ශරීරයට අහිතකර වෙන රසායනික ද‍්‍රව්‍යයන් ඇතුලත් මිලෙන් අධිකවූ නොයෙකුත් ඖෂධ වර්ගයන් භාවිතා කරනවාට වඩා ස්වාභාවිකවූ ප‍්‍රතිකාරයන් වෙත යොමු වීම වඩාත් යෝග්‍ය වෙනවා. මෙම ලිපියේදී ඔබට දැනගැනීමට හැකියාව තිබෙනවා හිසකෙස් වැටීම වලකාලන සාර්ථක ස්වභාවික උපදෙස් 5ක් පිලිබදව. එම උපදෙස් නිසි පරිදි පිලිපැද හිසකෙස් වැටීම වලක්වාලීම සදහා එම ක‍්‍රමවේදයන් කොපමණ දුරට සාර්ථකද යන්න ඔබටම දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා.
1. උණුසම් තෙල් ප‍්‍රතිකාරය
ඔලිව් සහ පොල්තෙල් වැනි ස්වභාවික තෙල් වර්ගයක් මදක් උණුසුම් කොට හිස්කබල අභ්‍යන්තරයට හොදින් උරා ගන්නා තුරු මෘදුව සම්භාහනය කරන්න. එලෙසින් සම්භාහනය කොට හිස වැසෙන සේ "shower cap", එකක් වැනි යමකින් හිස්කබල පැයක් පමණ ආවරණය කොට තබා පසුව ෂැම්පු වර්ගයක් භාවිතා කොට හිස සෝදා හරින්න.
2. ස්වභාවික යුෂ
සුදුළුනු, ලූණු හෝ ඉගුරු ඉස්ම වැනි ස්වභාවික යුෂ වර්ගයක් ගෙන හිස්කබලෙහි හොදින් අතුල්ලන්න. රාත‍්‍රිය පුරාවටම එම යුෂ හිස් කබල මත තබා ගෙන සිට උදෑසනින් සෝදා හරින්න.
3. හිස සම්භාහනය
දවසකට මිනිත්තු කිහිපයක් හිස සම්භාහනය කිරීමෙන් හිස්කබලෙහි වූ රුධිර සංසරණය උත්තේජනය වීමක් සිදු වෙන අතර හිස්කබලෙහි වූ ක‍්‍රමවත් රුධිර සංසරණය කේශ කෝෂිකාවන් සක‍්‍රීයව තබා ගැනීමට උපකාරී වෙනවා. හිස සම්භාහනය සදහා විශේෂිත වූ තල තෙල් වැනි තෙල් වර්ගයක් භාවිතා කරමින් සම්භාහනය කිරීමෙන් විශ්මිත ප‍්‍රතිපල ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
4. ප‍්‍රතිඔක්සිකාරක
එක් වතුර කෝප්පයකට (ග‍්‍රීන් ටී) බෑග් දෙකක් පමණ යොදා ගනිමින් සදා ගත් මද උණුසුමක් ඇති එම මිශ‍්‍රණය හිස මත ගල්වා පැයක් පමණ ගිය පසුව පිරිසිදු වතුර භාවිතා කරමින් සෝදා හරින්න. (ග‍්‍රීන් ටී) වල අන්තර්ගත ප‍්‍රතිඔක්සිකාරකයන් හිසකෙස් වැටීම වලකාලන අතර හිසකෙස් වර්ධනය කිරීමක්ද සිදු කරන නිසා මෙම ප‍්‍රතිකාරය මගින් විශ්මිත ප‍්‍රතිපල ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.
5. භාවනාවක් පුරුදු පහුණු වීම
බොහෝ අවස්තාවන් වලදී හිසකෙස් වැටීම සදහා හේතු සාධක වෙන්නේ මානසික ආතතිය කියන තත්වයයි. භාවනාමය ක‍්‍රමවේදයක් මගින් මානසික ආතතිය අවම කරගැනීමට හැකියාව තිබෙන අතර එමගින් හොමනයන් සමබර කරගැනීමටද හැකියාව ලැබෙනවා.
***හිසකෙස් වැටීම හේතුවෙන් පීඩා විදින බොහෝ දෙනෙක්ට මෙම ලිපිය අතිශයෙන් වැදගත් වෙනවාට නොඅනුමානයි. මෙම ලිපිය සැමගේ දැනගැනීම පිණිස share කරන්න.***
___________________________
5 Natural tips to prevent hair loss
It's better to use natural products to stop hairfall than to go in for expensive parlour treatments, that may not help the problem.
Try the following easy tips at home and see how effective they are in reducing hair loss!
1. Hot oil treatments: Take any natural oil - olive, coconut, canola - and heat it up so that it is warm, but not too hot. Massage it gently into your scalp. Put on a shower cap and leave it on for an hour, then shampoo your hair.
2. Natural juices: You can rub your scalp with either garlic juice, onion juice or ginger juice. Leave it on overnight and wash it thoroughly in the morning.
3. Get a head massage: Massaging your scalp for a few minutes daily will help stimulate circulation. Good circulation in the scalp keeps hair follicles active. Circulation may be improved through massage by using a few drops of lavender or bay essential oil in an almond or sesame oil base.
4. Antioxidants: Apply warm green tea (two bags brewed in one cup of water) on your scalp and leave this mixture on for an hour and then rinse. Green tea contains antioxidants which prevent hair loss and boost hair growth.
5. Practice meditation: Believe it or not, most of the times, the root cause for hair loss is stress and tension. Meditation can help in reducing that and restore hormonal balance.
No comments:
Post a Comment