Friday, August 29, 2014

කෝමාරිකා Aloe Vera

කෝමාරිකා 
Aloe vera 

වියළි කාලයේ දී මල් හටගන්නා, වසර ගණනාවක් පවතින පැළෑටියක් ලෙස කෝමාරිකා හඳුන්වා දිය හැකි ය. කාන්තාවන්ගේ රෝග සදහා නිතර යෙදෙන හෙයින් “කුමාරිකා” යන නමින් ප්‍රකට වූ කෝමාරිකා, අද වඩාත් ජනපි‍්‍රයව ඇත්තේ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා කන්නා ඖෂධයක් ලෙසයි. කෝමාරිකා විශේෂ කිහිපයක් තිබේ. බෙහෙවින් ඖෂධ සඳහා ගැනෙන්නේ සුදු ලප සහිත පළල් ඝනකම් පත්‍ර ඇති විශේෂයයි.

ඖෂධ සඳහා මාංසල මදය ගනු ලබයි. මාංසලමය පත්‍රවල මතුපිට සිනිඳු හා ඉතාමත් දිලිසෙන සුළු බවක් ගනී. පත්‍ර දාරය දිගේ කටු සහිතයි.

වියළි කලාපයේ ශුෂ්ක ප්‍රදේශවල ස්වභාවිකව දක්නට ලැබේ. මෙය LILIACEAE (රසෝන) කුලයට අයත් වේ. ALOE BARBADENSIS MILL යනු මෙහි උද්භිද විද්‍යාත්මක නාමයයි.

සම සුන්දර කරගැනීමට අමතරව බොහොමයක් වූ සෞඛ්‍යය ප‍්‍රතිලාභයන් ඉන් ලබා ගැනීමටද හැකියාව තිබෙනවා. කෝමාරිකා රෝග රැසකට ප්‍රතිකාර වශයෙන් නිවෙසේදීම යොදාගත හැකිය.
මේ දැක්වෙන්නේ එවැනි රෝගවලට ප්‍රතිකාරය ....

1 • ශරීරයේ බර අඩුකරගැනීමට උපකාරී වෙනවා.

හිසෙහි සහ සමෙහි ඇති සෛල වලට පෝෂකයන් සැපයීම සදහා ක‍්‍රියාකරන්නේ කෝමාරිකා වල ඇතුලත් වෙන (කලජන්)කියන කොටසයි. පහසුවෙන් ජීරණය නොවෙන එම කොටස ජීරණය වීම සදහා වැඩි ශක්ති ප‍්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහි ප‍්‍රතිපලයක් වශයෙන් ශරීරයේ බර වැඩි වශයෙන් අඩු වීමක් සිදු වෙනවා. ශරීරයේ බර අඩු කරගැනීම සදහා නොයෙකුත් ක‍්‍රමයන් අත්හදා බලනු ලැබූ ඔබ මෙම ක‍්‍රම වේදයත් එක් වරක් හෝ අත්හදා බලා වෙනස වටහා ගන්න...සැලකිය යුතු කරුණක් නම් කෝමාරිකා සාමාන්‍ය ප්‍රමාණයකට ශරීරගත කරගන්නවා මිසක් වැඩිපුර ශරීර ගත කිරීමෙන් වලකින්න ...

2 • ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු වීම.

කෝමාරිකා යුෂ වල අන්තර්ගත ප‍්‍රතිඔක්සිකාරකයන් දවස පුරාම ඔබේ ශරීරය ආරක්ෂා කරගැනීම සදහා ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. තවද ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වයන් විධිමත් කිරීමක්ද එම යුෂ මගින් සිදු කරනවා.

3 • බඩ පපුව දැවිල්ලට

කෝමාරිකා ශාකයේ සාරය (යුෂ) හැන්දකට සීනි ස්වල්පයක් එක්කර බොන්න.

4 • ආහාර අප්‍රිය අයට

කෝමාරිකා යුෂ දෙහි ඇඹුල් බිංදු කිහිපයකට උණු වතුර එක්කර ටිකෙන් ටික බීම සුබයි.

5 • මලබද්ධයට ප‍්‍රතිකාර කිරීම.

මලබද්ධය කියන රෝගී තත්වයෙන් පෙලෙන අයට හැකියාව තිබෙනවා කෝමාරිකා යුෂ පානය කොට මිනිත්තු 10ක් පමණ රැුදී සිට එහි විශ්මිත ප‍්‍රතිපලයන් ලබා ගැනීමට. බඩවැල් වල සංචලනයටද මෙම කෝමාරිකා යුෂ උපකාරී වෙන නිසා බොහෝ කාලයක් පැවති මලබද්ධය කියන රෝගී තත්වයද සුව කරගැනීමට ඉන් හැකියාව තිබෙනවා. මෙම කෝමාරිකා යුෂ වැඩි වශයෙන් පානය කිරීමෙන් ඔබ වැලකිය යුතු වෙනවා මොකද ඒ හේතුවෙන් මහබඩවැලේ බිත්ති වලට හානි වීමට හැකියාවක් තිබෙනවා.

6 • ප්‍රදාහයකියන තත්වය සුව කරගැනීම.

ප‍්‍රදාහය කියන තත්වය සමනය කිරීමට සමත් දෑ 10ක් පමණ කෝමාරිකා වල අන්තර්ගත වෙන බවද ආතරයිටිස් (සන්ධිප‍්‍රදාහය* රෝගයෙන් පීඩා විදින රෝගීන් සදහාත් ඒවා ්කදැ ඩැර්

7 • දියවැඩියාවට හොද ප‍්‍රතිකාරයක්.

එක දිගට මාස 3ක් පමණ කෝමාරිකා යුෂ භාවිතා කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අවම කරගැනීමට හැකියාව තිබෙන බව සොයා ගෙන තිබෙනවා. දියවැඩියාව පාලනය කරනවාට අමතරව එමගින් රුධිර සන්සරණයද වැඩි කරන බව වැඩි දුරටත් සොයා ගෙන තිබෙනවා.කෝමාරිකා යුෂ වැඩි වශයෙන් පානය කිරීමෙන් මහබඩවැලේ බිත්ති වලට හානි වීමට හැකියාවක් තිබෙන බැවින් ගන්නා කෝමාරිකා යුෂ ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න ...

8 • මුත්‍රාශයේ දැවිල්ලට සහ පුරුෂ ධාතු අඩු අයට

කෝමාරිකා යුෂ ස්වල්පයක් ගෙන වීදුරුවකට දමන්න. එයට තැඹිලි වතුර වීදුරුවේ ප්‍රමාණයට එකතු කරන්න. හිමිදිරියේ හිස්බඩ පානය කරන්න.

9 • සුන්දර සමක් ලබා ගැනීම.

සම වයසට යෑම වලක්වන (කලජන) කෝමාරිකා යුෂ වල ඇතුලත් වෙනවා. සම වයසට යෑම වලක්වන පෝෂක පදාර්ථයන් සමට ලබා දීමට (කලජන) සමත් වෙනවා. ඒවගේම කැපීම සහ පිලිස්සීම සදහා වූ ප‍්‍රතිකාරයක් වශයෙන්ද කෝමාරිකා යුෂ භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා මදය එකෙනෙහිම ගෑමෙන් දැවිල්ල පහ වී, දිය පට්ටා ඇති වීම වළකන්නේ පිළිස්සීමක දීය.

10 • හිසකෙස් වර්ධනයට

කෝමාරිකා මදය හිසකෙස්වල හොඳින් තවරා මිනිත්තු 10 කට පසු සිසිල් දියෙන් සෝදා හරින්න. මෙය නිතර සිදු කළේ නම් දීප්තිමත් සහ කළු පැහැ කෙස් කළඹක් ඔබට හිමිවේ.

විසිතුරු පැළෑටියක් ලෙස කෝමාරිකා ශාකය බඳුන්වල වගා කළ හැකි ය.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

කෝමාරිකා කාන්තාවන්ගේ සම වර්ණවත් කරන පිරිසුදුකාරකයකි. කෝමාරිකා ශාකයේ සාරයේ සිසිලස කාන්තාවන්ගේ රුව වඩවයි. කෝමාරිකා උපයෝගි කරගෙන සකස් කරගත හැකි රූපලාවණ්‍ය ඔෟෂධ කිහිපයක් බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය
සූරාගත් කෝමාරිකා මදය (යුෂ),මුදවාගත් කිරි
අමුකහ,මී පැණි

සාදාගන්නා ආකාරය
මේ සියල්ල පදමට ගෙන මුහුණේ පැයක් පමණ තබන්න. පසුව වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් මුහුණ සෝදන්න. මුහුණට ප්‍රියමනාප පෙනුමක් ලබාදෙයි.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

තද කළු ලප, කුරුලෑ බිබිළි සහ තෙල් සහිත සමකට කෝමාරිකා ඔෟෂධීය ගුණය රැගත් රූපලාවණ්‍ය ප්‍රතිකාරකයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

• කෝමාරිකා යුෂ
• මුංඇට
• අමුකහ
• සුදු හඳුන්

සාදා ගන්නා ආකාරය
මුලින්ම මුංඇට හොඳින් තම්බා පිටිකර ගන්න. (අඹරා ගන්න) පසුව කෝමාරිකා යුෂ, අමුකහ, සුදු හඳුන් උරගා මේ පිටිකර ගත් මුං ඇටවලට දමන්න. මෙය මුහුණේ හොඳින් ආලේප කරගන්න. පසුව වෙනිවැල් තැම්බූ වතුරෙන් සෝදන්න.12287

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ශරීරයම වර්ණවත් කරන ආලේපනයක්

අවශ්‍ය ද්‍රව්‍ය
• කෝමාරිකා යුෂ කෝප්පයක්
• තැඹිලි වතුර හැඳි 5
• සුවඳ කොට්ටන් කුඩු තේ හැන්දක්
• සැවැන්දරා කුඩු තේ හැන්දක්
• ඉන්දියන් කහ කුඩු තේ හැන්දක්
• දෙහි බින්දු 2ක්
• රෝස වතුර තේ හැඳි 5ක්
• ‍ෙදාඹ තෙල් හැඳි 5ක්
• මුදවපු කිරි තේ හැඳි 2ක්
• මී පැණි හැන්දක්
• බිත්තර සුදු මදයක්, කොහොඹ කොළ යුෂ හැඳි 5ක්
එඬරු තෙල්, එඬරු කොළ තම්බා ගත් වතුර

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කරගන්න. පසුව විනාඩි 25ක් පමණ බේ‍රන්ඩර් කරගන්න. පෙණනඟින තුරු බේ‍රන්ඩර් කර ගත්තාට පසු මී පැණි සහ මුදවපු කිරි දමා නැවත විනාඩි 20ක් පමණ බේ‍රන්ඩර් කරගන්න. පසුව පිරිසුදු මැටි බඳුනක් ගෙන මේ මිශ්‍රණය එයට දමන්න. වාතය ඇතුළු නොවන ලෙසට හොඳින් එහි කට ආවරණය කරන්න. පසුව එය සතියක් පොළොව යට වළලන්න. සතියකට පසු මිශ්‍රණය සහිත මැටි බඳුන ගෙන තැඹිලි වතුර හැඳි 5ක් සහ බිත්තර සුදු මදය, කොහොඹ කොළ යුෂ හැඳි 5ක් එයට දමා විනාඩි 15ක් පමණ බේ‍රන්ඩර් කර ගන්න. මේ මිශ්‍රණය උකුවට සකස් කරගත් පසු මුහුණ, බෙල්ල, අත්, පා, ඇඟිලි, උදරය ආදී ශරීරය පුරා හොඳින් ආලේප කරන්න. විනාඩි 45කට පසුව උණු වතුරෙන් සෝදන්න. පසුව එඬරු තෙල් ගෙන ශරීරයේ ආලේප කරන්න. විනාඩි 15කින් බෙහෙත් එඬරු කොට තම්බාගත් වතුරෙන් සෝදා හරින්න. මේ ප්‍රතිකාරය දෙසතියකට වරක් කරන්නේ නම් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය

No comments:

Post a Comment