මහා ඇලෙක්සැන්ඩර් රජතුමා රාජධානි විශාල සංක්‍යාවක් අත්පත් කරගැනීමෙන් පසු.ආපසු සිය රට බලා එන අතරමග තදබල ලෙස අසනීප වීය.තමාගේ ජයග්‍රහනය,බලගතු හමුදාව,ධනය ආදියෙන් කිසි පලක් නැති බව ඔහුට ඒ අවස්ථාවේ අවබෝදවිය.
රජතුමා ඔහුගේ සෙනාධිපතින් කැදවා මෙසේ කිවේය.
"මම මේ ලෝකයෙන් ඉක්මනින්ම සමුගන්නවා.නමුත් මගේ ඉල්ලීම් තුනක් තියෙනවා
කරුණාකර ඒවා ඉෂ්ට කරන්න"කදුළු පිරිදෙනෙතින් යුතුව සේනාධිපතිවරු එයට එකග වුහ.
* මගේ පළමුවෙනි ඉල්ලීම මගේ මිනි පෙට්ටිය සොහොන දක්වා ගෙන යායුත්තේ මගේ වෛද්‍යවරුන් විසිනි
* දෙවැනි ඉල්ලීම මගේ සොහොනට යන පාරදිගේ මගේ බන්දගාරයේ ඇති සියලුම රන් රිදී මුතු මැණික ආදිය සියල්ල විසිරුවන්න.
* මගේ තුන්වන ඉල්ලීම මගේ මිනිපෙට්ටියෙන් එලියට මගේ අත්දෙක දෙපැත්තට එල්ලෙන්න හරින්න
රජතුමා වටා සිටි අය රජතුමාගේ මේ මේ ඉල්ලීම් ගැන පුදුම වුහ.එහෙත් ප්‍රශ්න කිරීමට තරම කිසිවෙක් එඩිතර නොවුහ.
එවිට රජුගේ ඉතාම සමීප සෙන්පතියෙක් රජුගේ අත සිඹ මෙසේ විමසිය.
මහරජතුමනි අප ඔබගේ ඉල්ලීම් තුන ඉටුකරන්නෙමු එහෙත් මෙවන් පුදුමාකාර ඉල්ලීම් තුනක් කරන්නේ ඇයි දැයි පැහැදිලි කරනු මැනවි .
ඒ අවස්ථාවේ රජු ලොකු හුස්මක් ගෙන මෙසේ පැවසිය .
"මා ජීවිතයේදී ඉගෙනගත් පාඩම් තුනක් ලෝකයට කියාදීමට කැමැත්තෙමි .මගේ මිනීපෙට්ටිය මගේ වෛද්ය්වරුන් ගෙනයායුතු යැයි මා කියන්නේ ලෝකයේ කිසිවෙකුට ලෙඩරෝග සදහටම නිවාරණය කළනොහැකි බව කියාදිමටය .මා මරණයෙන් බේරීමට ඔවුන් අසමත්ය"
"මා උපයාගත් දනය සොහොන දක්වා බිම අතුරවන්න යැයි කියන්නේ මා ඉපැයූ දෙයින් අබමල් රේණුවකවත දෙයක් මට රැගෙන යා නොහැකි බවත් ධනය පිටුපස යෑම නිෂ්ප්‍රයෝජන දෙයක් බව කියා දීමටයි"
"මගේ අත් මිනිපෙට්ට්ටියෙන් එලියට එල්ලෙනට හරින්න යැයි කිවේ මා මේ ලෝකයට හිස් අතින් ආ අතර හිස් අතින්ම යන බව කියා පෑමටයි."
රජුගේ අවසාන වචනය වුයේ " මගේ මිනිය වලලන්න .මා වෙනුවෙන් සමාකර නොසදන්න.මා මැරෙන විට මට ගෙනියන්නට මගේ අත්දෙකේ කිසිවක් නොතිබූ බව ලෝකයාට දැනගන්න මගේ අත් එලියට දාන්න "
How to get casino site without a deposit, without any deposit
ReplyDeleteOnce you have the funds in the deposit luckyclub form, you will not have to deposit any money into your casino account, simply download the free casino