ඇස්වහ, කටවහ, හෝවහ යන වචන අසන්න පවා අප අකැමැතිය. ඒ තරමටම ගුප්ත විද්‍යාව විසින් මේවා පිළිබඳ දීර්ඝ වූත් බියජනක වූත් විවරණ අප මනසට කාවද්දා ඇත. මිනිසා, සතා සිවුපාවා, ගහවැල, ගේ ෙදාර, යාන වාහන ආදී අජීවී සියලු වස්තු මේ ත්‍රිවිධ දෝෂයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අප කරන්නා වූ පිළියම් අපමණය. අසවලා ළඟ බොහෝ ඇස්වහ ඇති බවත් අසවලා ළඟ බොහෝ කටවහ ඇති බවත් පුරාණේ ඇත්තෝ සිය අත්දැකීමෙන් දත්හ. ඒ නිසාම මෙම දෝෂ සහිත පුද්ගලයන් දක්නට පවා කවුරුත් කැමැති නැත.
හොඳින් හඳුනා ගත හැකි මෙවන් "වහදෝෂ සහිත පුද්ගලයන් බිහි වන්නේ දහසකට එක් අයකු පමණි. අවශේෂ වශයෙන් සෑම පුද්ගලයකු ළඟම මෙවන් දෝෂ තත්ත්ව පැවැතීමට පුළුවන. අධිකතර වහදෝෂ ඇත්තෝ "සමාජ පිළිල" ලෙස සලකන්න ඇතැම්හු උත්සාහ දරති. දරුවකු උපදින විට පෙරුම්කායම් බැඳ රත් මලින් නහවා මොට්ටු තබා මුහුණ අවලස්සන වීම, විවිධ ලකුණු තබන්නේද පල සපිරි ගහ වැලට පිරිත් පැන් ඉස බාරහාර වී පඹයන් අඹා මිනිස් ඇසින් ආවරණ කොට තබන්නේද අලුතින් ඉදිවන ගේ ෙදාර බලි රූප ඇඳ විවිධ වැකිවලින් සරසන්නේද අන් දෙයක් නිසා නොව මේ වහ දෝෂවලින් බේරා ගැනීම සඳහාය. මේ ත්‍රිවිධ වහ දෝෂයන්ගෙන් බේරීමට චිරාත් කාලයක සිට ලෝකයේ බොහෝ දෙනා අද දක්වාම විවිධ ප්‍රතිකර්ම කරති.
රසායනික සංඥාවක්
නූතන තාක්‍ෂණික විද්‍යාඥයන් විසින් ලෝක විෂය පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කරයි. එසේ නමුත් ඇස්වහ, කටවහ, හෝවහ නමින් හඳුන්වන ත්‍රිවිධ "වහ" දෝෂයන්ගේ විද්‍යාත්මක සත්‍ය කුමක්දැයි මේ දක්වා හඳුනාගෙන නැත. විවිධ ජීවීන් යොදා ගනිමින් ඔවුන් නිකුත් කරන රසායනික සංඥා පිළිබඳ ලොව පුරා බොහෝ ජීව විද්‍යාඥයෝ් පර්යේෂණ පවත්වති. එසේම ඒවා හරහා යම් යම් නිගමනද ලොවට හෙළිකරති. එසේ නමුත් මිනිසා එවැනි රසායනික සංඥා නිකුත් කරන්නේද යන්න තවමත් ලොවට හෙළි වී නැති අබිරහසකි. සැබැවින්ම මිනිසා එවැනි රසායනික සංඥා නිකුත් කරන්නේද ගවේෂණය කිරීමේදී ගුප්ත විද්‍යාව තුළ සැඟවුණු ප්‍රබල රසායනික සංඥා ත්‍රිත්වයක් හඳුනා ගතිමි.
ඒ මා විසින් යට දක්වන ලද ඇස්වහ, කටවහ, හෝවහ යන ත්‍රිවිධ දෝෂය. මේවා මිනිසා විසින් විශ්වයට මුදා හරින ප්‍රබල විස සහිත රසායනික සංඥා විශේෂයක් වන අතර මීට අමතරව වලහගිනි, අඬවැඩියා ආදී වහ දෝෂද රසායනික සංඥා ලෙස මිනිසා විසින් නිකුත් කරයි. කිසියම් සත්ත්වයකු තමන්ගේ එක් ඉන්ද්‍රියක් පමණක් උපයෝගී කොට ගෙන එක් අරමුණක් උදෙසා තම රසායනික සංඥාව නිකුත් කරයි. නිදසුනක් ලෙස වවුලා නිකුත් කරන්නේ ශබ්දය කරණකොටගත් රසායනික ධ්වනි සංඥාවකි. Fabre හා කීට විද්‍යාඥ J. A. Linter විසින් අවුරුදු කිහිපයක් සලබයන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලදී. එහිදී ඔවුහු අපූරු නිගමනයක් ලොවට හෙළි කළහ. එනම් ගැහැනු සලබයන් තම පිරිමි සලබයා ගෙන්වා ගැනීමට 10km පමණ දුරට රසායනික සංඥා නිකුත් කරන බවයි. මේ අදී වශයෙන් සත්ත්ව ලෝකයේ විවිධ සතුන් පිළිබඳවත් ඔවුන්ගේ රසායනික සංඥා පිළිබඳත් තතු ලොවට හෙළි වෙද්දී මිනිසා පිළිබඳ ඔවුන් නොසලකා හැරියේ මන්ද?
සාහති්‍යකරුවාගේ මතය
පැරැණි සාහිත්‍යයකරුවා විසින් මිනිසා කෙරෙන් නික්මෙන රසායනික සංඥා පිළිබඳ දුටු අයුරු අපූරුය.
කුරිරු ගොර සපුන්ගේ දළ'ගෙහි විසය
මදුරු මැසි කැලැන්ගේ තුඩ'ගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වල'ගෙහි විසය
නපුරු දුදන්ගේ සියොළ'ඟෙහිම විසය
(සුභාෂිතය - අලගියවන්න මුකවෙටිතුමා)
මේ කවිය මැනැවින් අධ්‍යයනය කරන කල්හි මා විසින් යට දක්වන ලද මතය මැනැවින් ස්ඵුට නොවේද? නපුරු සිත් ඇති මිනිසුන්ගේ සර්වාංගයෙන්ම ප්‍රබල විස සහිත රසායනික සංඥා නිකුත් වන බව කියන්න හොඳම නිදසුන මෙය නොවේද "නානත්ථ කායා, නානත්ථ සංඥා" යන බුදු වදන වචනාර්ථයෙන් නොව ගැඹුරින් විමසා බැලූ කල මේ විද්‍යාත්මක සත්‍ය අපට මැනවින් පසක් වේ. නානාවිධ කාය ස්වරූප ඇත්තෝ නානාවිධ සංඥා නොහොත් සිතුවිලි දහරා විශ්වයට මුදාහරිති. ඇතමකුගේ රසායනික සංඥා කෙතරම් ප්‍රබලද යත් හිරු සඳු පවා අවනත වූ බව ඉතිහාස ගත සාක්‍ෂිවලින් පෙනේ. වේදබ්භ ජාතකය, කේවඩ්ඩ සූත්‍රය මේවාට කදිම නිදසුන් සපයයි. එපමණක් නොව අපි නූතන ලෝකය දෙසට හැරී බලමු. සිග්මන් ප්‍රොයිඩ්, එඩ්ගා කේසි වැන්නවුන් තම ප්‍රබල රසායනික සංඥා තුළින් අන් අය මෝහනය කිරීම, පෙර භවයන් කියැවීම ඇදී විස්මිත දේ කළහ.
සිත ප්‍රබලයි
මිනිසා විසින් නිකුත් වන රසායනික සංඥා විස සහිත හා රහිත වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. අද අපි විමසා බලනුයේ මිනිසා කෙරෙන් නිකුත් වන විස සහිත ප්‍රබල රසායනික සංඥා මොනවද යන්නයි. අන් සතුන්ට වඩා මිනිසා විසින් නිකුත් කරන රසායනික සංඥා සඳහා ප්‍රබල ලෙස සිත බලපාන බව ඔබට කිවයුතුය. සර් ජගතීස් චන්ද්‍රබෝස් නම් මහා ඉන්දියානු විද්‍යාඥයා මිනිසා කෙරෙන් රතු හා නිල් පැහැති රැස් වළල්ලක් විහිදෙන බව ප්‍රකාශ කරයි. එහිදී ප්‍රසන්න වූ සිතුවිලි ඇත්තාගේ සිරුරෙන් නිල් වර්ණය අධික ලෙසත්, දුෂ්ට වූ සිතුවිලි ඇත්තාගේ සිරුරෙන් රතු වර්ණය වැඩි වශයෙනුත් පිට වන බව හෙළි කරයි. (සොබාදහම් ගොවිතැන - තිලක් කන්දේගම) මේ නිගමනයට අනුව මිනිසා සත්‍ය ලෙසම රසායනික සංඥා නිකුත් කරන බව අපට හෙළි වේ. එපමණක් නොව මා මුලින් සඳහන් කළ මනෝ චිකිත්සක එඩ්ගා කේසි විසින් කළු පැහැ රශ්මි දහරා නිකුත් කළ මිනිසුන් පිළිබඳ පරීක්‍ෂණ ගණනාවක් පවත්වා ඇත. එසේම 1901දී චාර්ල්ස් ලිඩ්බීටර් හා ඇනී බෙනසන්ට් මහත්මිය ලියූ Thought Forms කෘතියේද මෙවැනි අඳුරු පැහැ රශ්මි දහරා විහිද වූ මිනිසුන් පිළිබඳ සඳහන් වේ. මේ සියල්ල ගෙන බැලූ කල අපට පැහැදිලි වන්නේ මිනිසා විසින් ප්‍රබල රසායනික සංඥා ගණනාවක් විශ්වයට මුදා හරින බව නොවේද?
ඇස්වහ කාරයෝ
බොහෝ වහදෝෂ ඇති පුද්ගලයෝ වයස් ගතව ඉන්ද්‍රිය දුර්වලතාවලින් පෙළෙන්නෝ වෙති. පංච ඉන්ද්‍රිය සිරුරේ ඉන්ද්‍රිය හතරක්ම අඩපණ වූ කල එක් ඉන්ද්‍රියක් ප්‍රබල ලෙස ශක්තිමත් වේ. එයට හේතුව පෙර කී ඉන්ද්‍රිය හතරේම ශක්තිය විද්‍යුත් චුම්භක ක්‍ෂේත්‍රයන් හරහා නිරෝගී ඉන්ද්‍රිය වෙතට යොමුවීමයි. තවත් සරලව පවසන්නේ නම් යමෙකුගේ කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් දුර්වල වී එහි ශක්තිය ඇස හරහා ගොස් ඇසේ පෙනීම ප්‍රබල කරයි. එහිදී ඇසේ දෘෂ්ටි විතානය, අක්‍ෂි ගෝලය, උත්තල කාචය ප්‍රබල ශක්ති කදම්බයක් බවට පත්වේ. අයහපත් සිතින් එවන් ඇසකින් යමක් දෙස බැලූ කල ප්‍රබල කිරණ ධාරාවක් එකී වස්තුව වෙතට ඇදී යයි. එය ප්‍රබල රසායනික සංඥාවක් බවට පත් වී එම වස්තුව විනාශවී යෑමට වුවද ලක් විය හැකිය. මෙවැනි ඇස් ඇති පුද්ගලයෝ 'ඇස්වහ කාරයෝ' යැයි සමාජය විසින් හඳුනා ගනී. මේ අය යමෙකු දෙස බලූ කල ඔහු රෝගාතුර වී මිය යෑමට පවා බැරි නැත. සරු අස්වැන්නක් හෝ වෙනත් වස්තුවක් දෙස බැලූ කල එය පිලිස්සී, වියළි, ඉරි තැළී යෑමට පවා ඉඩ තිබේ. සැබැවින්ම මේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද? එයට බලපාන නූතන විද්‍යාත්මක සංකල්පය පහත දැක්වෙන රූප සටහන ඇසුරින් විමසා බලමු. උත්තල කාචයක් හරහා ආලෝක කිරණයක් ගමන් කිරීමට සැලැස්වූ කල එහි නාභියේදී ප්‍රබල රශ්මි කදම්භයක් උපකා ගත හැකිය. යම් හෙයකින් එකී නාභියට ගිනි ගන්නාසුලු යමක් තැබූ විට එය වහා ගිනි ගනී. "ඇස්වහ" ඇති පුද්ගලයාගෙන්ද සිදුවන්නේ මේ දේමය.
මෙවන් පුද්ගලයන් වටා රතු සහ කළු පැහැති රශ්මි දහරා වැඩි වශයෙන් පවතින අතර දූෂිත වූ සිතුවිලි සහිතව කල් ගෙවන බවද දක්නට පුළුවන.
කටවහ
මා ඉහතින් දැක්වූ පරිදි කන, ඇස, නාසය, ශරීරය ආදී ඉන්ද්‍රියන් අඩපණ වූ යමෙකුගේ එකී ශක්තිය දිව ප්‍රධාන කොට ගත් මුඛය වෙත යොමු වේ. එහිදී 'කටවහර' ප්‍රබල විද්‍යුත් චුම්භක ශක්ති කදම්භයක් ලෙස විශ්වයට මුදා හරියි. මෙහිදී ඔහු කෙරෙන් නිකුත් වන වචනත් සමඟම ප්‍රබල රසායනික සංඥාවක්ද නිකුත් වේ. යම් කෙනෙක් හෝ වස්තුවක් අරබයා මෙම සංඥාව නිකුත් වනවාත් සමඟම ප්‍රබල රසායනික ක්‍රියාවලියක් හට ගනී. එහි අවසාන ප්‍රතිඵලය එකී වස්තුවට හෝ ජීවියාට හානි පැමිණීමයි. මේ පිළිබඳ ඔබ හො¼දාකාරවම දන්වා ඇත. කටවහ කාරයකු විසින් "මෙදා පාර කුඹුර සරු සාරෙට පැහිලා තියෙනවා" යැයි කීවොත් පසුදා කුමන හෝ උවදුරකට ලක්ව කෙත විනාශ වී යයි. මෙහිදී සිදුවූයේ කුමක්ද? ඔහු නිකුත් කළ සංඥාව ප්‍රබල රසායනිකයක් බවට පත්වීම නොවේද? ඇතැම් කටවහ ඇත්තන්ගේ කියුම් නිසා එවලේම ප්‍රතිඵල ලැබෙන බව සමාජයේ තතු දන්නෝ දනිති.
හෝ වහ
අපි මුලින් දැන ගත් පරිදි මිනිසාගේ සිරුරෙන් විහිදෙන රශ්මි මාලාව 'හෝවහ' ලෙස හැඳින්විය හැකිය. යමකුගේ කන, ඇස, නාසය, දිව ආදී ඉන්ද්‍රියන් දුර්වල වෙත්ම ඒවායේ ගැබ්වූ ශක්තිය ශරීරයේ සම් ආවරණයෙන් පිටතට විහිදේ, මෙම රශ්මි දහරාවන් තද රතු හෝ කළුවන් වර්ණවලින් යුතුවේ. දැඩි මෝහය, ලෝභය, වෛරය, තණ්හාව, ආශාව ඇති පුද්ගලයන් තුළින් නිරන්තරයෙන්ම ඉහත කී අඳුරු පැහැ රැස් දහරාවන් විශ්වයට නිකුත් වේ. ඒවා රසායනික සංඥා බවට පත් වී ඇතැම් විට පාරිසරික සාධක පවා වෙනස් කරයි. මෙසේ හෝවහ ඇත්තකුගේ සිතුවිලි යම් මොහොතක එක්තැන් වී එයින් හට ගන්නා රසායනික සංඥා විද්‍යුතය බවට පත්වීම සිදුවේ. එම විද්‍යුතය ශරීරයේ රෝමෝද්ගමනය (රෝම කූප) හරහා පරිසරයට මුදාහැරීමේදී එයට හසුවන සෑම අජීවී සජීවී වස්තුවක්ම විනාශ වීමට හෝ අඩපණ වීමට පුළුවන. එය එසේ නම් අලගිවන්න මුකවෙටිතුමා පවසන 'නපුරු දුදනන්ගේ සියොළඟෙහිම විසය' යන යෙදුම කොතෙක් සත්‍ය දැයි ඔබට සිතා ගත හැකිය.
ඇස්වහ, කටවහ, හෝවහ පිළිබඳ මාගේ ගවේෂණයට අනුව එක් නිගමනයකට එළඹුණෙමි. මේ සියලුම වහදෝෂ විකිරණශීලී රසායනික සංයෝගයන් බව මාගේ හැඟීමයි. අපේ පංච ඉන්ද්‍රියන්ගේ සැකැස්ම නූතන විද්‍යාවට අනුව පරමාණුවෙන් ආරම්භ වේ. මෙසේ පරමාණු බොහෝ ගණනාවක් එකතුවී අපේ සිරුර නිර්මාණයවී ඇත. මෙම සිරුරේ එක් එක් ඉන්ද්‍රියය වයසට යෑමත් සමඟ දුර්වල වීමේ දී ඒ ඉන්ද්‍රිය තුළ ඇති පරමාණුක න්‍යෂ්ටි ක්‍ෂය වී එයින් කිරණයක් මුදා හරියි. එම කිරණ 'විකිරණ' නමින් හඳුන්වයි. එම විකිරණ වර්ග තුනකින් හඳුනා ගත හැකිය. ඒ ඇල්ෆා, බීටා, ගැමා වශයෙනි. මෙසේ විනාශ වී යන ඉන්ද්‍රියෙන් නිකුත් වන කිරණ සක්‍රිය එක් ඉන්ද්‍රියක් වෙතට ගොස් වඩා ශක්තිමත් හා ප්‍රතිඵල එකක් බවට පත් කරයි. එම ඉන්ද්‍රිය විසින් එකී විකිරණ විශ්වයට මුදාහරින අතර එයට හසුවන ජීවී සෛලය විනාශයට පත්වේ. මෙම සිද්ධාන්තය ගුප්ත විද්‍යාව තුළ වහ දෝෂ ලෙසින් හඳුන්වා ඇත
Friday, August 29, 2014
ආසියාවේ සිංහයන් ඉන්නවාද? වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින ආසියානු සිංහයා!
සිංහයින් ඉන්නේ අප‍්‍රිකාවේ වනාන්තරවල. ඒත් ආසියාවේ සිංහයන් ඉන්නවාද? අපේ ලංකාවේත් ඉස්සර සිංහයන් හිටියා කියා කියනවා. අද නම් සත්තු වත්තේ හැරෙන්න ලංකාවේ වෙනත් කිසිතැනක සිංහයන් ජීවත් වන්නේ නෑ. ඔවුන් වඳ වී ගොසින්ය ...
සිංහයා අයත් වන්නේ බිළාල පවුලටයි, ඒ කියන්නේ මහ බළල් පවුලටයි. දිවියා (Leopard) තමයි, මේ පවුලට අයත්, අපට ඉන්න, එකම නෑයා. එයාට පුල්ලි කොටියා කියලත් කියනවා.
ආසියානු සිංහයාගේ සත්ව විද්‍යාත්මක නාමය තමයි, පැන්තේරා ලියෝ පර්සිකා (Panthera leo persica) මේ ආසියානු සිංහයන් අප‍්‍රිකානු සිංහයන්ගෙන් බිහි වූ උප සත්ව විශේෂයක් හැටියටයි, සත්ව විද්‍යාඥයන් හඳුන්වන්නේ. මෙම ආසියානු සිංහයන් අද ජීවත් වන්නේ ඉන්දියාවේ විතරයි. ඒ නිසා මොවුන්ව ඉන්දියානු සිංහයන් කියලත් හඳුන්වනවා. ඈත අතීතයේ නම් මධ්‍යධරණී ප‍්‍රදේශයේ සිට ඉන්දියාව දක්වාම මේ ආසියානු සිංහයන් ජීවත් වුණා. ආසියානු සිංහයන් වැඩිපුරම ජීවත් වුණේ නිරිත දිග ආසියාවේ. මෙම සිංහයන්ට පර්සියානු සිංහයන් (Persian Lion) කියලත් කියනවා. ඈත අතීතයේ කොකේසස් කඳුනරයේ සිට යේමනය දක්වාත්, මෙසිඩෝනියාවේ සිට ඉන්දියාව සහ පර්සියාව (අද ඉරානය) දක්වාත්, පාකිස්තානයේත් බංග්ලාදේශයට අයත් දේශසීමා දක්වාත් මෙම ආසියානු සිංහයන් ජීවත් වුණා. ඒත් අද මේ සිංහයන් ඉන්දියාවට ම සීමා වෙලා. අද ඔවුන් දකින්න ලැබෙන්නේ ඉන්දියාවේ ගුජරාට ප‍්‍රාන්තයේ ගිරි රක්ෂිතයේ ම විතරයි. ඒ නිසා ම ආසියානු සිංහයන්ව ‘ගිර් සිංහයන්’ ලෙසින් ද හැඳින්වෙනවා. 2008 වන විට ගිර් වනරක්ෂිතයේ සිටින ඉන්දියානු සිංහයින් ගණන 350 ඉක්මවයි.
අපි‍්‍රිකානු සිංහයන් හා ආසියානු සිංහයන් අතර වෙනස
බැලූ බැල්මට ම කොයි සිංහයාත් එක වගේ පෙනුනත් ළං වී හොඳින් සංසන්දනය කර බැලූවොත් අප‍්‍රිකානු සිංහයන් හා ආසියානු සිංහයන් අතර පැහැදිලි වෙනස්කම් කිහිපයක් ම දැක ගන්න පුළුවන්. අප‍්‍රිකානු සිංහයන්ට වඩා ආසියානු සිංහයන්ගේ ලෝම ඝනකමින් වැඩියි. ඔවුන්ගේ කේසරත් අපි‍්‍රකානු සිංහයන්ට වඩා දිගයි. වලිග කෙළවර සහ වැලමිට අසල ඇති ලෝමත් දිගින් වැඩියි. ආසියානු සිංහයන්ගේ ගැහැනු සහ පිරිමි දෙවර්ගයේම සමෙහි බඩ යටට නැමුණු රැල්ලක් තියෙනවා. හොඳින් වැඩුණු මේ වර්ගයේ පිරිමි සතකු දිගින් මීටර 1.6ත්, 2.2 ත් අතර ද බරින් කිලෝ ග‍්‍රෑම් 125 ත් 225 ත් අතර ද වෙනවා. ගැහැනු සතා දිගින් මීටර 1.4ත් 1.7 ත් අතර ද බරින් කිලෝ ග‍්‍රෑම් 100 ත් 150 ත් අතර ද වෙනවා.
සිංහයන් හුඟක් සමාජශීලී සතුන් ලෙස හැඳින්විය හැකියි. ඒ කියන්නේ ඔවුන් රැළක් ලෙස ජීවත්වීමට පි‍්‍රය කරන බවයි. සාමාන්‍ය ආසියානු සිංහ රැළකට සිංහ ධේනුවන් දෙදෙනකු පමණ ඇතුළත් වන අතර අප‍්‍රිකානු සිංහ රැළකට සිංහ ධේනුවන් 4ත් 6ත් අතර ගණනක් ඇතුළත් වෙනවා. ඒ වගේ ම ආසියානු සිංහයා වැඩිපුර තමන් අයත් රැළේ සිංහ ධේනුවන් සමග ගැවසෙන්නේ නැහැ. ඌ රැළ හා එක් වන්නේ වර්ගයා බෝ කිරීමට හෝ ඉඳහිට ලොකු දඩයමක් කළ යුතු විටෙක පමණයි. සමහර විට මීට හේතුව අපි‍්‍රකාවේ මෙන් නොව මෙහි ගොදුරු කුඩා වීම විය හැකියි.
ආසියානු සිංහයන්ගේ ගිර් සංරක්ෂිතය
අද ආසියානු සිංහයන් ජීවත් වන්නේ බටහිර ඉන්දියාවේ ගිර් ජාතික වන රක්ෂිතයේ විතරයි. 2006 වසරේ අප‍්‍රියෙල් මාසය වන විට මේ රක්ෂිතයේ ඉන්නා සිංහයන් ගණන 359 ක්. සිංහයන්ගේ වාසභූමිය ලෙස පඳුරුවලින් පිරුණු තැනිතලා බිම් සහ ජල පෝෂක ප‍්‍රදේශ ගණනාවකින් පිරුණු වර්ග කිලෝ මීටර 1,412 ක් ගිර් වනරක්ෂිතයේ වෙන් කොට තියෙනවා. අද 359 දෙනෙක් සිටියත් 1907 වසරේදී නම් ගිරි සිංහයින් සිටියේ 13 දෙනෙක් විතරයි.
ඉන්දියානු උපමහද්වීපයට අයත් බිළාල පවුලේ අනෙක් විශාලතම සාමාජිකයා තමයි, බෙංගාල ව්‍යාඝ‍්‍රයා. ගිර් වන රක්ෂිතයේ සිංහයන් ජීවත් වන ප‍්‍රදේශයේ බෙංගාල ව්‍යාඝ‍්‍රයින් දකින්න ලැබෙන්නේ නැහැ. ගිර් සිංහයන් තැනිතලා බිම් ප‍්‍රිය කළත් බෙංගාල ව්‍යාඝ‍්‍රයින් වාසය කිරීමට ප‍්‍රිය කරන්නේ ඝන කළෑබඳ ප‍්‍රදේශයි.
ගිර් වනරක්ෂිතයේ සිංහ ගහණය සිංහයන් 360 දෙනකු දක්වා වැඩි තියෙන්නේ එදා සිටි සිංහයන් 13 දෙනකුගේ සහාභිජනනය මගින්.
1900 ගණන්වල ආසියානු සිංහයන් ජීවත් වුණේ 13 විතරක් කියා ගණනය කළත් එය නිවැරදි නොවන බව සමහර වාර්තා පෙන්වා දෙනවා. ඉන්දියානු වනජීවී දෙපාර්තමේන්තුව 13 ක් වැනි කුඩා ප‍්‍රමාණයක් සිටින බව පවසා ඇත්තේ සිංහයන් දඩයම් කිරීමට ජනතාව තුළ එවකට පැවති උනන්දුව අඩු කිරීමට බව එම වාර්තාවල දැක්වෙනවා. එවකට සංගණන දත්තවලට අනුව සිංහයන් 100 කට ආසන්න ප‍්‍රමාණයක් සිටි බවත් සඳහන් වෙනවා. සිංහයන් දඩයම් කිරීම එවකට ඉන්දියාවේ සිටි බි‍්‍රතාන්‍යයන් හා ඉන්දියානු රාජකීයයන් අතර ජනපි‍්‍රය ක‍්‍රීඩාවක් වුණා. ඒ නිසා ඉන්දියාවේ අනෙක් ප‍්‍රදේශවල ජීවත් වූ සිංහයන් සම්පූර්ණයෙන්ම වඳවී ගොස් අවසන් ව තිබුණා.
සිංහයන්ට එල්ල වී ඇති තර්ජන
සිංහයන්ට තියෙන විශාලතම තර්ජනය එල්ල වන්නේ මිනිසාගෙනුයි. ගව පට්ටිවලට පහර දෙන සිංහයන්ට වස දැමීම ගැමියන්ගේ සිරිතයි. මීට අමතරව අනෙකුත් මාරක තර්ජන ලෙස සලකන්න පුළුවන් දේවල් තමයි ගංවතුර, ලැව්ගිනි සහ වසංගත. වන රක්ෂිතයේ සීමා වූ බිම් ප‍්‍රදේශයක විතරක් ජීවත් වෙන නිසා මෙම උවදුරුවලට ගොදුරුවීමේ අවදානම ඉතාමත් වැඩියි.
සිංහයන් ජීවත් වන ප‍්‍රදේශයේ වාරි මාර්ග කටයුතු සඳහා නොවසන ලද ළිං 15,000 සිට 20,000 ක් හාරා තියෙනවා. මේ ළිං සිංහයන්ට මර උගුල් බවට පත්වෙනවා. හුඟක් සිංහයන් දියේ ගිලී මිය යනවා. මෙය මඟ හරවා ගැනීමට නළ ළිං ක‍්‍රමය දැන් හඳුන්වාදී තියෙනවා.
ගිර් වන රක්ෂිතය අද්දර ජීවත් වන ගොවීන් ඔවුන්ගේ වගාවන් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට අධි බලැති විදුලි රැහැන් සම්බන්ධ කළ විදුලි වැටවල් සවි කර ඇති අතර මේ සිංහයන්ට විදුලි සැර වැදීමෙන් මියයාමට ද සිදු වෙනවා.
ගිර් වනරක්ෂිතයට ලොකුම තර්ජනය එල්ල වී තියෙන්නේ වනයේ වාසය කරන අහිංසක ජන කොට්ඨාසයකිනුයි. මල්දාරි යනුවෙන් හැඳින්වෙන මේ ජන කොට්ටාශය මස් මාංශ අනුභව කරන්නේ නෑ. ඔවුන් ගවයන් ඇති කරමිනුයි, ජීවත් වෙන්නේ. එසේ ම ඔවුන් දඩයම් කරන පිරිසක් ද නොවෙයි. එහෙනම් කොහොමද ඔවුන්ගෙන් සිංහයන්ට හානියක් වෙන්නේ. මේ එක පවුලකට ගවයින් 50ක විතර පට්ටියක් ඉන්නවා. මොවුන්ගේ ජන ගහනය වැඩි වීමත් සමග, ඔවුන්ගේ ගව පට්ටිත් වැඩි වුණා. නිදැල්ලේ යන මේ ගවයන් වනාන්තරයේ තණ උලා කෑම නිසා සිංහයන්ට ගොදුරු කර ගත හැකි වෙනත් සතුන්ගේ ගහණය අඩු වී ගියා. ඒ නිසා සිංහයන් ගවයන් දඩයමට පෙලඹුණා. ගිර් සිංහයන්ට වස දීමට මේ ගැමියන් පෙලඹුණේ ඔවුන්ගේ ගවයන් බේරා ගන්නයි. ඒ වගේ ම මේ ගැමියන්ගේ දර අවශ්‍යතා සඳහා වනාන්තරයේ ගස් කැපීම නිසාත් ඔවුන්ගෙන් වනාන්තරයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.
යුරෝපයේ සහ නිරිත දිග ආසියානු සිංහයින්
කලකට පෙර යුරෝපයේ සිංහයන් ජීවත් වුණා. මේ බව ගී‍්‍රක ජාතික ඇරිස්ටෝටල් සහ හෙරොඩෝටස්ගේ ලේඛනවල පවා සඳහන් වෙලා තියෙනවා. පර්සියාවේ සරෙක්ස් රජු කි‍්‍ර.පූ. 480 දී සිය හමුදා සමග දික්විජය කරමින් මැසිඩෝනියාව හරහා යද්දී ඔවුන්ගේ බඩු ගෙන ගිය ඔටුවන් සිංහයන් විසින් ඩැහැ ගන්නා ලද බව ඒ යුද වාර්තාවල සඳහන් වෙනවා. එදා ගී‍්‍රසියේ පවා සිංහයන් ජීවත්වුණා. ගී‍්‍රසියේ සිංහයන් වඳවී ගොස් ඇත්තේ කි‍්‍ර.ව. 80ත් 100ත් අතර කාලයේ දියි. රුසියාවේ කෝකේසස් කඳුකරයේත් සිංහයන් සිටි බව සඳහන් වෙනවා.
ආසියානු සංස්කෘතිය හා බැඳුණු ආසියානු සිංහයා
සිංහයා අපේ සංස්කෘතිය හා බැඳී ඇති තරම අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. ලෝකයේ සියලූ ම ජාතික කොඩිවලට වඩා කැපී පෙනෙන ලෙස අපේ ජාතික කොඩියේ සිංහයා ඇතුළත් ව තියෙනවා. එපමණක් නොව ඉන්දියාවේ රාජ්‍ය ලාංඡුනයට ද යොදා ගෙන ඇත්තේ ද සිංහ හිසක්. එක් හිසක් පමණක් නොවෙයි, සතර දිසාවට හැරුණු සිංහ හිස් හතරක් ඊට ඇතුළත් වෙනවා. මෙය ලබා ගෙන ඇත්තේ කි‍්‍ර.පූ. 250 දී පමණ අශෝක අධිරාජයා විසින් සාරානාත් හී පිහිටුවන ලද ශිලා ස්තම්භයෙන්. ඒ හැරෙන්නට ඉන්දියාව නිරූපණය කරන ‘භාරත මාතාව’ගේ රුව ඇඳ ඇත්තේ ඇගේ පසෙකින් ලැග සිටින ගිර් සිංහයකු ද සහිතවයි. ඓතිහාසිකව සඳහන් වන ආකාරයට අනුව මුලින් ම සිංහයා යොදා ගෙන ඇත්තේ රජ්පුත්හි ක්ෂති‍්‍රයවරුන් තමයි. එය නමක් හැටියට වේදයේත් ඇතුළත් වෙනවා. ඒ වසර 2000කටත් වඩා පෙර සිටයි. එසේ ම නරසිංහ විෂ්ණු අවතාරයක් ලෙසත් දැක්වෙනවා. ෂීක්වරුන් වැඩි දෙනකු සිය නම අගට සිං යන්න යොදනවා. ඒ වගේ ම අපේ සිංහල නම් අගටත් ‘සිංහ’ යන්න යොදන තැන් බොහෝ ඇති බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. සිංගප්පූරුවට ඒ නම ලැබුණේත් සිංහයාගෙන්. එහි අරුත ‘සිංහ පුරය‘ යන්නයි.
අපේ සීගිරිය ද සිංහයාට සම්බන්ධ කර තියෙනවා. සීගිරියට නැඟීමට ඇති පඩි පෙළ එදා වැටී තිබුණේ සිංහයකුගේ කට ඔස්සේයි. අද මේ සිංහ කට හෝ සිංහ හිස දකින්නට නැහැ. අපේ නම්වලට විතරක් නොව සිංහල බසේ සිංහ යෙදුම් රැසක් තියෙනවා. සිංහ යන්නෙහි අරුත් ශ්‍රේෂ්ඨ, උතුම්, ප‍්‍රධාන, අභීත ආදී වශයෙන් දක්වන්න පුළුවන්. බුදුන්වහන්සේ ශයනය කළ ඉරියව්ව හැඳින්වෙන්නේ ‘සිංහ ස්‍යෙයාව’ කියලයි. හොඳින් පරීක්ෂාකාරී ව හෙළන බැල්ම අප හඳුන්වන්නේ ‘සිංහාවලෝකනය’ කියලයි. සිංහයා අද අපේ කැළෑවල නොසිටියත් අපේ සමාජයේ, අපේ සංස්කෘතියේ අපේ භාෂාවේ මේ ආදී හැම තැනක ම සිංහයා අපට දැක ගන්න පුළුවන්.

සතුන්ටත් අපට වගේ හිතන්න පුලුවන්ද? - Can Animals Think Like us?
මනැසින් උසස් යන අරුත ඇතිව ‛මිනිසා’ යන වදන අපට හිමිව තිබුණත් මිනිසුන් අතර නොමිනිස්කම් ඇති අයවලුන් ඕනෑ තරම් දකින්නට පුලුවන්. ‛වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත’ වගේ ගීත ලියැවෙන්නට හේතුවත් මේ වගේ නොමිනිස්කම් ඇති මිනිසුන් නිසයි. මිනිසා තිරිසන් සතෙකු සේ හැසිරෙන අවස්ථා අපට නිතර විවිධ මාධ්‍ය ඔස්සේද අසන්නට ලැබෙනවා. නමුත් අප වැඩිපුර කතා නොකළත්, අසන්නට නොලැබුණත් මේ සඳහන් කළ කාරණයේ අනෙක් පැත්ත සිදුවන අවස්ථා මේ ලෝකයේ ඕනෑ තරම් දැකගන්නට පුලුවන්. අනෙක් පැත්ත කියා අදහස් කළේ තිරිසන් සතුන් ළඟ ඇති උතුම් ගතිගුණ ගැනයි. අපට එවැනි සිදුවීම් වැඩිපුර අසන්නට අවස්ථාවක් නැත්තේ ඇතැම් විට මාධ්‍ය ඒවාට එතරම් ප්‍රසිද්ධියක් ලබානොදෙන නිසා වන්නටත් පුලුවන්. නමුත් සතුන් අතරින් ප්‍රකටවන උතුම් ගතිගුණ ගැන තොරතුරු අතීතයේ වාගේම වර්තමානයේදීත් අපට සොයාගන්න පුලුවන්. පනාමුරේ ඇත් රාජා ගැන කතාව සමහරවිට ඔබ දන්නවා ඇති. තමන්ගේ රන්චුව වෙනුවෙන් ජීවිතේ පූජා කළ ඒ කතාව අදටත් අමතකවන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හාම්පුතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ, හාම්පුතා හදිසි අනතුරුවලින් බේරාගත්, හාම්පුතාට සිදුවුණු අනතුරු ක්ෂණිකව අන් අයට දැන්වූ සුනඛයන් ආදී සතුන් පිළිබඳව ලොව නන්දෙසින් තොරතුරු ලැබෙමින් තිබෙනවා.
සත්තුන්ට මේ වගේ උතුම් ගතිගුණ පිහිටන්නේ ඔවුන් අපි හිතනවාට වඩා, දන්නවාට වඩා ඉහළ බුද්ධි මට්ටමක ඉන්න නිසයි. මේ ගැන අවබෝධයක් නැති නිසයි අපි හුඟ දෙනෙක් අතින් සතුන්ට හිංසා පීඩා සිද්ධ වෙන්නේ. සතුන් ගැන අතීතයේදී සංවේදීව නොබලපු බටහිර රටවල් අද ආසියානු අපටත් වඩා සතුන් ගැන සිතන්න පටන් අරන්. සතුන්ටත් අපට වගේම හැඟීම් දැනීම් තියෙන බව ඔප්පු කරලා පෙන්වන්න පර්යේෂණ පවත්වන්නෙත් ඔවුන්මයි.
අතීතයේ පටන්ම සතුන්ගේ විවිධ මානසික හැකියාවන් ගැන මිනිසුන් දැන සිටියත් මේ ගැන දිගින් දිගට හොයන්න පටන්ගත්තේ චාර්ල්ස් ඩාවින්ගේ විද්‍යාත්මක පර්යේෂණවලින් පසුවයි.
වර්ෂ 1977 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවුණු අයර්නි පෙපර්බර්ග් අපූරු පර්යේෂණයක් කළා. සතුන්ටත් මිනිසුන්ට වගේ හිතන්න පතන්න පුලුවන් කියලා බටහිර බොහෝ දෙනෙක් මේ කාලය වනවිටවත් විශ්වාස කළේ නැහැ. ඇය අවුරුද්දක පමණ වුණු අප්‍රිකානු අලු ගිරවෙක් හුරතලයට හදන්න පන්ගත්තා. ඇය මේ අලුගිරවාට ‛ඇලෙක්ස් කියලා නමකුත් තැබුවා. ඇය මේ ගිරවා තමන්ගේ පර්යේෂණාගාරයට අරගෙන ගිහින් ඉංග්‍රීසි භාෂාවේ විවිධ ශබ්ද නගන හැටි පුරුදුකරන්න පටන්ගත්තා. “ගිරවට කතා කරන්න පුලුවන් වුණොත් එයා මේ ලෝකේ දේවල් ගැන හිතන හැටි විස්තර කරයි කියලා මට හිතුණා”අයර්නි එහෙම කිවවා. අයර්නි ගිරවත් එක්ක කතා කරන්න පටන්ගත්තා. සතුන්ටත් මිනිසුන්ට වගේ සිතන්න පුලුවන් කියලා මේ අවස්ථාව වෙනකල්වත් විද්‍යාඥයෝ දැනගෙන හිටියේ නැහැ. ඔවුන් සිතුවේ සතුන් කියන්නේ හිතක් පපුවක් නැති ජීවීන් පිරිසක් කියලා පමණයි. එහෙම වුණත් හැම සතෙක්ම හුදෙක් භෞතික වස්තුවක් කියල හිතන අය හැරුණාම, සුරතලයට සතුන් හදන්න පුරුදුවෙලා ඉන්න අය නම් සමහරවිට එහෙම හිතන්නේ නැතිවෙන්නත් පුලුවන්. ඔබේ නිවසේ බලුපැටියාට කෑම දෙනකොට ඌ කෘතඥ පූර්වකව වල්ගය වනන්නේ වලිගය වැනීම ජානමය පුරුද්දක් නිසා නෙවෙයි. ඕනෑම සුනඛයෙකුට අවබෝධයක් තිබෙනවා තමන්ට ආදරේ කරන්නේ කවුද කියන එක. ඒ වෙනුවෙන් කෘතඥතාවය පළකරන්නේ ඔවුන් තුළ යම්කිසි අවබෝධයක්, බුද්ධි මට්ටමක් ඇති නිසයි.
අයර්නිගේ සුරතල් ගිරවා, ඇලෙස්ක් වැඩිකාලයක් යන්නට මත්තෙන් හොඳට කතාකරන්න පටන්ගත්තා. නමුත් හුඟ දෙනෙක් කිව්වේ මේක තේරුමක් නැති වැඩක් කියලයි. අයර්නි ටික දවසක් යනකොට ඇලෙක්ස්ට තව ගිරව් යාලුවෝ දෙන්නෙක් ගෙනත් දුන්නා. දවසක් අයර්නි, ඇලෙක්ස්ව නාට්‍යයක් බලන්න අරගෙන ගියා. මේ වෙනකොට ඇලෙක්ස් සෑහෙන්න වචන හුරු පුරුදු වෙලයි තිබුණේ. මේ නාට්‍යය බලලා ආවට පස්සේ තමයි හොඳම දේ සිද්ධ වුණේ. ඇලෙක්ස් තමන්ගේ යාලුවෝ දෙන්නට අර නරඹපු නාට්‍යයේ මතක තිබුණු කොටස් රඟපාලා පෙන්නුවා. ගිරවෙක් වගේ කුඩා සතෙකුට එවැනි දෙයක් මතකයේ තබාගෙන කරන්නට යම්කිසි බුද්ධියක් තිබිය යුතුමයි. එසේ නොමැතිව මෙවැනි දේවල් සිදුකරන්න බැහැ.
අප අපගේ බුද්ධි ඵලය ගැන කතා කරනවා. නමුත් සු්නගේ එවැනි දෙයක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් නවීන පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ සෑම සතෙකුටම යම්කිසි ප්‍රමාණයකින් බුද්ධි ඵලයක් ඇති බවයි.
තමන්ගේ වර්ගයාට යම්කිසි කරදරයක් සිදුවූ විට සිංහයන්ට පවා පහර දෙන්නට පසුබට නොවන ගවයන් වර්ග පිළිබඳ වාර්තා චිත්‍රපට අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඔවුන්ට මේ අවබෝධය ලැබෙන්නේ ජානමය පුරුද්දට වඩා අදාළ තත්වය පිළිබඳව ක්ෂණිකව ලැබෙන අවබෝධයත්, ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්නත් ගැන ව්‍යවහාර බුද්ධියක් පවතින නිසයි.
සතුන් කියන්නේ බුද්ධියක් නැති, සිතන්නට නොහැකි කොට්ඨාශයක් ලෙස ඔබ සිතා සිටියා නම් එය වෙනස් කරගන්නට මෙය හොඳම අවස්ථාවක්
නපුරු සිහින නිතර පෙනෙන්නේ ඇයි? - All About Nightmares
බය හිතෙන සිහින හෝ නපුරු සිහින ඔබ ද බොහෝ විට දැක තිබෙන්නට පුලුවන. මනෝ විද්යාලවේ දී මෙය හඳුන්වනු ලබන්නේ ‛දුස්ස්වප්න’ (nightmare) නමිනි. සිතේ ඇති බිය, ත්රාසසය, කාංසාව, දැඩි වේදනාව වැනි කරුණු නිසා නපුරු සිහින දැකිය හැකි බව මනෝ විද්යාtඥයෝ පවසති. එමෙන්ම ඇතැම් ලෙඩරෝග සඳහා ලබාගන්නා ඖෂධ ද නපුරු සිහින දැකීමට හේතුවන වන බව පැවසේ. නිතර නපුරු සිහින දකින්නේ නම් එය ප්රගතිකාර ගත යුත්තකි. අධ්යබයනවලින් හෙළිවී ඇත්තේ අප දකින සාමාන්යන සිහින (dreams) බොහොමයක් නින්දෙන් අවදිවන විට අමතකව ගිය ද නපුරු සිහින සියල්ලම පාහේ මතකයේ රැඳෙන බවය.
හෙළිවී ඇති කරුණුවලට අනුව අවුරුදු පහට අඩු දරුවන් නපුරු සිහින දකින්නේ බොහෝ අඩුවෙනි. නමුත් ගැටවර වියට එළැඹෙද්දී නපුරු සිහින දැකීම සාමාන්ය් දෙයක් බවට පත්වේ. ගැටවරවියෙහි පසුවන්නන්ගෙන් 25%ක් මෙම තත්වයට පත්වෙන බැව් පැවසේ. පසුව අවුරුදු 25 සිට 55 දක්වා කාලය දක්වා ඇත්තේ නපුරු සිහින දැකීම කෙමෙන් පහළ යාමේ තත්වයකි.
සෑම පුද්ගලයකු නිනිදට වැටුණු පසු ‛සීඝ්ර අක්ෂි චලනය’ (rapid eye movement - REM) යන අවස්ථාව පසුකරන කරන බව මනෝවිද්යාටවේ සඳහන් වේ. අප නපුරු සිහින දකින්නේ මේ අවස්ථාවේදීය. මෙහිදී නිදා සිටින තැනැත්තාගේ ඇසි වේගයෙන් චලනය වනු දැකියි හැකි දෙයකි. මෙහි සඳහන් කළ විවිධ මානසික තත්වයන් නිසා මෙන්ම සෑබෑ හේතුවක් නිසා ද නපුරු සිහින දැකිය හැකි බව මනෝවිද්යා ඥයෝ පවසති. උදාහරණයක් ලෙස යමෙකුගේ දෑස් ඉදිරිපට මනුෂ්යු ඝාතනයක් දුටුවේ නම් එය නපුරු සිහිනයක් ලෙස අදාළ පුද්ගලයාට නිකර පෙනෙන්නට පුලුවන.
අප දකින විවිධ නපුරු සිහින මනොවිද්යානඥයින් විසින් ප්රදධාන කොටස් 10කට බෙදා දක්වා ඇත. අප බහුලව දකින නපුරු සිහින මෙම වර්ග 10 ට ඇතුළත් වේ.
1. ස්වභාවික විපත්
දරුණු ගංවතුරකට, සුනාමි තත්වයකට, කුණාටුවක හසුව සිටින අයුරු ඇතැම් විට ඔබ සිහිනෙන් දැක ඇති. නිවාස මතට ගස් කඩා වැටී තිබෙනු දැක ඇති. යම්කිසි පුද්ගලයකුගේ සිතේ ඇති කාංසා තත්වයක් නිසා මෙවැනි සිහින දැකිය හැකි බැව් කියැවේ. යමෙකුගේ දෛනික ජීවිතයේ ඇතිවන විවිධ හැළහැප්පීම්, ආතතිමය තත්වයන් මෙයට හේතුවන්නට හැකිය. එමෙන්ම ඉදිරියේ පවත්වන්නට නියමිත විභාගයක්, වෛද්‍ය හමුවක්, පවත්වන්නට ඇති කතාවක්, පුද්ගල සම්බන්ධතා ගැටලු ආදිය මෙවැනි මානසික තත්වයක් පසුපස තිබෙන්නට පුලුවන.
2. මළවුන් දැකීම
මියගිය පුද්ගලයකු ඔබ අසළට පැමිණීම හෝ ඔබ සමඟ කතාකරනු මෙවැනි සිහිනවල බහුලය. ඇතැම් විට එසේ පැමිණෙන පුද්ගලයා මෑතකදී මිය ගිය ඥාතියකු හෝ හිතවතකු විය හැකිය. ඇතැම්විට ඥාතියකු හෝ හිතවතකු නොවන මිය ගිය පුද්ගලයන් ද සිහිනෙන් දැකිය හැකිය. ඔබ මෑතකදී මිය ගිය ඔබගේ අත්තම්මා දුටුවේ නම් එයින් කියැවෙන්නේ ඇය මිය යාමෙන් ජීවිතයට ඇති වූ අඩුව පිරිමසාගන්නට මානසිකව කරනා අරගලයයි. එමෙන්ම යම් පුද්ගලයකු තුළ ඇති රෝගී තත්වයන් ද මෙයට හේතුවන්නට පුලුවන. ජීවිතයට හානි විය හැකි රෝගයකින් පීඩා විඳින පුද්ගලයන්ද මෙවැනි සිහින දකින්නට පුලුවන.
3. වැදගත් අවස්ථා මගහැරීම
විවාහය වැනි ජීවිතයේ වෙනත් වැදගත් අවස්ථාවන් මගහැරෙනු සිහිනෙන් දැකීම ද සුලභ සිදුවීමකි. අධික ලෙස මානසික පීඩාවන්ගේ යුක්තව සිටින පුද්ගලයන් අතර මෙවැනි සිහින බහුලය. යමක් අසාර්ථක වීම පිළිබඳ බියක් හෝ යමක් බලාපොරොත්තුවන මට්ටමකට සිදුකරගත නොහැකි වනු ඇතැයි යන සිතිවිල්ල නිසා ද මෙවැනි සිහින දැකිය හැකිය.
4. නිරුවතින් සිටිනු දැකීම
ප්රැසිද්ධ ස්ථානයක නිරුවතින් සිටිනු දැකීම ද තවත් එක් අවස්ථාවකි. මෙය හිතවතුන්ට පැවසූ විට එය කවටකමකට හේතුවක් විය හැකි මුත්, මෙවැනි සිහින පිටුපස අප නොසිතන තරමේ විශාල හේතු තිබෙන්නට පුලුවන. යම් පුද්ගලයකු සිය ප්රෙතිරූපයට හානි සිදුවේ යැයි යම් බියකින් පසුවන විට මෙවැනි සිහින දකින්නට පුලුවන. එමෙන්ම සෙසු පුද්ගලයන් තමන් කෙසේ විනිශ්චය කරන්නේදැයි යම් පුද්ගලයකුගේ නිතර බියක් පවතී නම්, එවිට ද මෙවැනි සිහින දැකිය හැකිය.
බ්රි තාන්ය කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳවන කේට් ද ප්ර සිද්ධියේ නිරුවතින් සිටින සිහින දකින බව පවසා ඇත. ඇය මේ තත්වයට පත්ව ඇත්තේ 2006 වසරේ සිටය. ඇය පවස්නේ මෙවැනි එක් සිහිනයක බ්රිහතාන්යා මහ රැජින සහ පිලිප් කුමරු ද තමා දෙස බලා සිටින අයුරු දුටු බවය. මේ පිළිබඳ විශ්ලේෂකයන් පවසන්නේ ඇය රජ පවුල සමඟ එක්වීමෙන් පසු අත්විඳින්නට වන නව වගකීම් සම්භාරය පිළිබඳ නිතර සිතීම මෙයට හේතුව වන්නට ඇති බවය. සිය හැකියාවන් පිළිබඳ ඇති අඩු විශ්වාසය මෙවැනි සිහින දකින්නට හේතුව බව විශ්ලේෂකයෝ පවසති.
5. දත්
යම් පුද්ගලයකුගේ සිතේ අනාරක්ෂිත හැඟීමක් පවතින විට දත් සම්බන්ධ සිහින දකින බැව් මනෝවිද්යාටවේ කියැවෙයි. බොහෝ විට දකින්නේ දත් සියල්ල ගැලවී වැටී ඇති අවස්ථාවකි. ප්ර සිද්ධියේ නිරුවත් වන සිහිනය සේම මෙහිද ප්ර ධාන හේතුවන්නේ අන් පුද්ගලයන් විසින් තමාව කෙසේ විනිශ්චය කෙරේ ද යන බියයි.
හොලිවුඩ් නිළියක වන හේල් බෙරී දත් සම්බන්ධ නිතර නපුරු සිහින දැක ඇති බැව් වාර්තා වේ. තමා කතා කරන සෑම වාරයක් පාසාම දත් ගැළවෙනු තමා නිත දැක ඇති බව ඇය පවසයි. මේ පිළිබඳ සිහින විශ්ලේෂකයෝ පවසන්නේ ඇයට ආකර්ෂණීය කාන්තාවක් වීමට අවශ්යඇ වුවත් ඇයට ඒ පිළිබඳව විශ්වාසය නොමැතිවීම මෙවැනි සිහින දකින්නට හේතුවන බවය.
6. තුවාල හා හදිසි අනතුරු
සිය පෞද්ලික ජීවිතයේ ඇති දුබලතාවයන් මෙවැනි සිහින දකින්නට හේතු වේ. අස්ථි බිඳීයාම හෝ තුවාල සිදුවනු සිහිනෙන් නිතර දකින්නේ නම් එයින් පැවසෙන්නේ ඔබගේ ඇති යම්කිසි දුබලතාවයක් පිළිබඳ මොලය ඔබට අනතුරු හඟවන බවය. ඔබගේ දුබලතාවයක් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙන් මෙවැනි සිහින දැකීම වළක්වා ගත හැකිය.
7. සහකරු අතහැර යාම
සිය සහකරු/සහකාරිය හෝ ජීවිතයේ වෙනත් අතිශය වැදගත් පුද්ගලයකු තමාගෙන් ඈත්වනු සිහිනෙන් දැකිය හැකිය. මෙයට හේතුව වන්නේ සිය සහකරු තමාව කුමන මොහොතක හෝ හැර යාවී දැයි සිතෙහි නිතර ඇතිවන කාංසා හැඟීමයි. එමෙන්ම සිය සබඳතාවය පිළිබඳ අනාරක්ෂිත බවක් ඇත්නම් එවිට මෙවැනි සිහින පෙනේ.
8. සිරවී සිටිනු සිහිනෙන් දැකීම
මෙය ද බහුලව දක්නට ලැබෙන නපුරු සිහිනයකි. ප්රපමාණයෙන් කුඩා ස්ථානවලට, වසා ඇති ස්ථානවලට බියක් දක්වන, එවැනි ස්ථානයක් සිටීමෙන් තමා සිරවේ යැයි නිතර බියකින් පසුවන පුද්ගලයන්ට මෙවැනි සිහින දැකිය හැකිය. යම් කිසි පුද්ලගයකු දැනට සිරවී සිටින ගැටලුකාරී තත්වය විසඳාගත නොහැකිව පීඩා විඳින විට මෙවැනි සිහින දැකිය හැකිය. මූල්යු ගැටලු, රැකියාව අහිමිවීම පිළිබඳ ගැටලු, අසාර්ථක සම්බන්ධතා ආදිය මෙයට හේතුවන්නට පුලුවන. යම්කිසි බියක් හේතුවෙන් තමාගේ හැකියාවෙන් උපරිම ප්රළයෝජන ගැනීමට නොහැකි වේ යැයි ඇති කාංසාව ද මෙයට බලපායි.
9 .ඇදවැටීම
ඇදවැටීමක් සිහිනෙන් දැකීම තුළින් පෙන්නුම් කරන්නේ තමාට තමාව පාලනය කරගැනීමට නොහැකියාව හේතුවෙන් සිය පෞද්ගලික ජීවිතයේ ඇතිවූ කාංසා ස්වභාවයයි. මෙවැනි තත්වයන් මුදල්, සබඳතා, රැකියාව හෝ යම් ආකාරයක අපයෝජන තත්වයක් නිසා ඇතිවිය හැකිය. ඇදවැටීමක් සිහිනෙන් දැකීම සඳහා යම්කිසි පුද්ගලයකුට සිය ජීවිතයේ යම් කිසි තත්වයක් පාලනය කරගැනීමට නොහැකි යැයි ඇතිවන හැඟීම හේතු වේ. මෙවැනි සිහින බොහෝ විට දකින්නේ ධනයෙන් බලයෙන් ඉහළ තැන්වල සිටිනා පුද්ගලයන්ය. නමුත් ඔවුන්ට සිය ජීවිතයේ යම් යම් පාර්ශ්වයන් පාලනය කරගැනීමට නොහැකි තත්වයකින් පසුවෙයි.
10 .ලුහුබැඳීම හෝ පහරදීමකට ලක්වීම
බොහෝ දෙනෙක් අත්දකින පොදු නපුරු සිහිනයක් වන්නේ මෙම ස්වභාවයේ ඒවාය. බොහෝ විට මෙහිදී දකින්නේ මිනිසුන්, සතුන් හෝ අද්භූත සත්වයින් විසින් ලුහුබැඳීමක් හෝ පහරදීමකි. ඔබගේ ජීවිතයේ යම්කිසි ගැටලුවකට මුහුණදීමට සිතේ ඇති බිය හේතුවෙන් මෙවැනි සිහින දැකිය හැකිය. නපුරු සේවක ප්රීධනියෙක්, නපුරු ගුරුවරයෙක්, නපුරු දෙමාපියන් හෝ අසාර්ථක ආදර සම්බන්ධතා වැනි හේතු මෙය පසුපස තිබිය හැකිය. තමා පසුපස ලුහුබැඳ එන්නේ ඔබ මුහුණදීමට බියෙන් පසුවන ගැටලුවයි. ඔබ එයින් ඉවතට දිවයන්නේ එයට මුහුණදෙන්නට අකමැති හෝ බිය නිසාය. මෙවැනි සිහින ඔබ දකින්නේ නම් ඔබේ සැබෑ ජීවිතයේ ඇති ගැටලු පිළිබඳ සොයාබලා ඒවාට නිසි විසඳුමක් ලබාදීම තුළින් මේ තත්වයෙන් අත් මිදිය හැකිය.
ජනප්රිපය ඇමරිකානු ගායිකාවන වන මැඩෝනා මෙවැනි සිහින නිතර දකින බැව් කියැවෙයි. ඇය පවසන්නේ පිහියක් අතින් ගත් අඟුටුමට්ටකු තමා පසුපස පන්නාගෙන එන බැව් නිතර දකින බවය. මැඩෝනා තමාගේ අකමැති යම්කිසි ස්වභාවයක් හෝ ගතිගුණයක් මගහැරීමට මානසිකව ගන්නා උත්සාහය මෙවැනි සිහින දක්නිනට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති.
මීට අමතරව වෙනත් ස්වභාවයේ නපුරු සිහින ද දැකිය හැකි අතර මෙහි සඳහන් කරන ලද්දේ මනෝවිද්යා්වට අනුව වර්ග කළ පොදු ස්වභාවයන් 10 කි. ඔබ නිතර නපුරු සිහින දකින්නේ නම් ඒවා තනිව විසඳාගැනීමට උත්සාහ කරනවාට වඩා ඔබේ හිතවතකු සමඟ කතා කොට මනෝවෛද්යඅවරයකු හමුවට යාම වඩාත් සුදුසුය. මන්ද නිතර නපුරු සිහිනවලට ලක්වන පුද්ගලයකු නිසි ප්රයතිකාර නොගන්නේ නම් එය වෙනත් මානසික ගැටලුවලට හේතුවක් විය හැකි නිසාය.

ජීවිතය සහ සල්ලි - Life vs Money
1) අපේ සීමාසහිත ජීවිතය, අසීමිතව සල්ලි හොයන්න හොදවන එක කිසිම තේරුමක් නෑ..
2) අපේ ජිවිත කාලය ඇතුලත වියදම් කරන්න බැරි තරම් සල්ලි හොයන එකේ කිසිම තේරුමක් නෑ..
3) සල්ලි කියනන් දේ අපේ වෙන්නේ නෑ, අපි ඒ සල්ලි වියදම් කරේ නැත්නම්. එක්කෝ ඒ සල්ලි බැංකුවේ, නැත්නම් සේප්පුවේ.. අපේ නෙමේ..
4) අපි අපේ තරුණ කාලේ, සල්ලි පස්සේ යන්න අපේ තාරුණ්‍ය වැය කරනවා. අපේ මහලු කාලයේ අපි හම්බ කරපු සල්ලි වලින් ආයෙත් තාරුණ්‍ය ගන්න හදනවා. නමුත් අපි පරක්කුයි කියල තේරෙන්නේ එතකොට තමා..
5) අපිට කාලය ගත කරන්න විදියක් නැති අය වෙනුවෙන් මුදල් හොයන්න කාලය ගත කරන එක තේරුමක් නෑ..

මුදල් නෝට්ටු විකෘති කරන්න එපා . . .
මානව ශිෂ්ඨාචාරයේ මුල් කාල වල මිනිසාගේ අවශ්‍යතා ඉතාමත් සීමිත වූ අතර තමාගේ අවශ්‍යතා තමා විසින්ම සපයාගන්නා ලදී. නමුත් මානව ශිෂ්ඨාචාරය් විකාශණය වීමේදී ඇතිවූ විවිධ අවශ්‍යතා මත මිනිසා තමා නිර්මාණය කල භාණ්ඩ අත්‍යවශ්‍ය වෙනත් භාණ්ඩ සමඟ හුවමාරු කර ගැනීමට පටන් ගෙන ඇත. එහෙත් එහිදී භාණ්ඩ වල ගුණාත්මක භාවය සහ අවශ්‍යතාවයන්ගේ ස්වාභාවය අනුව එම භාණ්ඩ වල වටිනාකම එකිනෙකට නොගැලපීමට පටන්ගෙන ඇත.
ඒ අනුව එම භාණ්ඩ හුවමාරු කිරීමේදී එම භාණ්ඩ වෙනුවට කිසියම් නිෂ්චිත ද්‍රවයක් ඔවුන් භාවිතා කිරීමට පටන් ගෙන ඇත. උදාහරණ වශයෙන් ගල් කැබලි, බෙලි කටු, සහ විවිධ ලොහමය කොටස් භාවිතා කර ඇත. එහෙත් එම ක්‍රමයද අසාර්ථක වුයේ එම හුවමාරු මධ්‍ය එක් ප්‍රදේශයක අසීමිතවත් තවත් ප්‍රදේශයක සීමිතවත් පැවතීම නිසාය. එයට පිලියමක් ලෙස එවකට එම මානවයන් පාලනය කල රජූන් විසින් අප අප දැනට භාවිතා කරන මුදල් වල ආරම්භය සනිටුහන් කරන ලැබින.
එහෙත් කල් යාමේදී එසේ හඳුන්වා දුන් මුදල් වල වටිනාකම ඉහල යාම නිසා සොරසතුරු කරදර ඇති වූ අතර එයට පිලියමක් ලෙස මෑත කාලයේදී විවිධ අප භාවිතා කරන Credit Cards, Debit Cards, ATM Cards සහ E-Money වැනි පහසුකම් හඳුන්වා දෙන ලදි.
ශ්‍රී ලංකාව තුල රුපියල් සත ක්‍රමය ආරම්භ වුයේ 1872 ජනවාරි 01 වැනි දින සිටය. ඉන් වසර තුනකට පමණ පසු එනම් 1875 මැයි මස 10 වැනි දින ශ්‍රී ලංකාවේ ද මුදල් නෝට්ටුවක් නිකුත් කරන ඇත. 1950 අගෝස්තු මස 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කිරීමත් සමඟම ව්‍යවහාර මුදල් නොට්ටු සහ කාසි නිකුත් කිරීම එම බැංකුව විසින් සිදුකරණු ලැබූ එක කාර්යක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාල තුල දී මුදල් නෝට්ටු කාණ්ඩ කිහිපයක් මුද්‍රණය කර ඇති අතර එවා මහත පරිදි දැක්විය හැකිය.
#. VI වැනි ජෝර්ජ් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු
#. II වැනි එළිසබෙත් රැජිනගේ රුව සහිත මුදල් නෝට්ටු
#. I වැනි පරාක්‍රමබාහු රජුගේ රුව සහිත මුදල් නෝට්ටු
#. බණ්ඩාරණායක රුව සහිත මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සහිත මුදල් නෝට්ටු
#. වන සත්ත්ව හා වෘක්ෂලතා පිළිබිඹු වන මුදල් නෝට්ටු
#. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තේමා රැගත් මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකාවේ පැරණි උරුමයන් විදහා දැක්වෙන මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු
වර්ථමානය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නොට්ටු කාණ්ඩය වන්නේ මා අවසානයේ සඳහන් කල ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු කාණ්ඩය වන අතර එය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රමාණට නිර්මාණය කර ඇත. නව මුදල් නොට්ටු කාණ්ඩය පෙර පැවති ප්‍රමාණයට වඩා කුඩා ලෙස නිකුත් කිරීමේ නිසා එම නෝට්ටු භාවිතය පහසු වන අතර නෝට්ටුවේ ආයු කාලය වැඩි වේ.
එහෙත් මෙම මුදල් නොට්ටු අපගේ අපරික්ෂාකරී භාවිතය නිසා නිරායෂයෙන්ම හෝ හිතාමතාම නොයෙකුත් විකෘති විම වලට ලක්වීමට ඉඩ ඇත. අප එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන රන් රිදී මුතු මැණික්, යාන වාහන අප කෙතරම් ආරක්ෂා කරනවාද ? රත්‍රන් ආභරණ පැලද ගෙදරින් එලියට යන දියණියට තමන්ගේ මව නිතරම කියන්නේ රත්‍රන් බඩු ටික පරිස්සම් කර ගන්න, හූර ගන්න එහෙම එපා, ගෙදරි එලියට අරගෙන යන වාහනය ඔබ මොනතරම් පරිස්සමින්ද පාවිච්චි කරන්නේ. එහෙත් ඔබ අතේ ඇති මුදල් නොට්ටු වලට ඔබ නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද ? ඉහතින් සඳන කල රත්‍රන් බඩු යාන වාහන ඔබ මිලදී ගත්තේ මේ මුදල් වලින් නොවෙද ?
ඇයි අපිට බැරි ඒ මුදල් නොට්ටු හරියාකාරයෙන් භාවිතා කරන්න, ඉරෙන්න පොඩි වෙන්න දෙන්නේ නැතුව භාවිතා කරන්න, සමහර මිනිස්සු මුදල් නොට්ටු වල නෙයෙකුත් දේ ලියනවා, සමහර මිනිස්සු මුදල් නොට්ටු හංගගෙන යන්නෙ තමන්ගේ යට ඇඳුමේ, මාකට්වල ඉන්න වෙළෙදමහතුන් මුදල් නොට්ටු ගුලිකරලා සාක්කුවේ දාගන්නවා එහෙම නැත්තන්, සමහර මාළු වෙළෙන්දන්, මස්කඩ වෙළෙන්දන් අතේ තියෙන මස් මාළු වල ලේ පිටින්ම මුදල් ගුලිකරලා පෙට්ටියේ දාගන්නවා, එහෙම නැත්තන් සාක්කුවේ දාගන්නවා. මේ වගේ අපිරිසිඳු ආකාරයට මුදල් නොට්ටු භාවිතය ඔබ අනන්තවත් දැක ඇති. බස් රථවල කොන්දොස්තරමහතුන් එකතු කරන ලැබෙන මුදල් නොට්ටු පටියක් ආකාරයට දෙකට නවා ඇගිලි අතර රඳවාගෙන ඉන්නවා ඔබ අනන්තවත් දැක ඇති.මේ වාගේ ක්‍රියාවන් නිසා මුදල් නොට්ටු ඉතා ඉක්මනින් විකෘති වෙනවා.
පළුදු වීම් සහ විකෘති වීම් නිසා මසකට මුදල් නෝට්ටු ටොන් ගනනක් භාවිතයෙන් ඉවත්කර විනාශ කිරීමට සිදුවන බව ඔබ දන්න්නවාද ?
භාවිතයෙන් ඉවත්කර විනාශ කරන මුදල් නෝට්ටු වෙනුවෙන් අළුතින් නෝට්ටු නිකුත් කිරීම සඳහා විශාල අමතර වියදමක් වැය කිරීමට සිදුවන බවද ඔබ තරයේ දැන ගත යුතුය.
විකෘති නෝට්ටුවක් යනු කුමක් ද ?
ව්‍යවහාර මුදල් නෝට්ටුවක තත්වය එහි වටිනාකම, තීරණය කිරීමෙහිලා විශේෂ පරීක්ෂාවකට ලක්කල යුතු මට්ටමක පවතින විටෙක එවැන්නක් විකෘති නෝට්ටුවක් ලෙස සැලකේ. පිලිස්‍සීමෙන්, ගෙවීයාමෙන්, පලුදුවීමෙන්, ඉරීයාමෙන් හෝ අපවිත්‍රවීමෙන් විකල වු මුදල් නෝට්ටු, පලුදු වු මුදල් නෝට්ටු බවට පත්වේ. තවද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, මුද්‍රා තැබීම හෝ වෙනත් ඕනෑම දෙයක් ඇඳීම හෝ කිසියම් මුද්‍රාවක් හෝ සලකුණක තැබීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ව්‍යවහාර මුදල් නෝට්ටුවක් විකෘති කිරීම උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැක.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල මුදල් ප්‍රමාණයක් වැය කර නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු ජනතාව විසින් පරිහරණයේදී එම නෝට්ටු වලට හානි නොවන ආකාරයට භාවිතා නොකරන අන්දම අප කොතෙකුත් දැක ඇත. නොවැලැක්විය හැකි හේතු නිසා පමණක් නොව හිතාමතාම විකෘති කරන ලද විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන අතර එසේ විකෘති කරන ලද මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා සහ විකෘති වූ පසු එවා විනාශ කර නැවත නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ඔබ තර්යේ මතක තබා ගත් යුතුය.
විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය . . .
පළපුරුදු නිලධාරීන්ගේ මාර්ගයෙන් විකෘති වු නෝට්ටු පිළිබඳව විමසා බලා නොමිලේ ඒ වෙනුවට වටිනාකම ලබාදීමේ සේවාවක් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි. විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය මුදල් නීති පනතේ සඳහන්වන අතර, ගෙවිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් පනතේ සඳහන් උපදෙස් හා විධිවිධාන තරයේ අනුගමනය කරනු ලැබේ.
ඔබ සතුව විකෘති වු නෝට්ටුවක් ඇත්නම් කළයුත්තේ කුමක් ද ?
විකෘති වු විකල වු නෝට්ටු, ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එවීමට හෝ මහ බැංකු මුදල් කවුළුවට භාරදීමට ඔබට හැකියාව ඇත. විකෘති වු නෝට්ටු, බැංකු නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දින දක්වා 9.00 පැයේ සිට 12.00 පැය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ මුදල් කවුළු වෙත බාරගනු ලැබේ.
විකෘති වූ මුදල් නෝට්ටු ඉදිරිපත් කිරීම සඳහා සහ ව්‍යවහාර මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා යොමුවිය යුතු ලිපිනය සහ දුරකථන අංකයන් . . .
ව්‍යවහාර මුදල් අධිකාරී
ශ්‍රී ලංකා මහ බැංකුව
තැ.පෙ. 590
ජනාධිපති මාවත
කොළඹ 01
දුරකථන අංක - 94 11 2477351, 94 11 2477014, 94 11 2477355
මුදල් නෝට්ටු භාවිතයේදී අප මීට වඩා සැලකිලිමත් විය යුතුය. යම් කෙනෙක් අපට විකෘති නෝට්ටුවක් ලබා දෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට අපිට හැකියාවක් ඇත.
නොදැනුවත්ව අප මුදල් නෝට්ටු භාවිතයේදී යම් යම් විකෘති වීම් සිදු වුනද දැන දැන එවැනි දේ සිදු කිරීමට පෙර මොහොතක් සිතා බලන්න.

සුවඳවත් මාරයා – සෙන්ට් පවුඩර්
වර්තමාන සමාජය වනාහි වෙළඳාම හා විකිණීම ම ප‍්‍රමුඛ කරගත් සමාජයක් වීම තුළ ළමා ළපටියා සිට මහල්ලා දක්වා මේ හැමෝටම නොතිත් ආසාවන්, ප‍්‍රමෝදයන් පසුපස නො එසේ නම් පාරිභෝගික භාණ්ඩ හා සේවා පසුපස හඹා යාම පමණක් ජීවිතය ලෙස සිතන්නට බල කෙරී ඇති බැවින් මේ දඩි බිඩි අධි වේගී සංස්කෘතිය තුළ බොහෝ දෙනෙකුට බොහෝ දේවල් පිළිබඳ ව මෙන් ම තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ව ද වන යහපත් සිහිය අහිමිව ගොසිනි. ඒ බොහෝ දෙනෙකුගේ ජීවිත නා නා ප‍්‍රකාරයේ කෑම බීම, සෙන්ට්, පවුඩර්, ඇඳුම් පැලඳුම්, විලාසිතා, ජංගම දුරකතන, යාන වාහන යනාදී කෙළවරක් නො මැති ආශාවන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් ඕනෑවටත් වඩා පිරී ගොසිනි. මේ අධි පාරිභෝගික සමාජය මිනිස් මොළ තුළ නින්නාද නංවන එක ම පරමාදර්ශය නැතහොත් හඬ බවට පත්ව ඇත්තේල ‘‘වහා ම ආශාවන් ලබා ගනු…” යන්න ය. මේ සංඥාව ඔස්සේ මිනිසුන් පාරිභෝගික අවශ්‍යතා හඹා යයි. මේ උමතු හඹා ගොස් ලබා ගැනීමේ නොතිත් ආශාව අවසානයේ දී ලබා දෙන දේවල්වලින් අපි දැන් සමාජයක් ලෙස ඉස්මුරුත්තා වී සිටින්නෙමු.
දිනකට හෘදයාබාධ රෝගීන් 600ක් පමණ රෝහල් ගත වීමටත් ඉන් 150 දෙනෙකු පමණ යළි ගෙදර නො ඒමටත්, දිනකට දියවැඩියා රෝගීන් 150 දෙනෙකු පමණ මිය යාමටත්, ලංකාවේ මිනිසුන් මිය යාමට තුඩු දෙන හේතු අතරින් තුන් වැනි හේතුව පිළිකා රෝගය වී තිබීමටත්, මෑත කාලීන ව පිළිකා රෝගයට දරුවන්, යෞවනයින් හා මැදි වියේ උදවිය වැඩි වැඩියෙන් ගොදුරු වීමටත්, කොටින් ම සෞඛ්‍ය බලධාරීන් පුන පුනා පවසන බෝ නො වන රෝග වසංගතයක් අප රට තුළ පැතිර තිබීමට හේතුල අඟහරු හෝ පිටසක්වල නො ව මේ මහපොළොව මත ම ඇත.
මා මෙහි ලියන, මතු කරන බොහෝ කරුණු කාරණා ඇතැමුන්ට නුහුරු නුපුරුදු සංත‍්‍රාසය ගෙන එන ඒවා වීම පිළිබඳ ව මා හට කරන්නට දෙයක් නැත. එහෙත් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ව යහපත් ලෙස හිතන පතන ඇත්තන් හට කියන්නට තිබෙන්නේ, ‘‘බොන වතුර උතුරුවා නිවාගෙන බොන ලෙස” ය. මේ පාරිභෝගික සමාජය තුළ උත්කර්ෂයට වර්ණනාවට නංවා ඇති බොහෝ දේ පිළිබඳ ව සැක නො කර සිටින්නට තරම් සද්භාවයක් ඒවා තුළ නො මැති බවට හේතු කාරණා ඕනෑ තරම් ඇත. හානියක් සිදු වූ විට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් නො යෙදීම ගැන පසුතැවිලි වීමට වඩා කල් ඇතිව පරෙස්සම් වීම නුවණට හුරු ය. එබැවින් අපි කවුරු කවුරුත් වැඩි වග විභාගයකින් තොරව එදිනෙදා භාවිත කරන, අත්‍යාවශ්‍ය වී ඇති තවත් එක් පාරිභෝගික භාණ්ඩයක් ගැන තතු විත්ති අද අපි සාකච්ඡා කරමු.
තම රූප සෝභාව ඔප් නංවා ගැනීමේ අරමුණින් රූප ලාවන්‍යාගාරයකට ගොඩ වැදුණු එක්තරා ලලනාවකට මිනී පෙට්ටියෙන් ගෙදර එන්නට සිදු වූ පුවතක් පසු ගිය දිනවල දී වාර්තා විය. ඉන් අනතුරු ව හන්දියක් ගානේ පිහිටුවා ඇති මේ ‘බියුටි සෙන්ටර්ස්’ නමින් හඳුන්වනු ලබන කඩල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරික්ෂා කරන ලදි. මෙහි දී හෙළි වූ බරපතළ කාරණාවක් වන්නේ, මේවා තුළ භාවිත කෙරෙන ඇතැම් රූපලාවන්‍ය උපකරණ සහ විලවුන් වර්ග මෙරට තුළ ලියාපදිංචි නො කළ ඒවා සහ ප‍්‍රමිතියෙන් තොර ඒවා බව ය.
මෙවැනි, මිනිස් ශරීරයට විෂ සහිත රසායනික ද්‍රව්‍යය කන්දරාවක් ම, අපි උදේ ඉඳන් රෑ වෙනකල්, වෙළෙන්ඳන් අපි මත පැටවූ කටයුතු රාශියක් කරගැනීම සඳහා භාවිත කරමින් සිටින්නෙමු. එහෙත් ප‍්‍රමිතීන් සහ නීතිමය පාලනයන් ඉතා දැඩිව ක‍්‍රියාත්මක කෙරෙන යුරෝපා රටවල පවා, වෙළඳපොළේ විකිණීමට ඇති නිෂ්පාදන වර්ග පිළිබඳ ව කර ඇති පර්යේෂණවලින් හෙළි කෙරී ඇති තතු විත්ති එතරම් සුන්දර නැත.
වත්සුනු ඇඟ ගැල්වීම ප‍්‍රවේශමෙන්
කාන්තාවන් සහ කුඩා ළමුන්, විශේෂයෙන් ප‍්‍රජනන ඉන්ද්‍රිය ආශ‍්‍රිත ව ටැල්ක් පුයර වර්ග ගැල්වීමෙන් වැළකී සිටිය යුතු බවට අවවාද කිරීමට කාලය එළැඹ ඇතැයි, ටැල්ක් පුයර සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණවලට අනුව විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.
ටැල්ක් භාවිත කර නිෂ්පාදනය කරනු ලබන වත්සුණු වර්ග පිළිබඳ ව විද්‍යාඥයන් සැක සංකා ඇති කරගෙන සිටියේ මෑතක සිට නො වූවත්, නවතම පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ, ‘ටැල්ක් පවුඩර්’ වර්ග පුරුද්දක් ලෙස භාවිත කරන උදවියට අනෙකුත් අයට සාපේක්ෂව, ප‍්‍රජනක පද්ධතිය සහ ස්වසන පද්ධතිය ආශ‍්‍රිත පිළිකා හට ගැනීමට සියයට 40ක පමණ වැඩි අවධානමක් පවතින බවයි. කාන්තාවන් තුන්දහසක් සහභාගි කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකර ඇත.
ටැල්ක් පවුඩර් සාදනු ලබන්නේ ‘මැග්නීසියම් ට‍්‍රයිසිලිකේට්’ නමැති ඛනිජ වර්ගයෙන් වන අතර, මෙම ඛනිජය සියුම්ව අඹරා සාදා ගනු ලබන ‘ටැල්ක්’ තුළ පිළිකා අර්බුදවලට හේතු විය හැකි සියුම් ‘ඇස්බැස්ටස්වලට’ සමාන කෙඳි අඩංගු වන බව 1970 දී පමණ සොයා ගත් අතර, 1973 සිට ම යුරෝපා රටවල් තුළ ‘ටැල්ක්’ නොමැති ළදරු පවුඩර් වර්ග, ඇඟ ගල්වන පුයර වර්ග වෙළඳපොළේ ඇත. ඇමරිකානු පිළිකා සංගමයේ වාර්තාවක පෙන්වා දී ඇත්තේ, ‘ටැල්ක්’ අඩංගු පුයර වර්ග හා ඩිම්භකෝෂ පිළිකාව අතර ඍජු සම්බන්ධයක් පවතින බව ය. මේ සම්බන්ධයෙන් කර ඇති තවත් පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ, ප‍්‍රජනක ඉන්ද්‍රියයන් ආශ‍්‍රිතව ටැල්ක් පවුඩර් වර්ග සහ ‘ඩිඔඞ්රන්ට්’ (දහදිය ගඳ වළක්වන ආලේප) ගල්වන කාන්තාවන්ටල සියයට 50% සිට 90% දක්වා වැඩි වන අවදානමක් ඩිම්භකෝෂ පිළිකා කෙරෙහි පවතින බවයි.
මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ පුයර වර්ග නිෂ්පාදනය කරන කම්කරුවන් අතර, දරුණු පෙනහලූ ආශ‍්‍රිත ආබාධ සහ පිළිකා තත්ත්වයන් බහුල බව තවත් අධ්‍යනයක දී හෙළි වී ඇත. එබැවින් ඔබ ටැල්ක් පවුඩර් වර්ග විශේෂයෙන් කුඩා දරුවන්, අත දරුවන් සඳහා භාවිත කිරීමේ දී සැලකිලිමත් වීම මැනවි. (පුයර මල්) විශේෂයෙන් කුඩා දරුවන් මෙම ටැල්ක් ආශ්වාස කිරීම, ඔවුන්ගේ නො මේරූ පෙනහලූ තුළ බරපතළ සංකූලතා ඇති විය හැකි බවත්, වැරදීමකින් හෝ මෙම පුයර වර්ග මුඛය හරහා ආමාශගත වීම ද, විෂ සහිත බවත් අවධාරණය කළ යුතු ව ඇත.
එක්සත් ජනපද පාරිසරික වැඩ කමිටුවේ වාර්තාවකට අනුව, මෙම ‘ටැල්ක්’, සුවඳ විලවුන්, පවුඩර් වර්ග, ෆවුන්ඬේසන්ස් වර්ග, තොල් ආලේපන සහ ඩියොඞ්රන්ට් වර්ගවල පවා අඩංගු විය හැකි බවත්, ආහාර නිෂ්පාදනයේ දී ‘ප‍්‍රතිකැටිකාරකයක්’ (Anticaking agent) ලෙස ද භාවිත කරනු ලබන බවත් පෙන්වා දී ඇත. ඇමරිකානු ‘ආහාර හා ඖෂධ අධිකාරිය’ (FDA) විසින් මෙය ආහාර සඳහා භාවිත කිරීම තහනම් කිරීමට සලකා බලමින් සිටී. මෙම පර්යේෂණවල ප‍්‍රතිඵල අදාළ වන්නේ සුලභ වශයෙන් මෙම නිෂ්පාදන භාවිත කිරීමේ දී පමණක් බව ද වාසනාවකට මෙම පර්යේෂණවලින් හෙළි වී ඇති බවත් කිව යුතු ව ඇත.
රූපලාවන්‍ය නිෂ්පාදනයේ ලේබලයේ ටැල්ක්, ටැල්කම්, ෆ්‍රෙන්ච් චෝක්, ටැල්කම් පවුඩර් හෝ MG3H2 හෝ SiO3 ලෙස සඳහන් කර තිබෙනවා නම්, ඒ ‘ටැල්ක්’ ය. ‘ටැල්ක්’ වෙනුවට ‘ඉරිඟු ඇට පිටි’ පදනම් කර ගත් වත්සුණු වර්ග විදේශීය රටවල වෙළඳපොළෙ විකිණීමට ඇතත් අපේ රටේ නම් ඉරිඟු පිටිවලින් සාදනු ලබන වත්සුණු වර්ග අඩුම තරමින් ළදරුවන් සඳහා වන නිෂ්පාදනවල වත් දක්නට නොමැත. එබැවින් නීති රීති මඟින්, පාලනය කෙරෙන තුරු නො ඉඳ, දැන් සිට ම මේවා ගැල්වීම අවම කිරීමත්, ‘‘ඕනෑ ම දෙයක් ඕනෑවට වඩා ඕනෑ ම නැත” යන්න කල්පනාවට ගෙන ජීවත් වීමත්, ශරීර සෞඛ්‍යට හිතකර බව හිතට ගත යුතු ය.
හිම කාන්තාර තුළ, ගල් අඟුරු ආකර උඩ සීතල නිසාවෙන් මිනිසුන් මිය ගිය අතීතයක් මානව වර්ගයා පසු කරගෙන පැමිණ ඇත. ගල් අඟරු යනු ප‍්‍රබල ඉන්ධනයක් බවට වන ඥානය ඔවුන් දැන සිටියා නම් කිසිසේත් ඔවුන්ට ඒ ඉරණම අත් නො වනු ඇතග ස්වාභාව ධර්මයා සතු රෝග සුව කිරීමේ විස්මිත බලය පිළිබඳ ව අවුරුදු දහස් ගණනක මානව ඉතිහාසය තුළ අතැඹුළක් සේ අපි දැන සිටියෙමු. ‘‘දිය කෙළින ලියන් ගල්වා සිටි ස්වාභාවික ආලේපන ජලයට මුසු වී දිය රත් පැහැ ගැන්වුණු බව”, සිරි රහල් හිමි කවියට නැගුවේ එබැවිනි. අපි, පසු කරගෙන ආ ඉතිහාසය තුළල රූපලාවන්‍ය සඳහාත්, දීර්ඝායුෂ විඳීම සඳහාත් ස්වාභාව ධර්මයෙන් ලද දායාද මැනවින් ප‍්‍රගුණ කළල භාවිත කළල එවන් ස්වාභාවික සම්පත්වලින් අනූන ජාතියක් වෙමු. එකල සුදු හඳුන්, වෙනිවැල්, රත්කිහිරිය කැබැල්ලක්, කෝමාරිකා පඳුරක්, වද කහ පඳුරක් නොමැති නිවසක් ගෙවත්තක් ලංකාවේ නො තිබුණි.
එහෙත් ඒ ඥානය තිබුණු ආච්චි අම්මලාගේ වර්තමාන මිණිබිරියන්, ගොඩපර ගස් යට සිට ගොඩපර සාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වෙළඳ දැන්වීම්වලින් කියනු ලබන ‘ෂැම්පු’ වර්ග බෝතල් ගණනින් සෞඛ්‍යට මෙන් ම පරිසරයටත් වින කරන රසායනික සංයෝග කන්දරාවක් සමඟ හිස ගල්වාගෙන ගොඩපරවල ඇති ඔසු ගුණ ගැන කයිවාරු ගසති. රූපලාවන්‍ය උපකරණ හා නිෂ්පාදන පිළිබඳ තතු විත්ති බොහොමයක් කියන්නට ලියන්නට ඇතත්, පෙර පිං මහිමයෙන් ලද වටිනා මිනිස් ආත්මය තූළ රෝග පීඩාදීන්ට ලැගුම් හළක් වන්නට ඉඩ නො දී, වෙළඳ දැන්වීම් උප්පර වැට්ටිවලට හසු නො වී සිටීමට තරම් යහපත් සිහි නුවණ මනුවගට ලැබේවා! යැයි අපි ප‍්‍රාර්ථනා කරමු.

මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක් සාර්ථකයි - වෛද්‍ය තරංගා කුමාරි පවසයි
තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක් ඉහළ දමන සාර්ථක ඖෂධයක් බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.
එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක් ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය.
එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා.
සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ.
මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක් කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.
එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක් ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක් නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක් ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක් යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක් සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය

මත්පැනට ඇබ්බැහි වූවන්ගේ ජීවිත පරිහානියට ලක්වන්නේ මේ ආකාරයටයි
ශාරීරිකවත්, මානසිකවත් මිනිසා පරිහානියට පත්කරවන මත්පැන් භාවිතය ඇතැමෙකුට වීරත්වයක් විය හැකියි. එහෙත් එය සුළු මොහොතකට පමණි. නමුත් දිගු කාලීනව මත්පැන් භාවිතයේ දී ඔවුන්ට සිදුවන පරිහානිය පිළිබඳ ඔවුන් මොහොතක්වත් නොසිතන්නට ඇත.
මේ පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කළ යුත්තේ එය කුටුම්භ ආර්ථිකයේ සමතුලිතතාවයට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රබලව දැනෙන බැවිනි. මාධ්‍ය එය සුදුසු නොවේ යැයි කොතෙකුත් වාර්තා කළත් දිගු පෝලිම් මත්පැන්හල්වල දැකගත හැකිය.
මද්‍යසාර අධික ලෙස ශරීරගත වීමේ දී ගැටලු රැසක් ඇතිවන බව පෙන්වා දෙන කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතා පවසන්නේ මද්‍යසාර ශරීරයේ සියලු අවයවවලට බලපෑම් ඇතිකරන බවයි. ගැටලු රැසක් පැන නැඟ එන මද්‍යසාර අධික ලෙස ගැනීමේ දී ශරීරයට සිදුවන්නේ කුමක්දැයි විමසා බැලීම අතීශය වැදගත් කාරණයකි.
මද්‍යසාර ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් ගැටලු රැසක් ඇතිවීම සාමාන්‍යයි. ඉන් ඇතිවන බලපෑම් සියලු ශාරීරික අවයව කරා විහිදී යයි. මේ තුළින් ප්‍රධාන වශයෙන් අක්මාවේ යම් යම් වෙනස්වීම් සිදු වෙනවා. එහි සෛලවලට හානි සිදු වී අවසන් ප්‍රතිඵලය ලෙස සිරෝසීස් නැමැති තත්ත්වයට පත් විය හැකියි.
නමුත් මේ රෝගය මද්‍යසාර නිසාම ඇතිවන තත්ත්වයක් ද නොවෙයි. කෙසේ වෙතත් අධික ලෙස මත්පැන් ගැනීමේ දී කාලයක් පුරා සිදුවන ක්‍රියාවලියක් නිසා ක්‍රමයෙන් රෝගී තත්ත්වය ඇති වෙයි. මේ තත්ත්වයට පත් වූ පසු අක්මාවේ කාර්යයන් නිසියාකාරව සිදු නොවේ.
එවිට යම් යම් රෝග ලක්ෂණ දැකගන්න පුළුවන්. ඒ අනුව පාද ඉදිමීම, උදරයේ වතුර පිරීම, අක්මාව හා ප්ලිහාව අතර තිබෙන ශිරාවේ පීඩනය වැඩි වී ප්ලිහාව විශාලවීම සේම ඒ පද්ධතියට සෘජුව සම්බන්ධ ශිරා විශාල වී ආමාශයට ලේ ගැලීම් සිදුවිය හැකියි. එනිසා ලේ වමනය යාම හා මළ සමඟ රුධිරය පිටවීම ද දක්නට පුළුවන්.
අක්මාවේ සිරෝසීස් ඇති වූ අයෙකුට අක්මාවේ පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. එසේම මොළයේ (හෙපටික් එන්කෙෆලෝපති) hepatic encephalopathy තත්ත්වය ඇතිවිය හැකියි.
මත්පැන් පානය කිරීමේ දී යම් පුද්ගලයකු එයට ඇබ්බැහි වීමක් සිදු වෙනවා. එහි දී එම පුද්ගලයාගේ මොළයේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීමක් ද සිදු වෙනවා.
මේ හේතුවෙන් මත්පැනට ඇබ්බැහි වූවකුට එය නැවැත්වීමට අවශ්‍ය වුවත් මොළයේ රසායනික විපර්යාසය හේතුවෙන් පුද්ගලයාට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය නිසා දිගින් දිගටම ඇබ්බැහි වීම සිදු වෙනවා. කෙසේ වෙතත් මත්පැන් මඟින් කිසිදු පෝෂක කොටසක් හෝ විටමීනයක් ශරීරයට ලැබෙන්නේ නැහැ.
එසේම මානසික ආතතිය අවම කර ගැනීම හෝ හරිහැටි නින්දක් ලබාගැනීම මෙන්ම තමාගේ ගැටලු නිරාකරණයට ද ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මානසික සුවයක් හෝ ශාරීරික සුවයක් ද ලබාගත හැකි යැයි ඔවුන් සිතුව ද ඒ කිසිවක් සත්‍ය වශයෙන් ලද නොහැකියි. මද්‍යසාර නිසා ස්නායු පද්ධතියට ද හානි වෙනවා. ඒ අනුව මතක ශක්තිය අඩුවීම මෙන්ම පර්යන්ත ස්නායුවලට හානිවිය හැකියි. මොළයේ සෛල හා ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමක් මත්පැන් මඟින් සිදුවන අතර මිනිසාගේ අවධාන ශක්තිය මෙන්ම මතක ශක්තිය ද මෙහිදී අඩු වීමකට ලක් වෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය මොහොතකට අඩු කර තවත් විටෙක වැඩි වන අවස්ථා ද තිබෙනවා. මත්පැන් පානයෙන් පසු ආහාර නොගැනීමෙන් ශරීරයේ සෛලවල සැපයෙන ග්ලුකෝස් අඩු වී මොළයේ සෛල විනාශ විය හැකියි. මේ ක්‍රියාවලිය දිගුකාලයක් සිදුවීමේ දී භයානක ප්‍රතිඵල අත්විය හැකියි.
ඊට අමතරව ආමාශයේ පිළිකා තත්ත්ව හා තුවාල ඇතිවන්න පුළුවන්
ඒ හරහා හිරිවැටීම් ද සිදුවන්න පුළුවන්. ඊට අමතරව ආමාශයට ලේ ගැලීම හෝ ලේ ගැලීමකින් තොරව ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඇතිවිය හැකියි. තව ද අන්නස්‍රෝතය සහ මහබඩවැලේ මෙන්ම අග්න්‍යාසයේ පිළිකා ඇතිවෙන්න පුළුවන්.
කෙසේ වෙතත් අක්මාවට සුළු වශයෙන් හානියක් වී තිබෙනවා නම්, එවන් අවස්ථාවල දී මත්පැන් පානය නවතා දැමීමෙන් අක්මාව යථා තත්ත්වයට පත්කරගත හැකියි. නමුත් ඒ තත්ත්වය තිබියදී නැවත නැවත මත්පැන් පානය කළ හොත් අක්මාව ආසාදනයට ලක් වීම නොවැළැක්විය හැකියි. හෘදය වස්තුවට හානිවෙන්න පුළුවන්. හෘදයේ රුධිර නාලවලට සහ පේශිවලට හානි වී එවැනි අවස්ථාවල හෘදය වස්තුව ඉදිමෙන්න පුළුවන්. ඊට අමතරව ලිංගික අඩපණ වීම ද දක්නට ලැබෙනවා
මද්‍යසාර අධික ලෙස ගන්නා අයකුගේ රුධිරවාහිනී පද්ධතියට ද අහිතකර බලපෑම් ඇතිවිය හැකියි. ඒ අනුව හෘදයවස්තුවේ පේශි අකර්මන්‍ය වීම හා හෘදයේ ගැස්මේ වෙනස්වීම් ඇතිවිය හැකියි. හිමොග්ලොබින් ප්‍රමාණය අඩු විය හැකි අතර රුධිරයේ වෙනස්වීම් ලෙස ප්ලේට්ලට් අඩුවීම ද දැකගත හැකියි.
රතු රුධිරානු සෛලවල විශාලත්වය වැඩි වෙන්න පුළුවන්. එසේම මෙවැනි අයගේ පෝෂක තත්ත්වවල ඌනතා දැකගත හැකි අතර එවැනි අයගේ තයමින් අඩු විය හැකියි. ඉන් හෘදය වස්තුවට බලපෑම් ඇති වී බෙරිබෙරි රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්.
Cardiomyopathy නැමැති තත්ත්වය ඇති වී හෘදය වස්තුවේ පේශි නිසියාකාරව ක්‍රියාත්මක නොවිය හැකියි. ඊට අමතරව අස්ථිවලට ද බලපා එහි කැඩෙන ස්වභාවය වැඩි වෙන්න පුළුවන්.
තාවකාලිකව රුධිරගත සීනි ප්‍රමාණය අඩුවිය හැකි සේම කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙන්න ද පුළුවන්. තව ද හෝර්මෝනවල ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් ඇතිවිය හැකියි. ඊට අමතරව පිරිමියකුගේ නම් ගැහැනු හෝර්මෝන වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.
ඒ අනුව පියයුරු විශාලවීම මෙන්ම වෘෂණ කෝෂ කුඩාවීම හා ලිංගික ශක්තිය අහිමිවී යා හැකියි. මේ සියල්ල සිදු වන්නේ මද්‍යසාර ලබා ගන්නා ප්‍රමාණය වැඩි වූ විටයි. ප්‍රධාන වශයෙන් මෙය වැඩිපුර ගැනීමෙන් ඇබ්බැහි වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ අනුව යම් යම් රෝග ලක්ෂණ මතුවීමේ අවදානමක් තිබෙනවා.
මේ සියල්ල දෙස බැලීමේ දී මද්‍යසාර ශරීරගත වී විශාල පරිහානියක් සිදුකරන බව පෙනී යයි. එනිසා ඉන් මිදීමට උත්සාහ කළ යුතුයි. එසේම උත්සව අවස්ථාවන්වල දී ද මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ශරීරයටත් ජීවිතයටත් වාසියක් නොවන මද්‍යසාර ගැනීමෙන් ඈත් වී සිටීම වාසි රැසක් හිමි වන්නා සේම සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ හැකියාව ද සතුය.

මත්පැන් බොනවා නම් සිරෝසීස් ගැනත් දැන ගන්න
ඇල්කොහොල් හෙවත් මධ්‍යසාරවල සමාජ භාවිතය විග්‍රහ කරන්නේ කෙසේද?
මධ්‍යසාර භාවිතය එක් සමාජයකට පමණක් සීමා නොවුණත් බටහිර රටවල සහ ආසියාවේ සුපිරි සහ මධ්‍යම පාන්තික සමාජවල මෙය පිළිගත් පානයක් විදිහටයි. (Social Drink) ප්‍රචලිත වී තිබෙන්නේ.
නමුත් මෙහි තවත් පැත්තක් වන්නේ එය Social Drink කියන අදහසින් ඔබ්බට ගොස් ඇබ්බැහිවීමක් බවට පත් වීමයි. මධ්‍යසාරවල ආදීනව නිසා තමාටත්, පවුලටත්, සමස්ත සමාජයටත් මහත් ව්‍යසනයක් ඇතිකරවන බලපෑමක් දක්වා මෙය වර්ධනය වී තිබෙනවා.
මධ්‍යසාරවලට ඇබ්බැහිවීම යන කාරණයේදී පන්ති භේදයක් නැතිව සහ විශේෂයෙන් දුප්පත් සහ නූගත්කම ඊට සෘජු බලපෑමක් එක්කර තිබෙනවා.
වෙළෙඳපොළේ දක්නට ලැබෙන විවිධ මත්පැන් වර්ගවල මධ්‍යසාර අන්තර්ගතය කෙසේද?
ඕනෑම මත්පැන් (අරක්කු) වර්ගයක මත් ගතිය ඇතිකරවන්නේ ඊතයිල් ඇල්කොහොල් C2H2OH මඟින්. මෙය විවිධ ප්‍රමාණවලින් ඒ ඒ මත්පැන්වල අඩංගු වෙනවා. සම්මත අරක්කු වර්ගවල මෙම ඊතයිල් ඇල්කොහොල් (30%) ක් සියයට තිහක් අඩංගුයි. බියර්වල 4% - 8% අඩංගු වන අතර වයින්වල සුළු ප්‍රමාණයක් අඩංගුයි.
මීට අමතරව ආයුර්වේද ඖෂධවලත් ප්‍රමිතියකට අනුකූලව මධ්‍යසාර යම් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. නමුත් ග්‍රාමීයව දක්නට ලැබෙන කසිප්පුවල අඩංගු ඇල්කොහොල් ප්‍රමාණයේ ප්‍රමිතියක් නෑ.
අද ලංකාවේ සුලබ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ ග්‍රාමීයව සකසන කසිප්පු භාවිතයයි. මෙහි මධ්‍යසාර අන්තර්ගතය හඳුනාගන්නේ කොහොමද?
මධ්‍යසාර අධිකව ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි. කසිප්පු නමින් හඳුන්වන ග්‍රාමීය නිෂ්පාදන කිසිම ප්‍රමිතියකින් තොරව සකසන නිසා එහි අඩංගු ඊතයිල් ඇල්කොහොල් ප්‍රමාණය නිශ්චිතව හඳුනාගන්නේ නෑ. මේ නිසා ඉන් ඇතිකරන අහිතකර ප්‍රතිවිපාක වැඩියි. අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය කෙසේ වෙතත් මෙවා සකසන නිෂ්පාදන ක්‍රමවේදයත් මුළුමනින්ම සෞඛ්‍යයට හානිකර විය හැකියි.
මධ්‍යසාර සකසා ගැනීමේ ක්‍රියාවලියේදී ඊතයිල් සහ මීතයිල් යනුවෙන් වර්ග දෙකක් ගැන කතා කරන ඒ මොනවාද?
මධ්‍යසාර සකසා ගැනීමේදී අතුරු ඵල දෙකක් විදිහට ඊතයිල් සෑම මත්පැන් වර්ගයකම අඩංගු වෙනවා. එයින් තමයි මත් ගතිය ඇතිකරවන්නේ. නමුත් මීතයිල් කියන්නේ අධික විෂ සහිත අතුරු ඵලය ප්‍රමිතිගත ස්කාගාරවලදී මෙම ඊතයිල්, මීතයිල් වෙන වෙනම වෙන්කර ගත්තත් ග්‍රාමීයව සකස් කරන මත්පැන් වර්ගවල නම් එවැනි ක්‍රියාවලියක් සිදුවන්නේ නෑ.
මධ්‍යසාර ශරීරගත වීමේදී සිදුවන්නේ කුමක්ද?
මධ්‍යසාර සුළු හෝ වේවා අධි හෝ වේවා කුමන මාත්‍රාවක් වුවත් ශරීරගත වූ විට මුලින්ම ආමාශය සහ අන්ත්‍රවලට උරාගන්නවා. ඉන්පසු එය රුධිරය මගින් අක්මාවට ගමන් කරනවා. අක්මාවේදී විවිධ සංඝටකවලට බෙදී පරිවෘත්තිය ක්‍රියාවලියකට භාජනය වන අතර එහිදී විෂ සහිත අතුරු ඵල නිපදවෙනවා. අධි මාත්‍රාවක් නිරන්තරයෙන් ගැනීමෙන් ඉක්මනින් අක්මාවට හානි විය හැකිය.
මධ්‍යසාර ශරීරගත වීමෙන් අක්මාවට හානි සිදු වී එම ක්‍රියාවලිය එතැනින් නවතින්නේ නෑ. ශරීරයේ සමස්ත ඉන්ද්‍රීය පද්ධතියටම කරන බලපෑම විග්‍රහ කළොත්?
මධ්‍යසාර සුළු හෝ අධි මාත්‍රාවෙන් කාලාන්තරයක් ශරීරයට ඇතුළු වීමෙන් මොළයට හානි සිදු වෙනවා. එනම් මොළය දිය වී කුඩා වෙනවා. ඒ වගේම මොළය පිටුපස කොටස ක්ෂය වීමක් සිදුවිය හැකියි. තවද පාදයේ ස්නායු දුර්වල වීම, දෙඇස් මුළුමනින්ම අන්ධ වීම, වකුගඩු නරක් වීම, හෘද වස්තුව ඉදිමීම ආදී වශයෙන් සෑම ඉන්ද්‍රියකටම විවිධ බලපෑම් ඇතිකර වනවා. මධ්‍යසාරවල අඩංගු මෙතනෝල් වැනි ඇතැම් සංඝටකවලින් මානසික ආබාධ ඇතිකරවිය හැකියි.
මධ්‍යසාර නිසා ශරීරයේ ඉන්ද්‍රියන්ට හානි සිදු වී ඇති විටෙක මතුවන මූලික රෝග ලක්‍ෂණ මොනවාද?
කෑම අරුචිය, අත් පා ඉදිමීම, බඩ පුරවා දැමීම, ඇස් කහ පාට වීම යන රෝග ලක්‍ෂණවලට අමතරව අක්මාව, ආමාශය වැනි ඉන්ද්‍රියන්ට බරපතල හානි සිදු වී ඇති විට ලේ වමනය, කළු පැහැයෙන් මළ පිටවීම ආදී ලක්‍ෂණ පහළ වෙනවා. අක්මාව තුළ පීඩනය වැඩිවන විට ලේ නහර පිපිරීමෙන් තමයි මෙවැනි තත්ත්වයක් මතුවන්නේ.
ඒ වගේම මෙහි බරපතල අවදානම වන්නේ මෙම සියලු රෝග ලක්‍ෂණ පහළ වීම සිදුවන විට අක්මා සෛලවලින් සියයට හැටක්ම විනාශ වී තිබීමයි.
අරක්කු බොන අයත් දන්න වචනයක් තමයි “සිරෝසීස්”. නමුත් වෙන්නේ මොකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ.
මධ්‍යසාර නිරන්තරයෙන් ශරීර ගතවූ විට ඇතිවන සුලබම රෝගය තමයි සිරෝසීස්. සිරෝසීස් ඇතිවන්නේ අක්මාවට හානි වීමෙන්. අක්මාවේ පටක සම්පූර්ණ වෙනසකට ලක්වීමෙන් එහි සෛලවලට හානි කරනවා. එවිට සෛල මුළුමනින්ම කෙඳි සහිත පටක බවට පත්වෙනවා. අවසානයේ අක්මා සෛල නැතිව කෙඳි ගොඩක් පමණක් ඉතිරි වෙනවා. එවිට මුළුමනින්ම අක්මාව අක්‍රීය වී එහි ක්‍රියාවලිය මුළුමනින්ම නවතිනවා. මෙය නිට්ටාවට සුව කළ නොහැකි බරපතළ රෝග තත්ත්වයක්.
මධ්‍යසාරවල ආදීනව නිසා ඇතිවන වෙනත් රෝගාබාධ මොනවාද?
සිරෝසීස් තත්ත්වය සමගම සිහි මඳ ගතියක් ඇතිවනවා. ඒ මොළයට ඇතිකරන බලපෑම නිසයි. හෙපටික් එන්සොෆොලොපති නැමති මෙය ඇතිවුණොත් ඉන් සියයට පනහක්ම මරණයට පත් වෙනවා.
තවද උදරයේ වතුර පිරීමෙන් අන්ත්‍ර හෙවත් බඩවැල් අක්‍රීය වීමත්, විෂබීජ අන්ත්‍ර කුහරවලට ඇතුළු වීමත් සිදුවිය හැකියි. එවිට රෝගියා මිය යනවා. ස්නායු අඩපණ වීමෙන් පාදවල දැනීම අඩුවීම, (ෆෙරිෆරල් නියොරොපති) මස් පිඬු දියවීම, මතකය අඩුවීම, මොළය ක්ෂය වීම, හෘදය ඉදිමීම (ඩයිලේටස් කාඩියොමයෝපති) වැනි රෝග ලක්‍ෂණ ඇතිවිය හැකියි.
මධ්‍යසාර නිසා රෝගී වූ පුද්ගලයෙක් රෝහල් ගතකළ විට ලැබෙන ප්‍රතිකාර මොනවාද?
සාමාන්‍යයෙන් මෙවැනි රෝගියෙක් රෝහල්ගත වන්නේ ලේ වමනය, කකුල් ඉදිමීම, බඩ ඉදිමීම වැනි රෝග ලක්‍ෂණ ඇති වූ විටයි. මේ තත්ත්වය පෙන්නුම් කරන විට අක්මාවෙන් සියයට හැටක්ම විනාශ වී හමාරයි. එමනිසා හදිසි ප්‍රතිකාර සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවෙනවා.
මෙහිදී මුලින්ම මුඛයෙන් ආහාර දීම නවත්වා බට මගින් ආහාර ලබා දෙනවා. සේලයින් සහ සේලයින් සමඟ ලබා දෙන එන්නත් ලබා දී අක්මාවේ අම්ල ගතිය අඩු කරනවා. එමෙන්ම අක්මාවේ පුපුරන ලද රුධිර වාහිනී හැකිළීමට බෙහෙත් ලබා දෙනවා.
මීට අමතරව UGIE ශල්‍යකර්මයත් වැදගත්. එහිදී කැමරා සහිත නලයක් ශරීරයට ඇතුළු කර රුධිර නාලවලින් ලේ වහනය වීම වැළැක්වීමයි සිදුකරන්නේ. මේ සඳහා ශල්‍ය වෛද්‍යවරයෙකුගේ සහාය අවශ්‍යයි.
හානි වූ අක්මාවට බෙහෙත් දැමීමත් ප්‍රතිකාරයක්. එහිදී FFP නැමැති ප්‍රෝටීන අඩංගු ලේ වර්ගය රෝගියාට ලබා දීමටත් සිදුවෙනවා.
මධ්‍යසාරවලට ඇබ්බැහි වී සිටියත් එහි ආදීනව බුද්ධියෙන් වටහා ගත් ඇතැමුන්ට එයින් මිදෙන්න සැබෑ වුවමනාවක් තිබෙනවා. නමුත් ඔවුන් පවසන්නේ එසේ කළොත් නැති ලෙඩ ඇතිවෙන බවයි.
ඇත්තෙන්ම ඔය කියන්නේ කාලාන්තරයක් අරක්කු බීපු අය එකවරම එය ගැනීම නැවැත්තුවොත් ඇඟ වෙව්ලීම, ඇඟ කැසීම, නින්ද නොයාම, ෆිට් එක, සිහි මද ගතිය ඇතිවන නිසයි. මේ තත්ත්වයන් ඇතිවෙනවා නම් ඒවාටත් ඖෂධ සහ ප්‍රතිකාර අපි ළඟ තිබෙනවා. අතුරු ආබාධවලට, විෂාධියට බෙහෙත් දෙනවා. මානසික සායනවලට යොමු කරනවා. අරක්කුවලින් මිදෙන්න ඕනෑ කියන හැඟීම කෙනකුට ඇතිවීමත් සමාජයට හොඳක් නිසයි අපි නොමසුරුව ප්‍රතිකාර ලබා දෙන්නේ.
සිරෝසීස් වැනි තත්ත්වයක් මුල් අවස්ථාවේ හඳුනාගත නොහැකිද?
බාහිරින් පෙන්වන ලක්‍ෂණවලින් නම් එය කිසිසේත්ම හඳුනාගන්න බෑ. සිරෝසීස් මුල් අවස්ථාවේදීම හඳුනාගන්න නම් ලේ පරීක්‍ෂාවක් කර ගන්න ඕනෑ. LFT (Liver Function Test) නමින් හඳුන්වන මෙම රුධිර පරීක්‍ෂාව මගින් අක්මාවට යම් බලපෑමක් වෙලා ද යන්න කල් ඇතිව හඳුනාගන්න පුළුවන්.
ආයු කාලය වැඩිකර ගන්න නම් මාසයකට වරක් දෙවරක්වත් මධ්‍යසාර ගත යුතු බටව නොබොන අයට ඇතැමුන් උපදෙස් දෙනවා. මේ කතාවේ ඇත්ත මොකක්ද?
මේ කතාවේ කිසිම ඇත්තක් නෑ. ඔය කාරණය පිළිබඳ සිදුකළ පර්යේෂණවලින් සුළු පිරිසක් ඇල්කොහොල් ශරීරයට අවශ්‍ය බවත්, එය දිනකට තේ හැන්ඳක් හෝ දෙකක් (20 ml) පමණ බවත් කියනවා. නමුත් බොහෝ පර්යේෂණවලින් ඒ අදහස තහවුරු කර නෑ.
මධ්‍යසාර පිළිබඳ මෙවැනි මත දරන්නන් සහ ඇබ්බැහිවූවන් මත් රකුසා පිළිබඳ නොදන්නා යථාර්ථයන් බොහොමයි. වෛද්‍යවරයකු ලෙස ඔබ ඔවුනට දෙන උපදේශය.
සමහරු හිතන්නේ ඇල්කොහොල් සමාජ ජීවිතයට අත්‍යවශ්‍ය කොටසක් බවයි. නමුත් සමාජයට මුහුවීමට මත් වතුර වීදුරුවක් වුවමනා නෑ. අවශ්‍ය වන්නේ පෞරුෂයයි. අනෙක කසිප්පු ද, සීල් අරක්කු ද, වයින් ද, බියර් ද කියලා වෙනසක් නෑ. ඒ සියල්ලම සිරුරට අහිතකරයි.
ඒ විතරක් නෙමෙයි මත්පැන් නිසා රෝගාතුර වූවන්ට රජය විශාල මුදලක් ප්‍රතිකාරවලට යටකරනවා. මැරෙන්න කියලා බෙහෙත් නොදී අත්හරින්නේ නෑ. අරක්කු බීලා රෝහල් ගතවන අය කල්පනා කළ යුතු තවත් දෙයක් තිබෙනවා. තමන්ට දෙන හැම ලේ බිඳුවක්ම මේ රටේ අහිංසක ජනතාව පරිත්‍යාගශීලීත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් ලබා දුන් ඒවා බවයි. මධ්‍යසාරවලින් තමා විසින් තමාව නැතිකර ගන්නවා විනා අන් යථාර්ථයක් එහි නෑ
.
-------------------------- -------------------------- ------------------
දුම්වැටි මත්ද්‍රව්‍ය මත්පැන් ලිංගික බෙලහීනතා ඇතිවීම
ජිවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ලිංගික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි. මේ ක්‍රියාවලියේදී ලිංගික නිරෝගී බව ඉතාම වැදගත් තැනක් ගන්නවා.
ලිංගිකව රෝගී වූ අයෙකුට ජීවිතයේ බොහෝ දේ නොලැබී යනවා. ඒත් ඒ ගැන කිව නොහැකිව බොහෝ දෙනා ලතැවෙනවා. මේ ලිපියේ අරමුණ විවිධ කායික රෝග නිසා ඇතිවෙන ලිංගික බෙලහීනතාවයන් හා ඊට අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමයි.
ලිංගික දුබලතාවයන්ට හේතුවන රෝග පිළිබඳවත් ඉන් මිදී සාර්ථක ජීවිතයක් ගතකරන ආකාරය පිළිබඳවත් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ලිංගික බෙලහීනතාවයකට බලපෑහැකි කායික රෝග ආකාර කීපයකින් දැක්විය හැකියි. විශේෂයෙන් හෝමෝනවල (Testosterone ටෙස්ටස්ටෙරෝන් ) බලපෑම් නිසා ලිංගික දුබලතා ඇතිවෙනවා. සමහර කායික රෝග නිසා මේ හෝමෝනය නිපදවීම අඩුවෙනවා. එවැනි තත්ත්වයකදී ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි. මෙහිදී මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් සහිත රෝග තත්ත්ව ප්‍රධාන තැනක් ගන්නවා. මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටිවල ඇති රසායනික ද්‍රව්‍ය නිසා සිරුරේ ඇතිවෙන වෙනස්කම් හේතුවෙන් මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවෙනවා.
මත්පැන්, මත්ද්‍රව්‍ය ලිංගික උත්තේජකයක් ලෙස භාවිතාකරන අයත් අප අතර සිටිනවා. ඇත්තෙන්ම මෙය උත්තේජකයක් නොවෙයි. නමුත් බොහෝ කාම අපරාධකරුවන් මේවා පාවිච්චි කරන්නේ තම ලැජ්ජා බය දෙක නැතිකර ගැනීමටයි. නමුත් මෙහි ඇති සත්‍ය කථාව නම් දිගුකාලීනව මත්පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ලිංගික බෙලහීනතා රෝග ලක්‍ෂණ ඇතිවීමයි.
ඇතැම් ආසාදන රෝග තත්ත්ව නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවෙනවා. කම්මුල්ගාය රෝගී ත්ත්ත්වය වෘෂණ කෝෂවලට බලපෑම් ඇතිකරනවා. මේ හේතුව නිසා වෘෂණ කෝෂවල දැඩි වේදනාකාරී තත්ත්වයක් ඇතිවෙනවා.
එවැනි අයට පසුකාලීනව ටෙස්ටස්ටෙරෝන් හෝමෝනවල ස්‍රාවයේ ගැටලු ඇතිවීම නිසා ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි.
බරවා රෝගය නිසා වෘෂණ කෝෂ ඉදිමීම සිදුවෙනවා. මේ නිසා ටෙස්ටස් ;ටරෝන් හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවෙනවා.
හෘද රෝග තත්ත්ව නිසාත් ලිංගික දුබලතා ඇතිවිය හැකියි. විශේෂයෙන් රුධිරවාහිනී පටුවීම නිසා (Atherosclerosis - ඇතරොස්ක්ලෙරෝසිස් ) නිවැරදිව රුධිර සැපයුම සිදුනොවීමෙන් ශරීර ඉÁද්‍රිය ක්‍රියාකාරීත්වය අඩුවීම සිදුවෙනවා. මේ නිසාත් ලිංගික පද්ධතියට බලපෑම් සිදුවෙනවා.
වකුගඩු හා මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝග නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවෙනවා. වකුගඩු අක්‍රිය වීම (Hydrocoele) නිසාත් වෘෂණ කෝෂයේ පිටත තිබෙන ශිරා විස්තාරනය වීම Varicocele -වැරිකොසිල් ) නිසාත් ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය නිපදවීම අඩුවෙනවා.
ශරීරයේ තිබෙන බොහෝ බරපතළ ආබාධ නිසා ශරීරයේ් ඉÁද්‍රියන්ට වන බලපෑම් හේතුවෙන් ලිංගික බෙලහීනතා ඇති වෙනවා.
දියවැඩියා රෝගී තත්ත්වයේදී ශරීරයේ පර්යන්ත ස්නායු පද්ධතියට කෙරෙන බලපෑම නිසා ලිංගික උත්තේජනයක් නොලැබීයා හැකියි. මෙහිදී වන්නේ ඉන්සියුලීන් ක්‍රියාකාරීත්වයේ අඩු-වැඩි වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයි.
ශරීරයේ හෝමෝන නිපදවන ග්‍රන්ථි එකින් එක සම්බන්ධතා පවත්වනවා. මේ නිසා තයිරෝයිඩ් ග්‍රන්ථියේ අඩු හෝ වැඩි ක්‍රියාකාරීත්වයද ලිංගික බෙලහීනතා ඇතිකරවීමට එක් හේතුවක් වෙනවා.
ස්නායු පද්ධතියේ ආබාධ ශරීර ඉÁද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට බලපෑම ඇති කරනවා. මේ නිසා නිවැරදිව ශරීරය පුරා පණිවුඩ හුවමාරුව සහ රුධිර ගමනා ගමනය සිදු නොවීම හේතුවෙන් ලිංගික ඉÁද්‍රියන්ට ද බලපෑම් ඇතිකිරීම නිසා ලිංගික බෙලහීනතා ඇතිකරනවා. අපස්මාර රෝගයේ ටෙම්පෝරල් ලෝබ් Temporal lobe සහ එපිලෝසි Epilepsy තත්ත්වයේදීත් ලිංගික ආබාධ ඇතිවිය හැකියි.
මොළයේ ඇතිවෙන රෝගී තත්ත්ව නිසාත් ලිංගික දුබලතා ඇති වෙනවා. මොළයේ ඇතිවෙන අසාමාන්‍ය වර්ධනයන් ( ගෙඩි) හේතුවෙන් ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවෙනවා. මේ නිසා ලිංගික දුබලතා ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. වසවිස මෙන්ම පළිබෝධ නාශක දීර්ඝ කාලීනව ශරීර ගතවීම නිසාත් ලිංගික දුබලතා ඇතිවෙනවා. ලිංගික අවයව සහ ගුදමාර්ගය ආශි‍්‍රත පෙදෙසේත් යටිබඩ ආශ්‍රීතවත් කෙරෙන ශල්‍යකර්මවලින් පසුව ඇතැම්විට ලිංගික බෙලහීනතා තත්ත්ව ඇතිවිය හැකියි. මෙහිදී සිදුවන්නේ එම ප්‍රදේශ ආශි‍්‍රතව ඇති ස්නායු පද්ධතියට හානිවීම් නිසා ශරීර ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑමයි.
ලිංගික ප්‍රදේශය ආශි‍්‍රතව කෙරෙන විකිරණ ප්‍රතිකාර නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි. ලිංගික බෙලහීනතාවය සඳහා කායික රෝග තත්ත්ව බොහෝ දුරට බලපානවා. එවැනි අයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ රෝග ඉතිහාසය, මානසික තත්ත්වය, පවුලේ තත්ත්වය සොයා බැලිය යුතුයි.
කායික රෝගී තත්ත්වයක් නම් එම කායික රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාදීම කෙරෙනවා. කායික රෝගී තත්ත්වවලදී ලිංගික උත්තේජක ඖෂධ භාවිතය අවශ්‍යවන්නේ නැහැ. කායික රෝගී තත්ත්වය පාලනය කරගන්නා ඕනෑම අයෙකුට සාර්ථක ලිංගික සබඳතාවක් ජීවිතයේ වැඩි කාලයක් තුළ පවත්වාගෙන යාමට හැකි වෙනවා. මානසික රෝගී තත්ත්වයක් නම් උපදේශනය මඟින් එම රෝගියාට අවශ්‍ය දැනුම්වත් කිරීම් කළ යුතු වෙනවා.
මත්පැන්, මත්ද්‍රව්‍ය , දුම්පානයට ඇබ්බැහි වීම සෘජුවම ලිංගික ගැටලු ඇතිකරන තත්ත්වයක් මෙවැනි අවස්ථාවලදී කළයුතු හොඳම ප්‍රතිකාරය වන්නේ එවැනි වැරදි පුරුදුවලින් ඉවත්වීම පමණයි.
-------------------------- -------------------------- -------------------------- -------------------------- -
මත්පැන් සහ මොලය - Alcohol and your Brain
පහත දැක්වෙන සාධක මත මත්පැන් වලින් ඇතිවන හානියේ තීව්රතාවය වෙනස්විය හැකි බව පෙනීගොස් ඇත.
1. ස්ත්‍රී පුරුෂ භාවය
2. වයස
3. උස
4. බර
5. ශරීර සෞඛය
6. අමාශයේ ඇති ආහාර ප්‍රමාණය
7. තමන් ගන්නා පානයේ අඩංගු මත්පැන් (Alcohol Concentration) සාන්ද්‍රණය
8. නියම කර ඇති හෝ නොකල ඖෂධ ලභාගැනීම
මත්පැන් වලින් ඔබට වන බලපෑම ගැන කතාකිරීමේදී රුධිරයේ අඩංගු මත්පැන් සාන්ද්‍රණය (Blood Alcohol Concentration - BAC) ඉතා වැදගත්.
Total amount of alcohol = Blood Alcohol
Total body water Concentration
Total amount of alcohol : මත්පැන් ප්‍රමාණය
Total body water :ශරීරයේ අඩංගු සම්පුර්ණ ජලය ප්‍රමාණය
මත්පැන් ජලයේ දියවන අතර මත්පැන් සමග ජලය වැඩිපුර පානය කිරීමෙහි යම් හිතකර බවක් ඇතත් මත්පැන් වලින් වන හානිය ගැන සිතනවිට එය සුළුවෙන් හෝ පානය කිරීමට අනුබල දීමක් කිසිවිටකත් නොකළ යුතුය. "පොඩ්ඩක් ගත්තට කමක් නැහැ,""පාටියකදී විතරක් පොඩ්ඩක් ගන්නවා " "I'm a Social drinker" " බියර් එකක් නම් බිව්වට අවුලක් නැහැ " වැනි වදන් වලට මුවාවී ලීටර් ගණන් මත්පැන් පානයකර අවාසනාවන්ත ඉරණම් උදාකරගත් ජිවිත බොහෝය.
මත්පැන් පානය කර වාහන පැදවීම නීතිවිරෝදී මෙන්ම කෙනෙකුට කළහැකි අනුවනම ක්‍රියාව ලෙසද හැඳින්විය හැක. මෙසේ ප්‍රකාශ කිරීමට තීරණාත්මක සාදක බොහොමයක් ඇත. ඔබ ලබාගන්න මත්පැන් ආහාර මාර්ගය ඔස්සේ අමාශයට ගමන් කරයි. එහිදී පානය කල මත්පැන් වලින් 20% පමණ ඉක්මනින්ම අවශෝෂණය කරගන්නා අතර ඉතිරි 80% කුඩා අන්ත්රයේදී (කුඩා බඩවැලේදී) අවශෝෂණය වේ. ඉන්පසුව අවශෝෂිත මත්පැන් (Alcohol) හදවත මගින් මධ්‍ය ස්නායු පද්ධතිය Central Nervous System-CNS (මොලය ශුශුම්නාව) ඇතුලත්ව ශරීරයේ සැම කොටසකටම පරිවහනය කරනු ලබයි.
මත්පැන් පානයකර ඉතා සුලුවෙලාවකින්ම හිස ප්‍රදේශයේ යම් ඉහිල් බවක් හෝ හිසේ බර ගතියක් දැනෙන්නට වන්නේ මෙම මත් පැන් ඉතා ඉක්මනින් මොලය කරා ගමන් කරන බැවිනි. මොලයේ ස්නායු සෛල අතර සහ ස්නායු සෛල සහ අනෙකුත් ශරීර කොටස් අතර සන්නිවේදන ක්‍රියාවලියේ වේගය අඩාළ කිරීම මෙහිදී සිදුවේ.
එබැවින් ඉතා සුළු මත්පැන් ප්‍රමාණයකින් උවද කෙනෙකුගේ "හැඟීම්, තීරණ ගැනීම්, සමබර තාවය, මතකය, කථනය, කොපවිම " ආදිය වෙනස් වන බව නිරීක්ෂණය කලහැක. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25 වනතෙක් ඔබේ මොලය වර්ධනය වේ. එහිදී මත්පැන් වලින් වැලකිසිටීම වැදගත් වන්නේ ආපසු හැරවිය නොහැකි හානි ඔබේ මොලයට සිදුවීමට ඉඩඇති බැවිනි.
මෙහිදී මොලයේ සෙරිබ්‍රල් කෝටෙක්ස් Cerebral Cortex (සංවේදන පාලනයවන ප්‍රදේශය) ප්‍රදේශයට බලපෑම් ඇතිවූවිට කෙනෙකු කතා පෙට්ටියක් මෙන් කියවීමටත්, ආත්මවිශ්වාසයෙන් මෙන් හැසිරීමටත්, සමාජ ශීලි ගති පෙන්වීමටත් පටන් ගන්න අතර චින්තන ක්‍රියාවලියටද බලපෑම් ඇතිවේ. එබැවින් නිවැරදි තීරණ හෝ විනිශ්චයන් ලබාදීමට නොහැකි වීමත් පැහැදිලිව සිතීමට නොහැකි වීමත් මෙහිදී සිදුවේ.
සැලසුම් කිරීම, අදහස් ගොඩනැගීම, තීරණ ගැනීම, ස්වයං පාලනය ආදියට වගකියන මොලයේ ඉදිරිපස කොටසට (Frontal lobes) බලපෑම් ඇතිවූවිට පහත සඳහන් ලක්ෂණ දැකියහැකිවේ.
1. හැඟීම් පාලනයේ දුර්වලතා
2. දුරදිග නොසිතා කටයුතුකිරිම
3. ප්‍රචණ්ඩකාරිවිම හෝ තමාගේ එදිනෙදා චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් ඉදිරිපත්කිරීම
සම්භන්ධිකරණය, චින්තනය සහ දැනුවත් වීම පාලනයවන සෙරිබෙල්ලම් (Cerebellum) ප්‍රදේශයට බලපෑම ඇතිවූවිට තමන්ගේ මානසික මෙන්ම ශාරීරික හැකියාවන් අඩාලවේ. ඇතැම් විට සමබරව ඇවිදීමට නොහැකිව ඇදවැටී තුවාල සිදුවිමටද මෙහිදී බොහෝ ඉඩ ඇත.
මතකශක්තිය සහ මතකය සම්බන්ද වන හිපොකැම්පස් (Hippocampus) ප්‍රදේශයට බලපෑම් ඇතිවූවිට දැන් ඔබට ඇසුණු දෙයක්වත් මතක නැතිවීමටත්, පසුගිය රාත්‍රියේ ඔබ කලේ කුමක්දැයි කියාවත් ඔබට මතක නැති වීමට පුළුවන. එමෙන්ම ඉගෙනීමට සහ කරුණු ධාරණය කරගැනීමටද භාදා ඇතිවේ.
හයිපොතැලමසය (hypothalamus)ශරීරයේ කාර්යන් රැසකට වගකියන මොලයේ පිහිටි විශේෂ ප්‍රදේශයකි, එයට බලපෑම් ඇතිවූවිට රුධිර පීඩන, මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය, පිපාසය, බඩගින්න වැඩිවන අතර ශරීර උෂ්ණත්වය සහ හර්ද ස්පන්දනය අඩුවේ.
හර්ද ස්පන්දනය සහ ශරීර උෂ්ණත්වය පාලනය වැනි ස්වන්ක්රිය ක්‍රියා වලට සම්බන්ද මෙඩුලා (Medulla)ප්‍රදේශයට බලපෑම එල්ලවුවිටද ශරීර උෂ්ණත්වයට බලපෑම් එල්ලවේ. සීතල පරිසරයකදී එළිමහනේ මත්පැන් පානය කිරීමනිසා ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්වයට වඩා පහත වැටියහැක. මෙම භයානක තත්වය හයිපොතර්මියා (Hypothermia) ලෙස හඳුන්වයි.
ඉහත සියලු හානිදායක තත්වයන් මොලය සම්බන්ද කරුණු කාරණාවේ. ඊට අමතරව මත්පැන් නිසා ඇතිවිය හැකි වෙනත් හානි බොහෝය.
ආහාර මාර්ගයේ කැල්සියම් සහ වෙනත් පෝෂපදාර්ථ අවශෝෂණය සඳහා වන කොටස් මත්පැන් නිසා හානියට පත්වූවිට කැල්සියම් ඌනතාවයන් මෙන්ම මන්ද පෝෂණය පවා ඇතිවිය හැක. දත් දුර්වලවීම සහ නොයෙකුත් අස්ථි ආභාධ කැල්සියම් ඌනතාවය නිසා ඇතිවන අනිසි පල විපාකවේ. එමෙන්ම පෝෂ පදාර්ථ අවශෝෂණයේ දුර්වලතා නිසා කොපමණ පෝෂජනක ආහාර ගත්තද නිසි පෝෂණයක් නොලැබේ.
ඉතිං ඔබේ මොලය මත්පැන් වලින් විනාශ වීමට පෙර සිතන්න
1. වර්ධනය වන මොලයට මත්පැන් ඉතා විෂ සහිතය
2. මත්පැන් වලට මොලයේ කොටස් සදහටම අකර්මන්‍ය කලහැක
3. මුදල් සහ කාලය විනාශවීම.
4. පව්ලේ සමගියට භාදා ඇතිවීම.
5. මත්පැන් සමග අත්වැල් බැඳගෙන සිටින දුම්වැටි වලට, සුදූ ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට ඇති හැකියාව.
ඔබේ මොලයේ දිගුකාලින ක්රියාකාරිත්වයටත් යහපත් මානසික හා ශාරීරික සෞඛයටත් වැදගත් වන්නේ මත්පැන් වලින් දුරස්වීම මිස එය වැළඳ ගැනීම නොවේ

--------------------------

Subscribe to:
Posts (Atom)