Friday, August 29, 2014

සිනාසෙන විපස්සනා ගුරුවරයා The Monk Budai

බුදු දහම මහායාන සහ ථේරවාද යනුවෙන් කොටස්‌ දෙකකට බෙදෙනවා. ථේරවාදයේ ප්‍රධාන තැනක්‌ හිමිවන්නේ ගෞතම බුදු රාජාණන් වහන්සේට, මහායානයේ ප්‍රධාන තැන හිමිවන්නේ මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන්ට ශ්‍රී ලාංකික අප අදහන ථේරවාද "බුදු දහමේ බුදු රජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් ගැන කියන පන්සිය පනස්‌ ජාතක කතා වගේම මෛත්‍රී බුදුන්ටත් චීන සංස්‌කෘතිය අනුව ගොඩ නැගුණු ජාතක කතා තිබෙනවා.

මෛත්‍රී බෝධි සත්වයන් ඉතාම ප්‍රියමනාපව සහ ආකර්ෂණීය පෞරුෂත්වයකින් යුත් අයෙක්‌ ලෙස චීන සංස්‌කෘතියේ දැක්‌වෙනවා. මෙම රූප ශොභාව නිසාම විවිධාකාරයෙන් කාන්තාවන් සම්බන්ධ ගැටලුවලට මැදිවෙන්නට උන්වහන්සේට සිදුවුණා. එම නිසාම " මා මතු භවයක උසුළු විසුළු පෙනුමක්‌ ඇතිව, නමුත් මාගෙන් පිහිට පතන අයගේ ප්‍රාර්ථනා ඉටුකරදෙන ශක්‌තියක්‌ ද, ඇතිව ඉපදේවා" කියා ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ අනුව තමයි මෛත්‍රී බෝධිසත්වයන් තුළින් ලාෆින් බුද්ධා ( Budai ) චරිතය උපත ලබා තිබෙන්නේ.

අද බොහෝ තැන් වල විලාසිතාවක් මෙන් ඔබ ඔබා ඇති ලාෆින් බුද්ධා යනුවෙන් හඳුන් වන පිළිම ඔබ කොතෙකුත් දැක ඇත. තමන්ට ලාභ ප්‍රයෝජන ගෙන එනවා කියා යන මිත්‍යා විශ්වාසය නිසා මෙලෙස මෙම පිළිමය හැමතැනම ගොඩ ගසා ඇත. එහෙත් මෙම පිළිමය යට ඇති සැබෑ කතාව කුමක්ද? පැරණි චීන සෙන්(zen) කතාවක මෙහි සැබෑම යට ගියාව ඇත. බොහෝ කලකට පෙර චීනයේ නගරයක මෙම භික්ෂුව වාසය කරා. මේ භික්ෂුවට පන්සලක් තිබුනේ නැහැ. පාරේ තැන තැන තමා එතුමාගේ පන්සල වුනේ. ඒ වුණාට අනෙක් භික්ෂුන් වහන්සේලා අතරින් මෙතුමා මහා විපස්සනා ගුරුවරයෙක් ලෙස යි ප්‍රසිද්ධ වුනේ. මෙතුමා කරේ මල්ලක් එල්ලගෙන ගෙන් ගෙට ගොස් රස කැවිලි, සෙල්ලම් බඩු එකතු කරගෙන ගිහින් නගරයේ කුඩා දරුවන්ට දෙනවා. මෙහෙම ගෙන්ගෙට ගිහින් මේවා ඉල්ලනකොට සමහර මිනිස්සු හොඳටම මුන්වහන්සේට බනිනවා. එතකොට මෙතුමා මහා හඬින් සිනා සෙනවා. සමහරු එතුමාගේ ගුණ කියනවා. එතකොටත් ඒවා අහලා එතුමා මහා හඬින් හිනා වෙනවා. දවසක් මෙතුමා පාරේ යද්දී තවත් විපස්සනා ගුරුවරයෙක් හම්බුනා. ඒ ගුරුවරයා මේ හිනැහෙන භික්ෂුවගෙන් විපස්සනව කුමක්දැයි විමසුවා. එතකොට මේ භික්ෂුව තමන්ගේ මල්ල බිමින් තබා මහා හයියෙන් සිනාසුණා. ඒ විපස්සනාව වඩන්නේ කොහොමද කියල ඇහුවාම, නැවත ඒ මල්ල කරට ගෙන මහ හයියෙන් සිනාසුණා.. එකෙන් එතුමා අදහස් කරේ විපස්සනාව කියන්නේ නම් සියල්ල අත්හැරීම කියලා..ඒක වඩන්නේ සියල්ල අල්ලගත්තු එකේ බර හොඳට විඳවලා කියන එක පෙන්වන්න තමා එතුමා නැවත මල්ල කරට ගත්තේ. කලක් යද්දී මේ හිනැහෙන භික්ෂුව පිස්සෙක් කියල ඒ නගරේ මිනිසුන් ගහලා එලෙව්වා... එක්තරා දවසක් උදේ නගරවැසියන් අවදි වූ පසු දැක්කා අර භික්ෂුන් වහන්සේ පාරේ අයිනේ අපවත් වෙලා. මිනිස්සු හැමෝම වට වුණා. එතුමන්ගේ අතේ කොලයක් ගුලි කරගෙන තිබුනා. මිනිස්සු ඒක අරගෙන බැලුවා. එකේ මෙහෙම තිබුණා.. "උඹලත් එක්ක මෙච්චර කල් මම ජිවත් වුණා. එත් කාටවත් මාව අඳුරගන්න බැරි වුණා. මම තමයි මෛත්‍රෙය."
....................මිනිසුන් මවිතයට පත්විය .........

No comments:

Post a Comment