__________________________
***Pinhole කැමරා***
ඉතා සූක්ෂම වීඩියෝ කැමරාවක් යොදා ගනිමින් රෝහල් වැසිකිළියක් තුළ සිදුවන දේ රහසිගතව රූගත කළ වෛද්‍යවරයෙකු පිළිබඳ පුවතක් පසුගියදා අනුරාධපුර ප්Mirror1රදේශයෙන් වාර්තා විය. විශේෂයෙන් කාන්තාවන් අතිශයින් කළඹවන පුවතක් බවට පත් වූයේ කිසිවෙකු හෝ නොදැන ඒ ආකාරයේ සිදුවීම් තව කොතෙක් නම් සිදුවනවා ඇතිදැයි යන පැනයත් සමගය. හදිසි අවශ්‍යතාවයකට හෝ එවැනි පොදු ස්ථානයකට යාමට චකිතයක් දනවන තරමට එම සිද්ධිය ප්‍රබල විය.
කලකට පෙර ද ඒ ආකාරයේ සිදුවීමක් ගම්පහ ප්‍රසිද්ධ රෙදි වෙළෙඳසලක් තුළදීද සිදුව තිබූ බව අනාවරණය වූයේ එය සිදු කළා යැයි පවසන වෙළෙඳසලේ හිමිකරුවා ඝාතනය වීමත් සමග එහි සුලමුල සොයා ගිය අවස්ථාවේදීය. නමුත් එම සිදුවීමේ යථා ස්වරූපය තවම වාර්තා වී නැත.
දැනට හෙළිදරව් වී ඇත්තේ ඒ ආකාරයේ සූක්ෂ්ම කැමරා Pinhole Camera ආදිය මගින් ෆිට්ඕන් රූම් (fit on room Trial room) වැසිකිළි ආදිය තුළදී අතිශය පෞද්ගලික ක්‍රියාවන් හා විශේෂයෙන් කාන්තාවන්ගේ නිරුවත රහසිගතව නැරඹූ සිද්ධීන්ය
රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක් trial rooms තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඒ දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද?
ඇත්තටම දැන් දැන් ඒ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිතුවා.
•Pinhole කැමරා ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.
ඔබ trial rooms තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ.
මේ කැමරා ඇත්තේ trial rooms තුළ පමණක්ම නොවේ. පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න.
__________________________
***2-way Mirrors*** දෙපැති කණ්ණාඩි
Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් trial rooms තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2-way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනීමයි. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ පැහැදිළියි නේද?
දෙපැති කණ්ණාඩියක් (Two way mirror) සවිකර ඇති දැයි හඳුනා ගන්නේ කෙසේද ?
බැලූ බැල්මට අපහසු වුMirrorවද දෙපැති කණ්ණාඩියක් හඳුනාගැනීමට හැකි එක් උපක්‍රමයක් වේ. ඒ අනුව අපට යම් සැකයක් ඇති ස්ථානයක සවිකර ඇති කණ්ණාඩියක් මත මෙම රූපසටහනේ දැක්වෙන අන්දමින් ඇඟිල්ල තැබූ විට එම කණ්ණාඩිය සාමාන්‍ය එකක් ද නැතහොත් ඇතුළත වන සියල්ල පිටතට දර්ශනය වන දෙපැති කණ්ණාඩියක් දැයි හඳුනා ගත හැකිය.
ඒ අනුව කණ්ණාඩිය මත ඇඟිල්ල තැබූ විට සාමාන්‍ය භාවිතයේ ඇති කණ්ණාඩියක් තුළින් පෙනෙන ඇඟිල්‍ලේ ප්‍රතිබිම්බය සහ සැබෑ ඇඟිල්ල අතර ඉතාම කුඩා අවකාශයක් දැකිය හැකිය. ඒ කණ්ණාඩියේ පිටත ආලේප කර ඇති රසඳිය ආලේපනයේ ඝණත්වය දැක්වෙන ඉඩ ප්‍රමාණයයි.
එහෙත් දෙපැති කණ්ණාඩිය (Two way mirror) මත ඇඟිල්ලක් තැබූ විට පෙර කී ආකාරයේ හිඩැසක් නැතිනම් අවකාශයක් කිසිසේත් දර්ශනය නොවේ. ඇඟිල්ල සහ ප්‍රතිබිම්බය එකිනෙක ඉතා හොඳින් ගැටෙන නැතහොත් එකිනෙක ස්පර්ශ වන බවක් දැක ගත හැකිය.
දැන් දැන් රට තොට සිදුවන දේ ‘සූදානම් ශරීරයෙන්’ යැයි කියා සාප්පුවක, හෝටල් කාමරයක ඇති සැකකටයුතු කණ්ණාඩියක් මත ඇඟිල්ල තබා පළමු කොටම සැක හැර ගැනීම ඇඟට ගුණ යැයි පැවැසිය යුතුය.
****මේ දේ හැකිතාක් ඔබේ මිතුරියන් සමඟ බෙදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න. ඔබේම සහෝදරිය, ඔබේම ආදරවන්තිය මේ දේට ගොදුරු විය හැකි බව සිහියට ගන්න.****
No comments:
Post a Comment