කෙනෙකු ඉපදී මියයන තුරු හෘදය වස්තුව දිවා - රාතී‍්‍ර මෙන්ම සෑම මිනිත්තුවක් පාසාම නොකඩවා කි‍්‍රයා කරයි. මසින් සෑදී ඇති මෙම අපූරු ඉන්ද්‍රිය ශරීරයට අවශ්‍ය වන රුධිරය එහි සෑම ස්ථානයකට ගලා යෑමට සැලැස්වීමෙන් ජීවය පවත්වා ගනී. ඒ අනුව අවුරුදු 70 ක් දක්වා ජීවත්වන අයකු විසින් එම කාලය තුළ පොම්ප කරනු ලබන මුළු රුධිරය ප‍්‍රමාණය ගැලුම් දශලක්‍ෂ 44 ක් හෙවත් ලීටර් දශ ලක්‍ෂ 200 කට ආසන්නය.ඇපල් ගෙඩියක හැඩය ඇති කුහර සහිත හෘදය වස්තුව පිහිටා ඇත්තේ පපුවේ වම් පැත්තෙහි මධ්‍යය කොටසෙහිය. එය ආරක්‍ෂා වී ඇත්තේ ඇටසැකිල්ල මගිනි. වැඩිහිටියකු ගේ හෘදය වස්තුව ග‍්‍රෑම් 300 ක් පමණ බරය.ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන හෘදය වස්තුව කි‍්‍රයා කරනු ලබන්නේ නිරන්තර හැකිලීම හා දිගහැරීම මගින් වන අතර ශරීරය පුරා පැතිරී යන රුධිරය ධමනි තුළට පොම්ප කරනු ලබන්නේ එම කි‍්‍රයාවලිය හේතු කොට ගෙනය. මෙම පොම්ප කිරීම අපට දැනෙන්නේ නාඩි වැටීම මගිනි.හෘදය වස්තුව ස්වතන්ත‍්‍ර මාංස පේශීන්ගෙන් යුත් කුහර හතරක් ඇති වස්තුවකි. වම්පස ඇති කුහර දෙක දකුණු පස ඇති කුහර දෙකෙන් වෙන් කරන හෘදය මධ්‍යයෙහි පිහිටි ඇති ප‍්‍රාචීර පේශියක් පවතී. ඒ ප‍්‍රාචීර පේශියෙන් හෘද වස්තුවේ වම් පස ඇති කුහර දකුණු පස ඇති කුහරයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී පවතී. මේ නිසා වම් පස පවතින ලේ දකුණු පසටත් දකුණු පස පවතින ලේ වම්පසටත් ගමන් කිරීමක් සිදු වන්නේ නැත.
වම් පස කුහර දෙකක් ද, දකුණු පස කුහර දෙකක් ද යනුවෙන් කුහර හතරක් පිහිටා ඇත. උඩින් පිහිටි කුහරයට ආලින්ද හෙවත් කර්ණිකා යයි කියනු ලැබේ. පහතින් පිහිටා ඇති කුහරයන්ට නිලය හෙවත් කෝෂිකා යයි කියනු ලැබේ. එක පසෙක උඩින් පිහිටි කුහරය සමඟ පහතින් පිහිටි කුහරය සම්බන්ධ කරන දොරටු ඇත. ඒ දොරටු ආරක්‍ෂා කරමින් පහතට පමණක් ඇරෙන සිහින් සිවියකින් සෑදී ඇති කපාටිකා පිහිටා තිබේ. කපාටිකා වැසෙන විට ඒ කපාටිකා ඉදිරිපස පිහිටි කුහරය ඇතුළතට තල්ලු වී නොයන සේ කපාටිකා ආරක්‍ෂා කිරීමට කුඩා තන්තු පිහිටා ඇත. මේ තන්තු මගින් කපාටිකාවෝ හෘත් මාංස පේශියට සම්බන්ධ වී පවතී. මේ තන්තු සූත‍්‍ර කණ්ඩරිකා යන නමින් හඳුන්වනු ලැබේ.වම් පස ආලින්දය හෙවත් උඩින් පිහිටි කර්ණිකාව හැකිලෙන විට පහතින් පිහිටි කුහරයට හෙවත් කෝෂිකාවට ආලින්දයේ තිබුණ ලේ තල්ලු වී යයි.මේ ආකාරයටම දකුණු පස කර්ණිකාවෙන් දකුණු පස කෝෂිකාවට ලේ ඇතුළුවන දොරටුව ආරක්‍ෂා කරන පති‍්‍රකා තුනකින් සැදුන කපාටිකා ඇත. එහෙයින් දකුණු පස කපාටිකාවට ති‍්‍රදල කපාටිකා හෙවත් ති‍්‍රතුණ්ඩ කපාටිකා යයි කියනු ලැබේ. වම් කෝෂිකාව හැකිලෙන විට ඒ කෝෂිකාවෙන් මහා ධමනියට රුධිරය තල්ලු වී යන්නේය. ඒ ලෙ ධමනි මගින් මුළු ශරීරයටම ගෙන යනු ලැබේ. නැවත නිලය දිග හැරෙන විට ලේ ආපසු නිලය ඇතුළට ගලා ඒමට ඉඩ නොදේ. නිලයෙන් මහා ධමනියට ලේ ගමන් කරන දොරටුව ආරක්‍ෂා කරන අර්ධ චන්ද්‍රාකාර වූ කපාටිකා පවතී. මේ කපාටිකාවන්ට මහා ධමනි කපාටිකා මහා ධමනී ද්වාරය යයි ද කියනු ලැබේ.
දකුණු කෝෂිකාව හැකිළෙන විට හෘදයේ දකුණු පසට ශරීරයෙන් ගෙන එනු ලැබූ අපිරිසිදු ලේ පිරිසුදු කිරීම පිණිස දකුණු කෝෂිකාවෙන් පෙනහැලි දෙකට තල්ලු කර යවයි. ඒ ලේ ආපසු හෘදයට ඇතුළු නොවන සේ අර්ධ චන්ද්‍රකාර කපාටිකා මගින් ඒ ද්වාරය ආරක්‍ෂා වෙයි. ඒ කපාටිකාවන්ට ඵුප්ඵුසීය ධමනි කපාටිකා යයි ද ද්වාරයට ඵුප්ඵුසීය ධමනි ද්වාරය යයි ද කියනු ලැබේ.හෘද ස්පන්දනය නැවතුන විට සිරුරට ඔක්සිජන් නැතිව මිය යන්නට පුළුවනි. හෘදය කි‍්‍රයා කිරීමට රුධිරය අවශ්‍යය. හෘදයට රුධිරය සපයන ධමනිය හෘද ධමනියයි. හෘදයේ මස්පිඩු කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය අම්ලකර (ඔක්සිජන්) ලබා දේ. ධමනිවල බාධා ඇති වුවහොත් ඇතැම් හෘද මස්පිඩු මිය යන්නට පුළුවන. එය හෘද රෝගවලට බලපාන්නට පුළුවන. සමාජය විසින් ‘හෘදය රෝග‘ වශයෙන් හඳුන්වනු ලබන්නේ රුධිරය කැටි ගැසීම හේතු කොට ගෙන හෘදය වස්තුවට රුධිරය සංසරණය වීම බාධාවීම හෝ නැවතීමේ තත්ත්වයයි. මෙම තත්ත්වය ක්‍ෂණික මරණයට හේතු විය හැකිය. මරණය සිදු නොවුවහොත් ඒ හේතු කොට ගෙන අංශභාග තත්ත්වයක් ඇති විය හැකිය.රක්තවාත උණ රෝගවලින් ද හෘදයාබාධ ඇති විය හැක. බැක්ටීරියාවක් මගින් සිදුවන උගුරේ ආබාධයක් ඇත. මේ බැක්ටීරියාව හඳුන්වන්නේ ස්ටේරප්ටොකොක්සි යන නමිනි. මෙයින් හෘදය ඉදිමීමක් ඇති කරයි. රෝගය හෝ ආසාදනය හෝ බලවත් වුවහොත් හෘදයේ කි‍්‍රයාකාරිත්වය දුර්වලවීමට ද පුළුවන. උපතින්ම හෘද රෝග ඇති විය හැක. ස්නායුවක් විකෘති වී වැඩීම නිසා ද එවැනි රෝග ඇතිවේ.
ආත්මා සුරේන්ද්‍ර
______________________________
හෘද රෝග සහ ඒවාට පිළියම්
කොලෙස්ටරෝල් පාලනය කළ හැකි ව්‍යායාම්
හෘද රෝග මිනිස් ජීවිත බිලි ගැනීමේ අන්තරාදායක මෙන්ම ඉතා අවදානම් තත්ත්වයක පවතී. එකී රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රධාන සාධකය වී තිබෙන්නේ කොලෙස්ටරෝල් (hyperlipidemia) සහ triglyceride අධික ලෙස රුධිරයේ අඩංගු වීමයි
අතුරු ආබාධ
මේ තත්ත්වය නිසා මිනිසා ආඝාතය, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි දරුණු ඝනයේ රෝගවලට පවා ලක් කරන්නක්. කෙසේ වෙතත් ශරීරයේ නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීමට නම් හොඳ කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගත යුතුයි. අද ව්‍යායාම් ලිපිය තුළින් විමසා බලන්නේ කොලෙස්ටරෝල් අඩුකර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.
කාර්ය භාරය
කොලෙස්ටරෝල් වර්ග දෙකකට වෙන් කළ හැකියි. එය හිතකර කොලෙස්ටරෝල් (HDL) සහ අහිතකර කොලෙස්ටරෝල් (LDL) ලෙස දැක්විය හැකියි. මෙහි දී හිතකර කොලෙස්ටරෝල් ශරීරයේ වැදගත් කාර්යය භාරයක් ඉටුකරනවා. ඒ අනුව රුධිර නාලවල සිට අක්මාව වෙත කොලෙස්ටරෝල් රැගෙන ගොස් එහිදී විවිධ හෝර්මෝන හා පිත නිෂ්පාදනය කරනවා. එවැනි කාර්යයක් සිදු වන්නේ (HDL) මගිනි. එහෙත් (LDL) තුළින් සිදුවන්නේ අක්මාවේ සිට ශරීරයේ ඉන්ද්‍රියයන් තුළට ගමන්කර එහි ධමනි බිත්ති තුළ තැන්පත් වීමයි. ඒ අනුව රුධිර ගමනාගමනයට බාධා ඇති වෙනවා.
පාලනය කිරීම
මේ කාරණා අනුව බැලීමේ දී රුධිරවාහිනී තුළ තැන්පත්වන කොලෙස්ටරෝල් නිසා ඉහත කී රෝගාබාධ ඇති විය හැකියි. කෙසේ වෙතත් මේ රෝගය පාලනය කිරීම සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය කාරණයක්. එහි දී හිතකර කොලෙස්ටරෝල් වැඩිකරගත හැකි සේම අහිතකර කොලෙස්ටරෝල් අඩු කර ගත හැකියි. ව්‍යායාම තුළින් අනෙකුත් රෝග ලෙස හෘද රෝග, දියවැඩියාව, රුධිර පීඩනය වැනි දෑ ද පාලනය කළ හැකියි.
ව්‍යායාමයට යොමු වීම
ව්‍යායාම කිරීමට පෙර තම වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි. එයට හේතුව වන්නේ කොපමණ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ශරීරයේ අන්තර්ගත ද, ඖෂධ ලබා ගැනීම කළ යුත්තේ කෙසේ ද? යන කාරණා සම්බන්ධව දැන ගත යුතු නිසයි.
ව්‍යායාම් ඉලක්ක
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ හෘදය වස්තුව ආශ්‍රිතව ඇති දරාගැනීම වැඩි කිරීම, පේශිවල ශක්තිය හා දරාගැනීම වැඩි කිරීම, ශරීරයේ බර අඩුකිරීම හා ශරීරයේ තිබෙන හිතකර කොලෙස්ටරෝල් වැඩි දියුණු කිරීමයි. කොලෙස්ටරෝල් අධික පුද්ගලයකු නම් ඉතාම අඩු ව්‍යායාමයෙන් පටන් ගෙන (විනාඩි 5, 10 වශයෙන්) ක්‍රමයෙන් වැඩි කිරීම කළ යුතුයි. එසේ නොමැති වුවොත් වෙනත් සංකූලතා ඇති විය හැකියි
කළහැකි ව්‍යායාම්
ඇවිදීම, පිහිනීම, දිවීම වැනි ව්‍යායාමවලට යොමු විය හැකියි. මේ ව්‍යායාම කිරීමේ දී ශරීරයේ පේශිවල දරාගැනීමේ ශක්තිමත් බව වැඩි වන විට පේශි ශක්තිමත් කරන ව්‍යායාම වෙත යොමු වීම වැදගත්.
ඒ අනුව අඩු බරක් වැඩි වාර ගණනක් එසවීම කළ හැකියි. තම සිරුරේ වෙනසක් ඇති වෙන බව හැඟෙන විට බර එසවීම වැනි ව්‍යායාම වෙත වුව යොමු විය හැකියි. කෙසේ වෙතත් ව්‍යායාම් කිරීමට සුදුසු උපදේශකවරයකුගේ සහය ද ලබා ගත හැකි නම් යෝග්‍යයි. රෝගය පාලනය කරන ඖෂධ නිසා පේශිවල අපහසුතා ඇතිවිය හැකියි. එනිසා වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම වැදගත්.
ව්‍යායාම් අධ්‍යයනය
දීර්ඝ කාලයක් ව්‍යායාම කිරීමේ දී වුව ශරීරයේ වෙනසක් සිදු වන්නේ නැතිනම් ඔවුන් කරන ව්‍යායාම කාලය වැඩි කිරීම අවශ්‍යයි. එසේම විනාඩි 10 - 15 ව්‍යායාම් කළ කාලය විනාඩි 20 - 30 සේ වෙනස් කළ යුතුයි. එසේම බර වැඩි කර ව්‍යායාම් කළ යුතුයි.
මොවුන් fat burning range (හෘදය වස්තුවේ උපරිම වේගය) (220- වයස x 70%) හෘදය වස්තුවේ වේගය වැඩි කර ව්‍යායාම් කිරීම තුළින් උපරිම කොලෙස්ටරෝල් පාලනය කළ හැකියි. තමන් බලාපොරොත්තුවන ඉලක්කයට යාමට ව්‍යායාම කරන ප්‍රමාණය නිතර නිතර සමාලෝචනයට ලක් කිරීම වැදගත්. සංකූලතා අඩුවෙන් වැඩි ව්‍යායාම් ප්‍රමාණයක් කිරීම රෝගීන්ට ඉතාමත් වැදගත්.
No comments:
Post a Comment