබෝධයක්, බුද්ධි මට්ටමක් ඇති නිසයි.

අයර්නිගේ සුරතල් ගිරවා, ඇලෙස්ක් වැඩිකාලයක් යන්නට මත්තෙන් හොඳට කතාකරන්න පටන්ගත්තා. නමුත් හුඟ දෙනෙක් කිව්වේ මේක තේරුමක් නැති වැඩක් කියලයි. අයර්නි ටික දවසක් යනකොට ඇලෙක්ස්ට තව ගිරව් යාලුවෝ දෙන්නෙක් ගෙනත් දුන්නා. දවසක් අයර්නි, ඇලෙක්ස්ව නාට්‍යයක් බලන්න අරගෙන ගියා. මේ වෙනකොට ඇලෙක්ස් සෑහෙන්න වචන හුරු පුරුදු වෙලයි තිබුණේ. මේ නාට්‍යය බලලා ආවට පස්සේ තමයි හොඳම දේ සිද්ධ වුණේ. ඇලෙක්ස් තමන්ගේ යාලුවෝ දෙන්නට අර නරඹපු නාට්‍යයේ මතක තිබුණු කොටස් රඟපාලා පෙන්නුවා. ගිරවෙක් වගේ කුඩා සතෙකුට එවැනි දෙයක් මතකයේ තබාගෙන කරන්නට යම්කිසි බුද්ධියක් තිබිය යුතුමයි. එසේ නොමැතිව මෙවැනි දේවල් සිදුකරන්න බැහැ.

අප අපගේ බුද්ධි ඵලය ගැන කතා කරනවා. නමුත් සු්නගේ එවැනි දෙයක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් නවීන පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ සෑම සතෙකුටම යම්කිසි ප්‍රමාණයකින් බුද්ධි ඵලයක් ඇති බවයි.

තමන්ගේ වර්ගයාට යම්කිසි කරදරයක් සිදුවූ විට සිංහයන්ට පවා පහර දෙන්නට පසුබට නොවන ගවයන් වර්ග පිළිබඳ වාර්තා චිත්‍රපට අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඔවුන්ට මේ අවබෝධය ලැබෙන්නේ ජානමය පුරුද්දට වඩා අදාළ තත්වය පිළිබඳව ක්ෂණිකව ලැබෙන අවබෝධයත්, ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්නත් ගැන ව්‍යවහාර බුද්ධියක් පවතින නිසයි.

සතුන් කියන්නේ බුද්ධියක් නැති, සිතන්නට නොහැකි කොට්ඨාශයක් ලෙස ඔබ සිතා සිටියා නම් එය වෙනස් කරගන්නට මෙය හොඳම අවස්ථාවක්

නපුරු සිහින නිතර පෙනෙන්නේ ඇයි? - All About Nightmares

බය හිතෙන සිහින හෝ නපුරු සිහින ඔබ ද බොහෝ විට දැක තිබෙන්නට පුලුවන. මනෝ විද්යාලවේ දී මෙය හඳුන්වනු ලබන්නේ ‛දුස්ස්වප්න’ (nightmare) නමිනි. සිතේ ඇති බිය, ත්රාසසය, කාංසාව, දැඩි වේදනාව වැනි කරුණු නිසා නපුරු සිහින දැකිය හැකි බව මනෝ විද්යාtඥයෝ පවසති. එමෙන්ම ඇතැම් ලෙඩරෝග සඳහා ලබාගන්නා ඖෂධ ද නපුරු සිහින දැකීමට හේතුවන වන බව පැවසේ. නිතර නපුරු සිහින දකින්නේ නම් එය ප්රගතිකාර ගත යුත්තකි. අධ්යබයනවලින් හෙළිවී ඇත්තේ අප දකින සාමාන්යන සිහින (dreams) බොහොමයක් නින්දෙන් අවදිවන විට අමතකව ගිය ද නපුරු සිහින සියල්ලම පාහේ මතකයේ රැඳෙන බවය.
හෙළිවී ඇති කරුණුවලට අනුව අවුරුදු පහට අඩු දරුවන් නපුරු සිහින දකින්නේ බොහෝ අඩුවෙනි. නමුත් ගැටවර වියට එළැඹෙද්දී නපුරු සිහින දැකීම සාමාන්ය් දෙයක් බවට පත්වේ. ගැටවරවියෙහි පසුවන්නන්ගෙන් 25%ක් මෙම තත්වයට පත්වෙන බැව් පැවසේ. පසුව අවුරුදු 25 සිට 55 දක්වා කාලය දක්වා ඇත්තේ නපුරු සිහින දැකීම කෙමෙන් පහළ යාමේ තත්වයකි.
සෑම පුද්ගලයකු නිනිදට වැටුණු පසු ‛සීඝ්ර අක්ෂි චලනය’ (rapid eye movement - REM) යන අවස්ථාව පසුකරන කරන බව මනෝවිද්යාටවේ සඳහන් වේ. අප නපුරු සිහින දකින්නේ මේ අවස්ථාවේදීය. මෙහිදී නිදා සිටින තැනැත්තාගේ ඇසි වේගයෙන් චලනය වනු දැකියි හැකි දෙයකි. මෙහි සඳහන් කළ විවිධ මානසික තත්වයන් නිසා මෙන්ම සෑබෑ හේතුවක් නිසා ද නපුරු සිහින දැකිය හැකි බව මනෝවිද්යා ඥයෝ පවසති. උදාහරණයක් ලෙස යමෙකුගේ දෑස් ඉදිරිපට මනුෂ්යු ඝාතනයක් දුටුවේ නම් එය නපුරු සිහිනයක් ලෙස අදාළ පුද්ගලයාට නිකර පෙනෙන්නට පුලුවන.

අප දකින විවිධ නපුරු සිහින මනොවිද්යානඥයින් විසින් ප්රදධාන කොටස් 10කට බෙදා දක්වා ඇත. අප බහුලව දකින නපුරු සිහින මෙම වර්ග 10 ට ඇතුළත් වේ.

1. ස්වභාවික විපත්

දරුණු ගංවතුරකට, සුනාමි තත්වයකට, කුණාටුවක හසුව සිටින අයුරු ඇතැම් විට ඔබ සිහිනෙන් දැක ඇති. නිවාස මතට ගස් කඩා වැටී තිබෙනු දැක ඇති. යම්කිසි පුද්ගලයකුගේ සිතේ ඇති කාංසා තත්වයක් නිසා මෙවැනි සිහින දැකිය හැකි බැව් කියැවේ. යමෙකුගේ දෛනික ජීවිතයේ ඇතිවන විවිධ හැළහැප්පීම්, ආතතිමය තත්වයන් මෙයට හේතුවන්නට හැකිය. එමෙන්ම ඉදිරියේ පවත්වන්නට නියමිත විභාගයක්, වෛද්‍ය හමුවක්, පවත්වන්නට ඇති කතාවක්, පුද්ගල සම්බන්ධතා ගැටලු ආදිය මෙවැනි මානසික තත්වයක් පසුපස තිබෙන්නට පුලුවන.

2. මළවුන් දැකීම

මියගිය පුද්ගලයකු ඔබ අසළට පැමිණීම හෝ ඔබ සමඟ කතාකරනු මෙවැනි සිහිනවල බහුලය. ඇතැම් විට එසේ පැමිණෙන පුද්ගලයා මෑතකදී මිය ගිය ඥාතියකු හෝ හිතවතකු විය හැකිය. ඇතැම්විට ඥාතියකු හෝ හිතවතකු නොවන මිය ගිය පුද්ගලයන් ද සිහිනෙන් දැකිය හැකිය. ඔබ මෑතකදී මිය ගිය ඔබගේ අත්තම්මා දුටුවේ නම් එයින් කියැවෙන්නේ ඇය මිය යාමෙන් ජීවිතයට ඇති වූ අඩුව පිරිමසාගන්නට මානසිකව කරනා අරගලයයි. එමෙන්ම යම් පුද්ගලයකු තුළ ඇති රෝගී තත්වයන් ද මෙයට හේතුවන්නට පුලුවන. ජීවිතයට හානි විය හැකි රෝගයකින් පීඩා විඳින පුද්ගලයන්ද මෙවැනි සිහින දකින්නට පුලුවන.

3. වැදගත් අවස්ථා මගහැරීම

විවාහය වැනි ජීවිතයේ වෙනත් වැදගත් අවස්ථාවන් මගහැරෙනු සිහිනෙන් දැකීම ද සුලභ සිදුවීමකි. අධික ලෙස මානසික පීඩාවන්ගේ යුක්තව සිටින පුද්ගලයන් අතර මෙවැනි සිහින බහුලය. යමක් අසාර්ථක වීම පිළිබඳ බියක් හෝ යමක් බලාපොරොත්තුවන මට්ටමකට සිදුකරගත නොහැකි වනු ඇතැයි යන සිතිවිල්ල නිසා ද මෙවැනි සිහින දැකිය හැකිය.

4. නිරුවතින් සිටිනු දැකීම

ප්රැසිද්ධ ස්ථානයක නිරුවතින් සිටිනු දැකීම ද තවත් එක් අවස්ථාවකි. මෙය හිතවතුන්ට පැවසූ විට එය කවටකමකට හේතුවක් විය හැකි මුත්, මෙවැනි සිහින පිටුපස අප නොසිතන තරමේ විශාල හේතු තිබෙන්නට පුලුවන. යම් පුද්ගලයකු සිය ප්රෙතිරූපයට හානි සිදුවේ යැයි යම් බියකින් පසුවන විට මෙවැනි සිහින දකින්නට පුලුවන. එමෙන්ම සෙසු පුද්ගලයන් තමන් කෙසේ විනිශ්චය කරන්නේදැයි යම් පුද්ගලයකුගේ නිතර බියක් පවතී නම්, එවිට ද මෙවැනි සිහින දැකිය හැකිය.

බ්රි තාන්ය කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳවන කේට් ද ප්ර සිද්ධියේ නිරුවතින් සිටින සිහින දකින බව පවසා ඇත. ඇය මේ තත්වයට පත්ව ඇත්තේ 2006 වසරේ සිටය. ඇය පවස්නේ මෙවැනි එක් සිහිනයක බ්රිහතාන්යා මහ රැජින සහ පිලිප් කුමරු ද තමා දෙස බලා සිටින අයුරු දුටු බවය. මේ පිළිබඳ විශ්ලේෂකයන් පවසන්නේ ඇය රජ පවුල සමඟ එක්වීමෙන් පසු අත්විඳින්නට වන නව වගකීම් සම්භාරය පිළිබඳ නිතර සිතීම මෙයට හේතුව වන්නට ඇති බවය. සිය හැකියාවන් පිළිබඳ ඇති අඩු විශ්වාසය මෙවැනි සිහින දකින්නට හේතුව බව විශ්ලේෂකයෝ පවසති.

5. දත්

යම් පුද්ගලයකුගේ සිතේ අනාරක්ෂිත හැඟීමක් පවතින විට දත් සම්බන්ධ සිහින දකින බැව් මනෝවිද්යාටවේ කියැවෙයි. බොහෝ විට දකින්නේ දත් සියල්ල ගැලවී වැටී ඇති අවස්ථාවකි. ප්ර සිද්ධියේ නිරුවත් වන සිහිනය සේම මෙහිද ප්ර ධාන හේතුවන්නේ අන් පුද්ගලයන් විසින් තමාව කෙසේ විනිශ්චය කෙරේ ද යන බියයි.

හොලිවුඩ් නිළියක වන හේල් බෙරී දත් සම්බන්ධ නිතර නපුරු සිහින දැක ඇති බැව් වාර්තා වේ. තමා කතා කරන සෑම වාරයක් පාසාම දත් ගැළවෙනු තමා නිත දැක ඇති බව ඇය පවසයි. මේ පිළිබඳ සිහින විශ්ලේෂකයෝ පවසන්නේ ඇයට ආකර්ෂණීය කාන්තාවක් වීමට අවශ්යඇ වුවත් ඇයට ඒ පිළිබඳව විශ්වාසය නොමැතිවීම මෙවැනි සිහින දකින්නට හේතුවන බවය.

6. තුවාල හා හදිසි අනතුරු

සිය පෞද්ලික ජීවිතයේ ඇති දුබලතාවයන් මෙවැනි සිහින දකින්නට හේතු වේ. අස්ථි බිඳීයාම හෝ තුවාල සිදුවනු සිහිනෙන් නිතර දකින්නේ නම් එයින් පැවසෙන්නේ ඔබගේ ඇති යම්කිසි දුබලතාවයක් පිළිබඳ මොලය ඔබට අනතුරු හඟවන බවය. ඔබගේ දුබලතාවයක් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙන් මෙවැනි සිහින දැකීම වළක්වා ගත හැකිය.

7. සහකරු අතහැර යාම

සිය සහකරු/සහකාරිය හෝ ජීවිතයේ වෙනත් අතිශය වැදගත් පුද්ගලයකු තමාගෙන් ඈත්වනු සිහිනෙන් දැකිය හැකිය. මෙයට හේතුව වන්නේ සිය සහකරු තමාව කුමන මොහොතක හෝ හැර යාවී දැයි සිතෙහි නිතර ඇතිවන කාංසා හැඟීමයි. එමෙන්ම සිය සබඳතාවය පිළිබඳ අනාරක්ෂිත බවක් ඇත්නම් එවිට මෙවැනි සිහින පෙනේ.

8. සිරවී සිටිනු සිහිනෙන් දැකීම

මෙය ද බහුලව දක්නට ලැබෙන නපුරු සිහිනයකි. ප්රපමාණයෙන් කුඩා ස්ථානවලට, වසා ඇති ස්ථානවලට බියක් දක්වන, එවැනි ස්ථානයක් සිටීමෙන් තමා සිරවේ යැයි නිතර බියකින් පසුවන පුද්ගලයන්ට මෙවැනි සිහින දැකිය හැකිය. යම් කිසි පුද්ලගයකු දැනට සිරවී සිටින ගැටලුකාරී තත්වය විසඳාගත නොහැකිව පීඩා විඳින විට මෙවැනි සිහින දැකිය හැකිය. මූල්යු ගැටලු, රැකියාව අහිමිවීම පිළිබඳ ගැටලු, අසාර්ථක සම්බන්ධතා ආදිය මෙයට හේතුවන්නට පුලුවන. යම්කිසි බියක් හේතුවෙන් තමාගේ හැකියාවෙන් උපරිම ප්රළයෝජන ගැනීමට නොහැකි වේ යැයි ඇති කාංසාව ද මෙයට බලපායි.

9 .ඇදවැටීම

ඇදවැටීමක් සිහිනෙන් දැකීම තුළින් පෙන්නුම් කරන්නේ තමාට තමාව පාලනය කරගැනීමට නොහැකියාව හේතුවෙන් සිය පෞද්ගලික ජීවිතයේ ඇතිවූ කාංසා ස්වභාවයයි. මෙවැනි තත්වයන් මුදල්, සබඳතා, රැකියාව හෝ යම් ආකාරයක අපයෝජන තත්වයක් නිසා ඇතිවිය හැකිය. ඇදවැටීමක් සිහිනෙන් දැකීම සඳහා යම්කිසි පුද්ගලයකුට සිය ජීවිතයේ යම් කිසි තත්වයක් පාලනය කරගැනීමට නොහැකි යැයි ඇතිවන හැඟීම හේතු වේ. මෙවැනි සිහින බොහෝ විට දකින්නේ ධනයෙන් බලයෙන් ඉහළ තැන්වල සිටිනා පුද්ගලයන්ය. නමුත් ඔවුන්ට සිය ජීවිතයේ යම් යම් පාර්ශ්වයන් පාලනය කරගැනීමට නොහැකි තත්වයකින් පසුවෙයි.

10 .ලුහුබැඳීම හෝ පහරදීමකට ලක්වීම

බොහෝ දෙනෙක් අත්දකින පොදු නපුරු සිහිනයක් වන්නේ මෙම ස්වභාවයේ ඒවාය. බොහෝ විට මෙහිදී දකින්නේ මිනිසුන්, සතුන් හෝ අද්භූත සත්වයින් විසින් ලුහුබැඳීමක් හෝ පහරදීමකි. ඔබගේ ජීවිතයේ යම්කිසි ගැටලුවකට මුහුණදීමට සිතේ ඇති බිය හේතුවෙන් මෙවැනි සිහින දැකිය හැකිය. නපුරු සේවක ප්රීධනියෙක්, නපුරු ගුරුවරයෙක්, නපුරු දෙමාපියන් හෝ අසාර්ථක ආදර සම්බන්ධතා වැනි හේතු මෙය පසුපස තිබිය හැකිය. තමා පසුපස ලුහුබැඳ එන්නේ ඔබ මුහුණදීමට බියෙන් පසුවන ගැටලුවයි. ඔබ එයින් ඉවතට දිවයන්නේ එයට මුහුණදෙන්නට අකමැති හෝ බිය නිසාය. මෙවැනි සිහින ඔබ දකින්නේ නම් ඔබේ සැබෑ ජීවිතයේ ඇති ගැටලු පිළිබඳ සොයාබලා ඒවාට නිසි විසඳුමක් ලබාදීම තුළින් මේ තත්වයෙන් අත් මිදිය හැකිය.

ජනප්රිපය ඇමරිකානු ගායිකාවන වන මැඩෝනා මෙවැනි සිහින නිතර දකින බැව් කියැවෙයි. ඇය පවසන්නේ පිහියක් අතින් ගත් අඟුටුමට්ටකු තමා පසුපස පන්නාගෙන එන බැව් නිතර දකින බවය. මැඩෝනා තමාගේ අකමැති යම්කිසි ස්වභාවයක් හෝ ගතිගුණයක් මගහැරීමට මානසිකව ගන්නා උත්සාහය මෙවැනි සිහින දක්නිනට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති.

මීට අමතරව වෙනත් ස්වභාවයේ නපුරු සිහින ද දැකිය හැකි අතර මෙහි සඳහන් කරන ලද්දේ මනෝවිද්යා්වට අනුව වර්ග කළ පොදු ස්වභාවයන් 10 කි. ඔබ නිතර නපුරු සිහින දකින්නේ නම් ඒවා තනිව විසඳාගැනීමට උත්සාහ කරනවාට වඩා ඔබේ හිතවතකු සමඟ කතා කොට මනෝවෛද්යඅවරයකු හමුවට යාම වඩාත් සුදුසුය. මන්ද නිතර නපුරු සිහිනවලට ලක්වන පුද්ගලයකු නිසි ප්රයතිකාර නොගන්නේ නම් එය වෙනත් මානසික ගැටලුවලට හේතුවක් විය හැකි නිසාය.

ජීවිතය සහ සල්ලි - Life vs Money

1) අපේ සීමාසහිත ජීවිතය, අසීමිතව සල්ලි හොයන්න හොදවන එක කිසිම තේරුමක් නෑ..

2) අපේ ජිවිත කාලය ඇතුලත වියදම් කරන්න බැරි තරම් සල්ලි හොයන එකේ කිසිම තේරුමක් නෑ..

3) සල්ලි කියනන් දේ අපේ වෙන්නේ නෑ, අපි ඒ සල්ලි වියදම් කරේ නැත්නම්. එක්කෝ ඒ සල්ලි බැංකුවේ, නැත්නම් සේප්පුවේ.. අපේ නෙමේ..

4) අපි අපේ තරුණ කාලේ, සල්ලි පස්සේ යන්න අපේ තාරුණ්‍ය වැය කරනවා. අපේ මහලු කාලයේ අපි හම්බ කරපු සල්ලි වලින් ආයෙත් තාරුණ්‍ය ගන්න හදනවා. නමුත් අපි පරක්කුයි කියල තේරෙන්නේ එතකොට තමා..

5) අපිට කාලය ගත කරන්න විදියක් නැති අය වෙනුවෙන් මුදල් හොයන්න කාලය ගත කරන එක තේරුමක් නෑ..

මුදල් නෝට්ටු විකෘති කරන්න එපා . . .

මානව ශිෂ්ඨාචාරයේ මුල් කාල වල මිනිසා‍ගේ අවශ්‍යතා ඉතාමත් සීමිත වූ අතර තමාගේ අවශ්‍යතා තමා විසින්ම සපයාගන්නා ලදී. නමුත් මානව ශිෂ්ඨාචාරය් විකාශණය වීමේදී ඇතිවූ විවිධ අවශ්‍යතා මත මිනිසා තමා නිර්මාණය කල භාණ්ඩ අත්‍යවශ්‍ය වෙනත් භාණ්ඩ සමඟ හුවමාරු කර ගැනීමට පටන් ගෙන ඇත. එහෙත් එහිදී භාණ්ඩ වල ගුණාත්මක භාවය සහ අවශ්‍යතාවයන්ගේ ස්වාභාවය අනුව එම භාණ්ඩ වල වටිනාකම එකිනෙකට නොගැලපීමට පටන්ගෙන ඇත.

ඒ අනුව එම භාණ්ඩ හුවමාරු කිරීමේදී එම භාණ්ඩ වෙනුවට කිසියම් නිෂ්චිත ද්‍රවයක් ඔවුන් භාවිතා කිරීමට පටන් ගෙන ඇත. උදාහරණ වශයෙන් ගල් කැබලි, බෙලි කටු, සහ විවිධ ලොහමය කොටස් භාවිතා කර ඇත. එහෙත් එම ක්‍රමයද අසාර්ථක වුයේ එම හුවමාරු මධ්‍ය එක් ප්‍රදේශයක අසීමිතවත් තවත් ප්‍රදේශයක සීමිතවත් පැවතීම නිසාය. එයට පිලියමක් ලෙස එවකට එම මානවයන් පාලනය කල රජූන් විසින් අප අප දැනට භාවිතා කරන මුදල් වල ආරම්භය සනිටුහන් කරන ලැබින.

එහෙත් කල් යාමේදී එසේ හඳුන්වා දුන් මුදල් වල වටිනාකම ඉහල යාම නිසා සොරසතුරු කරදර ඇති වූ අතර එයට පිලියමක් ලෙස මෑත කාලයේදී විවිධ අප භාවිතා කරන Credit Cards, Debit Cards, ATM Cards සහ E-Money වැනි පහසුකම් හඳුන්වා දෙන ලදි.

ශ්‍රී ලංකාව තුල රුපියල් සත ක්‍රමය ආරම්භ වුයේ 1872 ‍ජනවාරි 01 වැනි දින සිටය. ඉන් වසර තුනකට පමණ පසු එනම් 1875 මැයි මස 10 වැනි දින ශ්‍රී ලංකාවේ ද මුදල් නෝට්ටුවක් නිකුත් කරන ඇත. 1950 අගෝස්තු මස 28 ‍වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කිරීමත් සමඟම ව්‍යවහාර මුදල් නොට්ටු සහ කාසි නිකුත් කිරීම එම බැංකුව විසින් සිදුකරණු ලැබූ එක කාර්යක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාල තුල දී මුදල් නෝට්ටු කාණ්ඩ කිහිපයක් මුද්‍රණය කර ඇති අතර එවා මහත පරිදි දැක්විය හැකිය.

#. VI වැනි ජෝර්ජ් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු
#. II වැනි එළිසබෙත් රැජිනගේ රුව සහිත මුදල් නෝට්ටු
#. I වැනි පරාක්‍රමබාහු රජුගේ රුව සහිත මුදල් නෝට්ටු
#. බණ්ඩාරණායක රුව සහිත මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සහිත මුදල් නෝට්ටු
#. වන සත්ත්ව හා වෘක්ෂලතා පිළිබිඹු වන මුදල් නෝට්ටු
#. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තේමා රැගත් මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකාවේ පැරණි උරුමයන් විදහා දැක්වෙන මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු

වර්ථමානය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නොට්ටු කාණ්ඩය වන්නේ මා අවසානයේ සඳහන් කල ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු කාණ්ඩය වන අතර එය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රමාණට නිර්මාණය කර ඇත. නව මුදල් නොට්ටු කාණ්ඩය පෙර පැවති ප්‍රමාණයට වඩා කුඩා ලෙස නිකුත් කිරීමේ නිසා එම නෝට්ටු භාවිතය පහසු වන අතර නෝට්ටුවේ ආයු කාලය වැඩි වේ.

එහෙත් මෙම මුදල් නොට්ටු අපගේ අපරික්ෂාකරී භාවිතය නිසා නිරායෂයෙන්ම හෝ හිතාමතාම නොයෙකුත් විකෘති විම වලට ලක්වීමට ඉඩ ඇත. අප එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන රන් රිදී මුතු මැණික්, යාන වාහන අප කෙතරම් ආරක්ෂා කරනවාද ? රත්‍රන් ආභරණ පැලද ගෙදරින් එලියට යන දියණියට තමන්ගේ මව නිතරම කියන්නේ රත්‍රන් බඩු ටික පරිස්සම් කර ගන්න, හූර ගන්න එහෙම එපා, ගෙදරි එලියට අරගෙන යන වාහනය ඔබ මොනතරම් පරිස්සමින්ද පාවිච්චි කරන්නේ. එහෙත් ඔබ අතේ ඇති මුදල් නොට්ටු වලට ඔබ නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද ? ඉහතින් සඳන කල රත්‍රන් බඩු යාන වාහන ඔබ මිලදී ගත්තේ මේ මුදල් වලින් නොවෙද ?

ඇයි අපිට බැරි ඒ මුදල් නොට්ටු හරියාකාරයෙන් භාවිතා කරන්න, ඉරෙන්න පොඩි වෙන්න දෙන්නේ නැතුව භාවිතා කරන්න, සමහර මිනිස්සු මුදල් නොට්ටු වල නෙයෙකුත් දේ ලියනවා, සමහර මිනිස්සු මුදල් නොට්ටු හංගගෙන යන්නෙ තමන්ගේ යට ඇඳුමේ, මාකට්වල ඉන්න වෙළෙදමහතුන් මුදල් නොට්ටු ගුලිකරලා සාක්කුවේ දාගන්නවා එහෙම නැත්තන්, සමහර මාළු වෙළෙන්දන්, මස්කඩ වෙළෙන්දන් අතේ තියෙන මස් මාළු වල ලේ පිටින්ම මුදල් ගුලිකරලා පෙට්ටියේ දාගන්නවා, එහෙම නැත්තන් සාක්කුවේ දාගන්නවා. මේ වගේ අපිරිසිඳු ආකාරයට මුදල් නොට්ටු භාවිතය ඔබ අනන්තවත් දැක ඇති. බස් රථවල කොන්දොස්තරමහතුන් එකතු කරන ලැබෙන මුදල් නොට්ටු පටියක් ආකාරයට දෙකට නවා ඇගිලි අතර රඳවාගෙන ඉන්නවා ඔබ අනන්තවත් දැක ඇති.මේ වාගේ ක්‍රියාවන් නිසා මුදල් නොට්ටු ඉතා ඉක්මනින් විකෘති වෙනවා.

පළුදු වීම් සහ විකෘති වීම් නිසා මසකට ‍මුදල් නෝට්ටු ටොන් ගනනක් භාවිතයෙන් ඉවත්කර විනාශ කිරීමට සිදුවන බව ඔබ දන්න්නවාද ?

භාවිතයෙන් ඉවත්කර විනාශ කරන මුදල් නෝට්ටු වෙනුවෙන් අළුතින් නෝට්ටු නිකුත් කිරීම සඳහා විශාල අමතර වියදමක් වැය කිරීමට සිදුවන බවද ඔබ තරයේ දැන ගත යුතුය.

විකෘති නෝට්ටුවක් යනු කුමක් ද ?

ව්‍යවහාර මුදල් නෝට්ටුවක තත්වය එහි වටිනාකම, තීරණය කිරීමෙහිලා විශේෂ පරීක්ෂාවකට ලක්කල යුතු මට්ටමක පවතින විටෙක එවැන්නක් විකෘති නෝට්ටුවක් ලෙස සැලකේ. පිලිස්‍සීමෙන්, ගෙවීයාමෙන්, පලුදුවීමෙන්, ඉරීයාමෙන් හෝ අපවිත්‍රවීමෙන් විකල වු මුදල් නෝට්ටු, පලුදු වු මුදල් නෝට්ටු බවට පත්වේ. තවද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, මුද්‍රා තැබීම හෝ වෙනත් ඕනෑම දෙයක් ඇඳීම හෝ කිසියම් මුද්‍රාවක් හෝ සලකුණක තැබීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ව්‍යවහාර මුදල් නෝට්ටුවක් විකෘති කිරීම උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැක.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල මුදල් ප්‍රමාණයක් වැය කර නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු ජනතාව විසින් පරිහරණයේදී එම නෝට්ටු වලට හානි නොවන ආකාරයට භාවිතා නොකරන අන්දම අප කොතෙකුත් දැක ඇත. නොවැලැක්විය හැකි හේතු නිසා පමණක් නොව හිතාමතාම විකෘති කරන ලද විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන අතර එසේ විකෘති කරන ලද මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා සහ විකෘති වූ පසු එවා විනාශ කර නැවත නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ඔබ තර්යේ මතක තබා ගත් යුතුය.

විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය . . .

පළපුරුදු නිලධාරීන්ගේ මාර්ගයෙන් විකෘති වු නෝට්ටු පිළිබඳව විමසා බලා නොමිලේ ඒ වෙනුවට වටිනාකම ලබාදීමේ සේවාවක් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි. විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය මුදල් නීති පනතේ සඳහන්වන අතර, ගෙවිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් පනතේ සඳහන් උපදෙස් හා විධිවිධාන තරයේ අනුගමනය කරනු ලැබේ.

ඔබ සතුව විකෘති වු නෝට්ටුවක් ඇත්නම් කළයුත්තේ කුමක් ද ?

විකෘති වු විකල වු නෝට්ටු, ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එවීමට හෝ මහ බැංකු මුදල් කවුළුවට භාරදීමට ඔබට හැකියාව ඇත. විකෘති වු නෝට්ටු, බැංකු නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දින දක්වා 9.00 පැයේ සිට 12.00 පැය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ මුදල් කවුළු වෙත බාරගනු ලැබේ.

විකෘති වූ මුදල් නෝට්ටු ඉදිරිපත් කිරීම සඳහා සහ ව්‍යවහාර මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා යොමුවිය යුතු ලිපිනය සහ දුරකථන අංකයන් . . .

ව්‍යවහාර මුදල් අධිකාරී
ශ්‍රී ලංකා මහ බැංකුව
තැ.පෙ. 590
ජනාධිපති මාවත
කොළඹ 01

දුරකථන අංක - 94 11 2477351, 94 11 2477014, 94 11 2477355

මුදල් නෝට්ටු භාවිතයේදී අප මීට වඩා සැලකිලිමත් විය යුතුය. යම් කෙනෙක් අපට විකෘති නෝට්ටුවක් ලබා දෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට අපිට හැකියාවක් ඇත.

නොදැනුවත්ව අප මුදල් නෝට්ටු භාවිතයේදී යම් යම් විකෘති වීම් සිදු වුනද දැන දැන එවැනි දේ සිදු කිරීමට පෙර මොහොතක් සිතා බලන්න.

සුවඳවත් මාරයා – සෙන්ට් පවුඩර්

වර්තමාන සමාජය වනාහි වෙළඳාම හා විකිණීම ම ප‍්‍රමුඛ කරගත් සමාජයක් වීම තුළ ළමා ළපටියා සිට මහල්ලා දක්වා මේ හැමෝටම නොතිත් ආසාවන්, ප‍්‍රමෝදයන් පසුපස නො එසේ නම් පාරිභෝගික භාණ්ඩ හා සේවා පසුපස හඹා යාම පමණක් ජීවිතය ලෙස සිතන්නට බල කෙරී ඇති බැවින් මේ දඩි බිඩි අධි වේගී සංස්කෘතිය තුළ බොහෝ දෙනෙකුට බොහෝ දේවල් පිළිබඳ ව මෙන් ම තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ව ද වන යහපත් සිහිය අහිමිව ගොසිනි. ඒ බොහෝ දෙනෙකුගේ ජීවිත නා නා ප‍්‍රකාරයේ කෑම බීම, සෙන්ට්, පවුඩර්, ඇඳුම් පැලඳුම්, විලාසිතා, ජංගම දුරකතන, යාන වාහන යනාදී කෙළවරක් නො මැති ආශාවන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් ඕනෑවටත් වඩා පිරී ගොසිනි. මේ අධි පාරිභෝගික සමාජය මිනිස් මොළ තුළ නින්නාද නංවන එක ම පරමාදර්ශය නැතහොත් හඬ බවට පත්ව ඇත්තේල ‘‘වහා ම ආශාවන් ලබා ගනු…” යන්න ය. මේ සංඥාව ඔස්සේ මිනිසුන් පාරිභෝගික අවශ්‍යතා හඹා යයි. මේ උමතු හඹා ගොස් ලබා ගැනීමේ නොතිත් ආශාව අවසානයේ දී ලබා දෙන දේවල්වලින් අපි දැන් සමාජයක් ලෙස ඉස්මුරුත්තා වී සිටින්නෙමු.
දිනකට හෘදයාබාධ රෝගීන් 600ක් පමණ රෝහල් ගත වීමටත් ඉන් 150 දෙනෙකු පමණ යළි ගෙදර නො ඒමටත්, දිනකට දියවැඩියා රෝගීන් 150 දෙනෙකු පමණ මිය යාමටත්, ලංකාවේ මිනිසුන් මිය යාමට තුඩු දෙන හේතු අතරින් තුන් වැනි හේතුව පිළිකා රෝගය වී තිබීමටත්, මෑත කාලීන ව පිළිකා රෝගයට දරුවන්, යෞවනයින් හා මැදි වියේ උදවිය වැඩි වැඩියෙන් ගොදුරු වීමටත්, කොටින් ම සෞඛ්‍ය බලධාරීන් පුන පුනා පවසන බෝ නො වන රෝග වසංගතයක් අප රට තුළ පැතිර තිබීමට හේතුල අඟහරු හෝ පිටසක්වල නො ව මේ මහපොළොව මත ම ඇත.
මා මෙහි ලියන, මතු කරන බොහෝ කරුණු කාරණා ඇතැමුන්ට නුහුරු නුපුරුදු සංත‍්‍රාසය ගෙන එන ඒවා වීම පිළිබඳ ව මා හට කරන්නට දෙයක් නැත. එහෙත් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ව යහපත් ලෙස හිතන පතන ඇත්තන් හට කියන්නට තිබෙන්නේ, ‘‘බොන වතුර උතුරුවා නිවාගෙන බොන ලෙස” ය. මේ පාරිභෝගික සමාජය තුළ උත්කර්ෂයට වර්ණනාවට නංවා ඇති බොහෝ දේ පිළිබඳ ව සැක නො කර සිටින්නට තරම් සද්භාවයක් ඒවා තුළ නො මැති බවට හේතු කාරණා ඕනෑ තරම් ඇත. හානියක් සිදු වූ විට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් නො යෙදීම ගැන පසුතැවිලි වීමට වඩා කල් ඇතිව පරෙස්සම් වීම නුවණට හුරු ය. එබැවින් අපි කවුරු කවුරුත් වැඩි වග විභාගයකින් තොරව එදිනෙදා භාවිත කරන, අත්‍යාවශ්‍ය වී ඇති තවත් එක් පාරිභෝගික භාණ්ඩයක් ගැන තතු විත්ති අද අපි සාකච්ඡා කරමු.
තම රූප සෝභාව ඔප් නංවා ගැනීමේ අරමුණින් රූප ලාවන්‍යාගාරයකට ගොඩ වැදුණු එක්තරා ලලනාවකට මිනී පෙට්ටියෙන් ගෙදර එන්නට සිදු වූ පුවතක් පසු ගිය දිනවල දී වාර්තා විය. ඉන් අනතුරු ව හන්දියක් ගානේ පිහිටුවා ඇති මේ ‘බියුටි සෙන්ටර්ස්’ නමින් හඳුන්වනු ලබන කඩල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරික්ෂා කරන ලදි. මෙහි දී හෙළි වූ බරපතළ කාරණාවක් වන්නේ, මේවා තුළ භාවිත කෙරෙන ඇතැම් රූපලාවන්‍ය උපකරණ සහ විලවුන් වර්ග මෙරට තුළ ලියාපදිංචි නො කළ ඒවා සහ ප‍්‍රමිතියෙන් තොර ඒවා බව ය.
මෙවැනි, මිනිස් ශරීරයට විෂ සහිත රසායනික ද්‍රව්‍යය කන්දරාවක් ම, අපි උදේ ඉඳන් රෑ වෙනකල්, වෙළෙන්ඳන් අපි මත පැටවූ කටයුතු රාශියක් කරගැනීම සඳහා භාවිත කරමින් සිටින්නෙමු. එහෙත් ප‍්‍රමිතීන් සහ නීතිමය පාලනයන් ඉතා දැඩිව ක‍්‍රියාත්මක කෙරෙන යුරෝපා රටවල පවා, වෙළඳපොළේ විකිණීමට ඇති නිෂ්පාදන වර්ග පිළිබඳ ව කර ඇති පර්යේෂණවලින් හෙළි කෙරී ඇති තතු විත්ති එතරම් සුන්දර නැත.
වත්සුනු ඇඟ ගැල්වීම ප‍්‍රවේශමෙන්
කාන්තාවන් සහ කුඩා ළමුන්, විශේෂයෙන් ප‍්‍රජනන ඉන්ද්‍රිය ආශ‍්‍රිත ව ටැල්ක් පුයර වර්ග ගැල්වීමෙන් වැළකී සිටිය යුතු බවට අවවාද කිරීමට කාලය එළැඹ ඇතැයි, ටැල්ක් පුයර සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණවලට අනුව විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.
ටැල්ක් භාවිත කර නිෂ්පාදනය කරනු ලබන වත්සුණු වර්ග පිළිබඳ ව විද්‍යාඥයන් සැක සංකා ඇති කරගෙන සිටියේ මෑතක සිට නො වූවත්, නවතම පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ, ‘ටැල්ක් පවුඩර්’ වර්ග පුරුද්දක් ලෙස භාවිත කරන උදවියට අනෙකුත් අයට සාපේක්ෂව, ප‍්‍රජනක පද්ධතිය සහ ස්වසන පද්ධතිය ආශ‍්‍රිත පිළිකා හට ගැනීමට සියයට 40ක පමණ වැඩි අවධානමක් පවතින බවයි. කාන්තාවන් තුන්දහසක් සහභාගි කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකර ඇත.
ටැල්ක් පවුඩර් සාදනු ලබන්නේ ‘මැග්නීසියම් ට‍්‍රයිසිලිකේට්’ නමැති ඛනිජ වර්ගයෙන් වන අතර, මෙම ඛනිජය සියුම්ව අඹරා සාදා ගනු ලබන ‘ටැල්ක්’ තුළ පිළිකා අර්බුදවලට හේතු විය හැකි සියුම් ‘ඇස්බැස්ටස්වලට’ සමාන කෙඳි අඩංගු වන බව 1970 දී පමණ සොයා ගත් අතර, 1973 සිට ම යුරෝපා රටවල් තුළ ‘ටැල්ක්’ නොමැති ළදරු පවුඩර් වර්ග, ඇඟ ගල්වන පුයර වර්ග වෙළඳපොළේ ඇත. ඇමරිකානු පිළිකා සංගමයේ වාර්තාවක පෙන්වා දී ඇත්තේ, ‘ටැල්ක්’ අඩංගු පුයර වර්ග හා ඩිම්භකෝෂ පිළිකාව අතර ඍජු සම්බන්ධයක් පවතින බව ය. මේ සම්බන්ධයෙන් කර ඇති තවත් පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ, ප‍්‍රජනක ඉන්ද්‍රියයන් ආශ‍්‍රිතව ටැල්ක් පවුඩර් වර්ග සහ ‘ඩිඔඞ්රන්ට්’ (දහදිය ගඳ වළක්වන ආලේප) ගල්වන කාන්තාවන්ටල සියයට 50% සිට 90% දක්වා වැඩි වන අවදානමක් ඩිම්භකෝෂ පිළිකා කෙරෙහි පවතින බවයි.
මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ පුයර වර්ග නිෂ්පාදනය කරන කම්කරුවන් අතර, දරුණු පෙනහලූ ආශ‍්‍රිත ආබාධ සහ පිළිකා තත්ත්වයන් බහුල බව තවත් අධ්‍යනයක දී හෙළි වී ඇත. එබැවින් ඔබ ටැල්ක් පවුඩර් වර්ග විශේෂයෙන් කුඩා දරුවන්, අත දරුවන් සඳහා භාවිත කිරීමේ දී සැලකිලිමත් වීම මැනවි. (පුයර මල්) විශේෂයෙන් කුඩා දරුවන් මෙම ටැල්ක් ආශ්වාස කිරීම, ඔවුන්ගේ නො මේරූ පෙනහලූ තුළ බරපතළ සංකූලතා ඇති විය හැකි බවත්, වැරදීමකින් හෝ මෙම පුයර වර්ග මුඛය හරහා ආමාශගත වීම ද, විෂ සහිත බවත් අවධාරණය කළ යුතු ව ඇත.
එක්සත් ජනපද පාරිසරික වැඩ කමිටුවේ වාර්තාවකට අනුව, මෙම ‘ටැල්ක්’, සුවඳ විලවුන්, පවුඩර් වර්ග, ෆවුන්ඬේසන්ස් වර්ග, තොල් ආලේපන සහ ඩියොඞ්රන්ට් වර්ගවල පවා අඩංගු විය හැකි බවත්, ආහාර නිෂ්පාදනයේ දී ‘ප‍්‍රතිකැටිකාරකයක්’ (Anticaking agent) ලෙස ද භාවිත කරනු ලබන බවත් පෙන්වා දී ඇත. ඇමරිකානු ‘ආහාර හා ඖෂධ අධිකාරිය’ (FDA) විසින් මෙය ආහාර සඳහා භාවිත කිරීම තහනම් කිරීමට සලකා බලමින් සිටී. මෙම පර්යේෂණවල ප‍්‍රතිඵල අදාළ වන්නේ සුලභ වශයෙන් මෙම නිෂ්පාදන භාවිත කිරීමේ දී පමණක් බව ද වාසනාවකට මෙම පර්යේෂණවලින් හෙළි වී ඇති බවත් කිව යුතු ව ඇත.
රූපලාවන්‍ය නිෂ්පාදනයේ ලේබලයේ ටැල්ක්, ටැල්කම්, ෆ්‍රෙන්ච් චෝක්, ටැල්කම් පවුඩර් හෝ MG3H2 හෝ SiO3 ලෙස සඳහන් කර තිබෙනවා නම්, ඒ ‘ටැල්ක්’ ය. ‘ටැල්ක්’ වෙනුවට ‘ඉරිඟු ඇට පිටි’ පදනම් කර ගත් වත්සුණු වර්ග විදේශීය රටවල වෙළඳපොළෙ විකිණීමට ඇතත් අපේ රටේ නම් ඉරිඟු පිටිවලින් සාදනු ලබන වත්සුණු වර්ග අඩුම තරමින් ළදරුවන් සඳහා වන නිෂ්පාදනවල වත් දක්නට නොමැත. එබැවින් නීති රීති මඟින්, පාලනය කෙරෙන තුරු නො ඉඳ, දැන් සිට ම මේවා ගැල්වීම අවම කිරීමත්, ‘‘ඕනෑ ම දෙයක් ඕනෑවට වඩා ඕනෑ ම නැත” යන්න කල්පනාවට ගෙන ජීවත් වීමත්, ශරීර සෞඛ්‍යට හිතකර බව හිතට ගත යුතු ය.
හිම කාන්තාර තුළ, ගල් අඟුරු ආකර උඩ සීතල නිසාවෙන් මිනිසුන් මිය ගිය අතීතයක් මානව වර්ගයා පසු කරගෙන පැමිණ ඇත. ගල් අඟරු යනු ප‍්‍රබල ඉන්ධනයක් බවට වන ඥානය ඔවුන් දැන සිටියා නම් කිසිසේත් ඔවුන්ට ඒ ඉරණම අත් නො වනු ඇතග ස්වාභාව ධර්මයා සතු රෝග සුව කිරීමේ විස්මිත බලය පිළිබඳ ව අවුරුදු දහස් ගණනක මානව ඉතිහාසය තුළ අතැඹුළක් සේ අපි දැන සිටියෙමු. ‘‘දිය කෙළින ලියන් ගල්වා සිටි ස්වාභාවික ආලේපන ජලයට මුසු වී දිය රත් පැහැ ගැන්වුණු බව”, සිරි රහල් හිමි කවියට නැගුවේ එබැවිනි. අපි, පසු කරගෙන ආ ඉතිහාසය තුළල රූපලාවන්‍ය සඳහාත්, දීර්ඝායුෂ විඳීම සඳහාත් ස්වාභාව ධර්මයෙන් ලද දායාද මැනවින් ප‍්‍රගුණ කළල භාවිත කළල එවන් ස්වාභාවික සම්පත්වලින් අනූන ජාතියක් වෙමු. එකල සුදු හඳුන්, වෙනිවැල්, රත්කිහිරිය කැබැල්ලක්, කෝමාරිකා පඳුරක්, වද කහ පඳුරක් නොමැති නිවසක් ගෙවත්තක් ලංකාවේ නො තිබුණි.
එහෙත් ඒ ඥානය තිබුණු ආච්චි අම්මලාගේ වර්තමාන මිණිබිරියන්, ගොඩපර ගස් යට සිට ගොඩපර සාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වෙළඳ දැන්වීම්වලින් කියනු ලබන ‘ෂැම්පු’ වර්ග බෝතල් ගණනින් සෞඛ්‍යට මෙන් ම පරිසරයටත් වින කරන රසායනික සංයෝග කන්දරාවක් සමඟ හිස ගල්වාගෙන ගොඩපරවල ඇති ඔසු ගුණ ගැන කයිවාරු ගසති. රූපලාවන්‍ය උපකරණ හා නිෂ්පාදන පිළිබඳ තතු විත්ති බොහොමයක් කියන්නට ලියන්නට ඇතත්, පෙර පිං මහිමයෙන් ලද වටිනා මිනිස් ආත්මය තූළ රෝග පීඩාදීන්ට ලැගුම් හළක් වන්නට ඉඩ නො දී, වෙළඳ දැන්වීම් උප්පර වැට්ටිවලට හසු නො වී සිටීමට තරම් යහපත් සිහි නුවණ මනුවගට ලැබේවා! යැයි අපි ප‍්‍රාර්ථනා කරමු.